ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැවැන්තම බෝනස් දීමනාව | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැවැන්තම බෝනස් දීමනාව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු කෝටි 760ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව සිය ජීවිත රක්ෂණ සැලසුම් හිමියන් වෙත ප්‍රධානය කරන අතර 2006 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 5000කට අධික මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රධානය කොට තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ප්‍රකාශයට පත්කිරීමත් සමගම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම බෝනස් දීමනාව ලෙස 2018 වර්ෂයේ ප්‍රදානය කළ රු කෝටි 680ක වාර්තාව බිඳහෙලමින් සිය වාර්තාව අලුත් කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව ඇති අතර වසරින් වසර රක්ෂණ ක්ෂේත්‍රය තුල පූර්වාදර්ශ සපයන්නට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ක්‍රමවත් ආයෝජන කළමනාකරණ උපායමාර්ග හා රු. බිලියන 105වන රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදල සිය ජීවිත රක්ෂණ සැලසුමි හිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීම සඳහා හේතුවී ඇති අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට රු බිලියන 197 ක් වන රක්ෂණ ක්ෂේත්‍රයේ අසමසම වත්කමි සමිභාරයකටද හිමිකමි කියයි.

සමාගම ආරම්භයේ සිට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේ වැදගත්කම ශ්‍රී ලාංකීය ජනතාවට අවබෝධ කරදීම සිය අරමුණු අතර ප්‍රමුඛ ස්ථානයක ලා සලකන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විටද ශ්‍රී ලංකවේ සෑම ප්‍රදේශයකටම ජීවිත රක්ෂණයේ පණිවිඩය රැගෙන යන මෙහෙවරේ පෙරගමන්කරු ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පරමිපරා ගණනක් තිස්සේ දිනාගත් ජනතා විශ්වාසය තහවුරු කිරීමට සමාගම විසින් ළඟාකරගෙන තිබෙන ගෞරව සම්මාන සාක්ෂි දරණ අතර 2019 වසරේද බ්‍රෑන්ඩි ෆිනෑන්ස් මගින් වසරේ “වඩාත්ම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය“ ලෙසත් වසරේ “වඩාත්ම ජනාදරයට පත් පාරිභෝගික සන්නාම“ අතර තෙවන ස්ථානය ලෙසිනුත් ගෞරවයට පාත්‍ර වීම මෑතකදී ලබාගත් ඉහළම ජනතා සම්මානය ලෙස දැක්විය හැකිය.

Comments