චෞර ශිෂ්‍යයා | සිළුමිණ

චෞර ශිෂ්‍යයා

බන්කේයි හිමි­යන්ගේ විශේෂ භාවනා පන්ති­ව­ලට ජපා­නයේ නොයෙක් පෙදෙ­ස්ව­ලින් සිසුහු පැමි­ණෙති. මෙබඳු එක් භාවනා පන්ති වාර­යක පැමිණි සිසුන් අතු­රින් එක් ශිෂ්‍ය­යෙක් සොර­ක­මක් ‍කොට අසු විය. මේ බව දත් සෙසු සිසුහු ඔහු ආරා­ම­යෙන් නෙරපා හරින ලෙස ඉල්ලූහ. එහෙත් ගුරුතු‍‍මෝ පැමි­ණිල්ල විභාග නොකොට ම ඉව­ත­ලූහ.

පසු වතා­වක නැවත වරක් ශිෂ්‍යයා සොර­ක­මක් කොට අසු වූයේ ය. එව­රද බන්කේයි හිමියෝ පැමි­ණිල්ල ඉවත ලූහ.

මෙයින් කෝපා­විෂ්ට වූ අනික් ශිෂ්‍යයෝ, හොරා ආරා­ම­යෙන් බැහැර නොක­ළ­හොත් තමන් සියලු දෙනාම ඉවත්ව යන බව සඳ­හන් කොට අත්සන් තබා පෙත්ස­මක් මඟින් දැනුම් දුන්හ. පෙත්සම සැල­කි­ල්ලෙන් කියවූ බන්කේයි හිමියෝ, සිය­ලුම සිසුන් තමන් වෙත කැඳ­වූහ.

“ඔබ හැම දෙනා ම ඥාන­වන්ත උද­විය. ඔබලා දන්නවා, හොඳ කියන්නේ මොකක්ද? වැර­දියි කියන්නේ මොකක්ද? කියලා. ඔබලා කැමති නම් වෙන කොහේ හරි ගිහිල්ල තව­දු­ර­ටත් ඉගෙන ගන්න. නමුත් මේ අස­ර­ණයා හරි වැරදි අඳු­නන්නේ නැහැ. ඔහුට හරි - වැරදි ගැන මංවත් කියලා දෙන්නේ නැත්නම් වෙන කවුද කියල දෙන්නේ? ඒක නිසා ඔබලා සියලු දෙනාම මං අත­හැ­රලා ගියත් මං මේ අස­ර­ණයා තියා ගන්නවා.”

බන්කේයි හිමි­යන්ගේ කතාව අසා සිටි සොර­කම් කළ ශිෂ්‍යයාගේ දෙනෙ­තින් කඳුළු කඩා හැළිණි. ඉන්පසු ඔහු කිසි­දි­නක සොර­කම් නොක­ළේය.

(උපුටා ගැනීම - ජපන් සෙන් කතා­වක් ඇසු­‍ෙරනි)

ආර්.එම්. සශ්මික ප්‍රභා­ෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යා­ලය,
කොළඹ 10.

Comments