කවි මඬල | සිළුමිණ

කවි මඬල

යාල් දේව් ඔබ

යාල් දේවි යකඩ ගොඩට
ගාල් වුණේ එක රොත්තට
සුරග විරග රණ විරුවෝ
මුදා ගන්න ක්‍රස්ත මාර
ජීවිත පර­දු­වට තබා
එදා යාල් පානම්හි
යුද වැදි මහ විරුවෝ මය
කෝච්ච්යේ යකඩ වළලු
සිසිල් අයිස් කැට විල­සින්
ඔබට එදා සිසිල බෙදු
වා රැලි හා මුසුව ගියේ
අති­ත­යක දේශ හිත­යිශි බව­මය
එකම ධජ­යක් යටට ගෙන එන
අබි­ම­නින් යුද වදි සිටි ඔබ
එදා සිරුරේ ගැලූ ලේ පොද
පොලෝ තල­යට නොහෙළු­වත්
අද මෙසේ ඒ රුධිර ධාරා
පේළි අතරේ මුදා හැරියේ
දෛවයේ සර­ද­මට දෝ...
එකම සත්ත­යය
සදා සත්ත­යය
උප­න්නොත් ලොව
කිසි­වෙ­කුත් හෝ
කෙසේ හෝ මියැ­දිය යුතුයි
එයයි ලෝකයෙ ධර්ම­තා­ව
කිසි­වෙ­කුට හෝ
වෙනස් නොකෙ­ළෙකි
දිවි පිදු විරු­වනේ
ඔබට අපි දිවි­තුරා
ණය­ගති වෙමුය
මිනි­සත් නාම­යෙන්..

කිවි­පති, කලා­භු­ෂණ
ඩබ්ලිව්. කේ.
සරත් විම­ල­සිරි


පාතිමා නංගියේ

උඹට මත­කයි ද මං පාතිමා නංගියේ
අපි එකම බැච් එකේ සර­ස­විය කැල­ණියේ
පර්දාව නුඹෙ ගතට නව හැඩක් එක් කළේ
සොයුරු දම අපි ගාව නැත බිඳුණෙ කිසි දිනේ
හමු වුණේ නැතත් අප සර­සවි යුගෙන් පසු
බොඳ වෙලා නැහැ අපේ පෙර මතක සට­හන්
කළු වලා­වෙන් පසු පාස්කුවෙ ඉරු දිනේ
හිත මගේ වද දෙයි පව­සන්න හිත මගේ‍
ජාතියේ ලේබ­ලය අපි උඹල වෙන් කළත්
එකම ලේ මස් වලින් හැදුණු පංච­ස්කන්ද
ඉස්ලාම් දහ­මින් නැතිද හෙළි­වෙන්නෙ
මිරි­ඟු­වක් වුණා­වත් ද කුරා­නය සහ­රාන්ට
නංගියේ උඹත් දැන් සිව් දරු මවක් නේ
අම්මලා දරුවෝ එකම ලේ විලක් මැද
මිනිස් කම නොහ­ඳු­නන මේ නරු­ම­යන් හට
මොන දිව්‍ය ලෝකෙද දොර­ගුළු හැරෙන්නේ

මිය­න්මා­රයේ සිට
ජය­සේන කොඩි­තු­වක්කු
 


කිමද රැඳුණෙ හදවතේ

කිමද රැඳුණෙ
ලියන්නට බැරි
පදවැලක් වී...
ගයන්නට බැරි
ගීතයක් වී...
වයන්නට බැරි
තාලයක් වී...
කිමද ඇවිදින් රැඳුණෙ
නුඹ මගෙ හදවතේ
සිසිල නොගෙනෙන
සුළං රැළි වී...
එළිය නොමදෙන
තාරුකා වී...
මඟ නොපෙන්වන
වළාකුළු වී...
කිමද අවිදින්
රැඳුණෙ නුඹ මගෙ
හදවතේ මකන්නට බැරි
තනි ඉරක් වී
ලිහන්නට බැරි
ගැට පෙළක් වී
නිවන්නට බැරි
ගින්දරක් වී
කිමද ඇවිදින්
රැඳුණෙ නුඹ
මගෙ හදවතේ

තෙල්මා වයෝමි


ඉතින් පව­සන්න කැඩ­පත

කල් පිරී පත් ලිහන දින දසුන
අසං­වේදී බැල්ම­කින්
දෙනෙත් මා දෙසම
තෙත් බරිත සුසුම්
කැඩ­ප­තෙහි ගැටෙන
අඳුරු කෙරු­වාද තව
මා දසුන
වියළි චුම්බ­න­ය­කින් සමු ගෙන
තටු ලැබී ඉගිළ යයි
ඒ දෙනෙත්
මට පෙනී...
නොපෙ­නෙ­න්නට
ඉතින් පව­සන්න කැඩ­පත
රඹ පැහැති කොපුල්
සුරත් පෑ ලවන්
වලා කෙහෙ­රැළි
තැනින් තැන රන් පාට එබෙන
නතර කර­න­වාද
ඒ දෙනෙත්
මඟ තොට

වින්යා ජය­සේ­කර

අදහස්