පළාත් සභා ඡන්දෙ මුලින්? | සිළුමිණ

පළාත් සභා ඡන්දෙ මුලින්?

පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් ඉදිරියේදි පැවැත්වෙන බවට දේශපාලන වේදිකාවල නිරන්තරයෙන් කතාබහට ලක්වූ අතර, පළාත් සභා මැතිවරණය ඉන් පසුව පවත්වනු ඇතැයි බොහෝ දේශපාලනඥයෝ සඳහන් කළහ.

එහෙත් ලබන සැප්තැම්බර් මාසයට ආසන්න කාලයකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මේ වන විට දේශපාලන නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවට දේශපාලන පක්ෂ අභ්‍යන්තර තොරතුරුවලින් පැවසේ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු බවත්, ඒ සඳහා තමන් සූදානමින් සිටින බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

Comments