අන්තර්ජාතික පාසල් සම්මාන උලෙළේදී ඇලීතියා පැසසුමට | Page 2 | සිළුමිණ

අන්තර්ජාතික පාසල් සම්මාන උලෙළේදී ඇලීතියා පැසසුමට

ඇලීතියා පාසල සහ ඇලීතියා අන්තර්ජාතික පාසල ඉන්දියාවේ පැවති අන්තර්ජාතික පාසල් සම්මාන උලෙළේ දී හොඳම පහසුකම් සහිත පාසල සහ හොඳම පාසල ලෙස සම්මානයට පාත්‍ර වෙයි. ලෝකය පුරා රටවල් 51ක අයැදුම්කරුවන් 9673ක් අතුරින් ඇලීතියා මේ ජයග්‍රහණය හිමි කරගෙන තිබේ. අධ්‍යාපන පහසුකම් නංවාලීමේදී පාසල් පරිපාලනය අනුගමනය කර ඇති උසස් අන්තර්ජාතික ප්‍රමිතිය මේ ඇගයීම් මඟින් තහවුරු වෙයි.

එහිදී එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සහ සම්බන්ධිකරණ විදුහල්පතිනිය වන ඇනීට්‍රා පෙරේරා 2019 වසරේ ව්‍යවසායක අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙරට පළමු ඩිජිටල් පාසල ලෙස ඇලීතියා ජාත්‍යන්තර පාසල ඩිජිටල්කරණය කිරීම සඳහා වන ක්‍රියාවලිය මෙරට අධ්‍යාපනය අන්තර්ජාතික වශයෙන් ප්‍රමිතිගත කිරීමකි. එම කැපවීම අගය කිරීමක් ලෙස 2019 වසරේ හොඳම ව්‍යවසායක අධ්‍යක්ෂවරිය සඳහා වන සම්මානය ඇනිට්‍රා පෙරේරා වෙත පිරිනැමීමත් සමඟ ජාත්‍යන්තර සම්මානයක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ප්‍රථම වයස අවුරුදු 30ට අඩු ව්‍යවසායකවරිය ලෙසට ඇය කීර්තියට ලක්වෙයි.

සිය පාසල ලත් ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වූ ඇනිට්‍රා පෙරේරා සඳහන් කළේ ISA India 2019 හිදී සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලාංකේය අධ්‍යාපනය අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබීම සඳහා ඇලීතියා පාසල ගෙන ඇති සාධනීය පියවර තවදුරටත් ශක්තිමත් කරවන බවයි. තමන් සිහින දුටු පාසල නිර්මාණය කිරීම තම දර්ශනය බව සඳහන් කළ ඇනිට්‍රා පෙරේරා සඳහන් කළේ ඇලීතියා පාසල ගත වූ වසර 90 තුළ එ් සඳහා අවංක චේතනාවෙන් යුක්තව අධිෂ්ඨානශීලීව කැපවූ බවයි.

 

Comments