යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය ලාභාංශ පදනම් කරගත් රක්ෂණ සැලසුම් සඳහා 2018 වසරට අදාළව 10% ක ලාභාංශය අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2018 වසර සඳහා වෙළඳපොළේ සාමාන්‍ය ලාභාංශ අනුපාතය වූයේ 8.85% කි. ඒ අනුව නැවත වරක් සාමාන්‍ය අගයට වඩා ඉහළ ලාභාංශ අනුපාතයක් ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ. ලාභාංශ පදනම් කරගත් සැලසුම් ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ට, එම සැලසුම් වලට අදාළ ජීවිත රක්ෂණ අරමුදලේ ආයෝජන ඉපැයුම් අනුව මෙම ලාභාංශ හිමි වේ. සෑම සැලසුම් හිමියෙකු වෙනුවෙන්ම ආයෝජන ගිණුමක් පවත්වාගෙන යනු ලබන අතර, මාසික සංයුක්ත පදනමක් යටතේ අදාළ ගිණුමට ලාභාංශ බැර කරනු ලබයි. යුනියන් ඇෂුවරන්ස් ‘ලාභ සහිත’ සැලසුම් ලබාගෙන ඇති පුද්ගලයන්ට වාර්ෂිකව බෝනස් මුදලක්ද හිමි වනු ඇත. මෙය 2018 දෙසැම්බර් 31 දින සිට සැලසුමට අදාළව වර්ෂයක් සම්පූර්ණ වූ පසු ඔවුන්ගේ ගිණුම් වලට බැර වේ. සියලුම සැලසුම් හිමියන්ට තම බෝනස් සහ ලාභාංශ සහතික ඉදිරියේදී ලැබෙනු ඇත.
ආයෝජන ඉතාමත් විධිමත් ලෙස කළමනාකරණය කිරීම සහ සමාගමේ මූල්‍ය ශක්තිය වැනි සාධක නිසා, සැලසුම් හිමියන්ට මේ ආකාරයට ඉහළ ප්රතිලාභ ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකිවී තිබේ. එමෙන්ම ඉදිරියේදී තම ප්රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා ප්‍රමුඛතා සේවා ක්‍රමයක් හඳුන්වා දීමටද සමාගම මේ වනවිට කටයුතු සැලසුම් කර ඇත.