ලෝක කුසලානය සිත් සේ විඳින්න PEO TV සබඳතාව දෙදහස් පන්සීයකට | සිළුමිණ

ලෝක කුසලානය සිත් සේ විඳින්න PEO TV සබඳතාව දෙදහස් පන්සීයකට

 මෙරට වැසියන්ගේ රූපවාහිනී නැරඹීමේ සම්ප්‍රදාය අපූර්ව වෙනසකට ලක්කරමින්, දේශීයව මෙන්ම ජාත්‍යන්තරයෙන්ද විකාශය වන රසවින්දනය සහ දැනුම නොමදව පිරිනමන SLT PEO TV සබඳතාව මෙම ක්‍රිකට් ලෝක කුසලාන සමයේ කැපී පෙනෙන අඩුකළ මිලට පිරිනැමීමට කටයුතු යොද තිබේ.

ඒ අනුව රුපියල් 6990ක් වන SLT PEO TV සබඳතාව දැන් රුපියල් 2500ක් තරම් අඩුකළ මිලට හිමිකරගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රසය ඔබේ නිවසේ ආලින්දයේ සිට මෙන්ම යන එන ගමන බිමනේදී ඔබේ ජංගම දුරකථනය ආදී තාක්‍ෂණික උපකරණයකින් පවා විඳගැනීමට අවස්ථාව සලසා ඇත. එපමණක් නොව, මෙම විශේෂ දීමනාව බලපවත්වන කාලයේදී ඔබ විසින් ලබාගන්නා SLT PEO TV සබඳතා වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමකින් LED රූපවාහිනී 6ක්, ක්‍රිකට් උපකරණ, කාර් චාජර් කිට්ස් ඇතුළු වටිනා තෑගි රැසක් දිනාගැනීමේ අවස්ථාවද සැලසෙනු ඇත.

‘ටීවී බලන හොඳම විදිහ’ ලෙසින් හැඳින්වෙන SLT PEO TV සේවාව, මෙරට එවැනි කිසිදු සේවාවක නොමැති ආකාරයේ වටිනාකම් රැසකින් යුක්තය. මෙය ස්ථාවර රැහැන් ඔස්සේ ලබාදෙන සේවාවක් බැවින් වර්ෂාව ආදී කාලගුණික බාධක හේතුවෙන් කිසිදු විකාශන බාධාවකට ලක්නොවීම ඒ අතරින් කැපී පෙනෙයි. එබැවින් ඔබට ලෝක කුසලාන තරගාවලියේ පන්දුවෙන් පන්දුව අඛණ්ඩව නැරඹීමට මෙන්ම ඔබේ ප්‍රියතම වැඩසටහන්, චිත්‍රපට හා පුවත් විකාශයන් ආදිය අතරමග බාධාවකින් තොරව සිත් සේ නැරඹිය හැකිය. එසේම රැහැන් ඔස්සේ පිරිනැමෙන බැවින් ඉහළම ඩිජිටල් පන්නයේ දසුන් නැරඹීමටද SLT PEO TV පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.

Comments