නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

කළ ගුණ සුවඳ

මගේ මිතු­රෙක් මට දුර­ක­ථ­න­යෙන් කතා­වක් කිය­න්නට පටන් ගත්තේ ය.

‘මං අපේ ගෙදර උඩ තට්ටුවෙ ජනේ­ලෙන් අමුතු දෙයක් දැක්ක. එහා වත්තක වය­සක උන්දැ කෙනෙක් බල්ලෙ­කුට සාත්තු සප්පා­යම් කරන හැටි තමයි මං දැක්කෙ. උගෙ ඇඟේ මැක්කො කඩ­නව. ඌව අත­ගා­නව. දව­සක් දෙකක් නෙමේ. පහු­ගිය ටිකේ ම දවල් දවසෙ ඉඳල හවස් වෙනකං උන්දැ මේ විදි­හට තමයි ගත කළේ. ඒ ගෙවල් එක්ක අපේ කිට්ටු සම්බ­න්ධ­යක් නැති හින්ද මේ කවුද ඇයි මෙහෙම කරන්නෙ කියල දැන ගන්ඩ විදි­හක් තිබුණෙ නෑ. නමුත් ඒ ගැන දැන­ගන්ඩ ලොකු වුව­ම­නා­වක් මට ඇති වුණා’

ඔහු ඒ ආකා­ර­යෙන් කතාව කියා­ගෙන ගියේ ය. කතා රස­යට ලොල් වූ මම හූමිටි දෙමින් සිටි­යෙමි.

ඒ ගැන විප­රම් කළ ඔහුට දැන ගන්නට ලැබී ඇති කතාව විස්මය දන­ව­න­සුලු ය.

අද විය­පත් මේ කත තරුණ කාලේ ජීවත්ව ඇත්තේ පිට ගමක ය. දිනක් ඇගේ සැමියා ඇයත් කුඩා දැරි­යන් දෙදෙ­නාත් ගෙද­රින් පන්නා දැමුවේ ය. කර­කියා ගන්නට දෙයක් නොවූ ඇය දැරි­යන් ද කැටුව, ඒ වන විට විවාහ වී සිටි තම ලොකු පුතාගේ ගෙදර ගියා ය. කෙටි කලක් තිදෙනා එහි විසූහ. එහෙත් දිනක් ඔහු ද ඔවුන් පලවා හැරියේ ය.

ඉතින් මේ මව දැරි­යන් දෙදෙනා ද කැටුව අප මිතුරාගේ නිවෙ­සට කිට්ටු තැනක පිහිටි කුඩා කුලී ගෙද­ර­කට ආවා ය. එතැන් පටන් ඔවුන් අලු­තින් ජීවි­තය පටන් ගත්තේ මේ කුලී ගෙදර සිට ය.

කාලය ගෙවි ගියේ ය. දැරියෝ ලොකු මහත් වූහ. මව විය­පත් වූවා ය.

පෙම් සබ­ඳ­තා­වක් ගොඩ නගා ගත් වැඩි­ම­හලු දිය­ණිය පෙම්වතා සමඟ සරණ ගියා ය. ටික කල­කට පසු බාල දිය­ණිය ද විවාහ වී ගියා ය. මවට ඔවුන්ගේ නිවෙ­ස්ව­ලට යෑමට සිදු විය.

එසේ ගිය ද හැම­දාම දහ­වල කුලී නිවෙස බලා ආ විය­පත් මව සවස් වන­තුරු එහි මිදුලේ ගත කළා ය. ඊට හේතුව මේ බල්ලා ය.

මවත් දැරි­යන් දෙදෙ­නාත් අස­රණ වී මේ කුලී ගෙද­රට ආ දා පටන් ඔවුන් ගේ ආර­ක්ෂ­කයා වී ඇත්තේ මේ බල්ලා ය. ඌ දැන් හොඳට ම මහලු ය. ඌට ඔවුන් හා යන්නට බැරි වී ඇත්තේ නැගිට ගන්නට ද පණ නැති නිසා ය.

ඉතින් මේ විය­පත් මාතාව ඌට අහර ද බෙහෙත් ද රැගෙන දින­පතා ම ඌ සොයා එන්නී ය. ඌ පිරි­සුදු කරන්නී ය. කවා පොවා සත­පන්නී ය. ළඟින් හිඳ මැක්කන් කඩ­මින් ඌ පිරි­ම­දි­මින් තනි රකින්නී ය.

‘මේ කතාව හරි­යට දැන­ග­ත්තට පස්සෙ සතෙ­කුට කෙළෙ­හි­ගුණ දක්වන්න පුළුවං උතුම් මනු­ස්සයො මේ ලෝකෙ ඉන්නව නේද කියන හැඟී­මෙන් මං ගල් ගැහිල ගියා. මං දන්නෙම නැතුව ඇස් දෙකෙන් කුඳුළු ගලා ගෙන ආව’ මිතුරා කතාව සමාප්ත කෙළ් ය.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


දිනක් ඇගේ සැමියා ඇයත් කුඩා දැරි­යන් දෙදෙ­නාත් ගෙද­රින් පන්නා දැමුවේ ය. කර­කියා ගන්නට දෙයක් නොවූ ඇය දැරි­යන් ද කැටුව, ඒ වන විට විවාහ වී සිටි තම ලොකු පුතාගේ ගෙදර ගියා ය.

කෙටි කලක් තිදෙනා එහි විසූහ. එහෙත් දිනක් ඔහු ද ඔවුන් පලවා හැරියේ ය.

ඉතින් මේ මව දැරි­යන් දෙදෙනා ද කැටුව අප මිතුරාගේ නිවෙ­සට කිට්ටු තැනක පිහිටි කුඩා කුලී ගෙද­ර­කට ආවා ය.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්