රෑට ගෙදෙට්ට භූත­යෙක් එනවා කියා එතල් ඇන්ටි කිව්වා | සිළුමිණ

රෑට ගෙදෙට්ට භූත­යෙක් එනවා කියා එතල් ඇන්ටි කිව්වා

තොර­තෝං­චි­යක් නැතිව අනේක විසූ­ක­ද­ස්සන ගෙන හැර පාන රූප­වා­හිනී යන්ත්‍ර­යට පින්සිදු වන්නට ඇය රාත්‍රී ආහා­රය භුක්ති වින්දාය. දවසේ වෙහෙ­සද නිවෙසේ ඒකා­කා­රී­ත්ව­යද සංසි­ඳු­වා­ලන මේ මෙව­ල­මට ඔහු සිතින් කයින් වෙළී බැඳී සිටියි. තවම පෙර පාසල් යන පුත්‍ර­යාට ගෙදර වැඩ උදෙසා සහාය වීමෙන් අන­තු­රුව ඔහුට ඒ හැටි කාරි­යක් ද නැත්තේය.

අෂේන් සමඟ පොත පතේ වැඩ කිරීම ද පහසු කර්ත­ව්‍ය­යක් නොවේ.

“ඔය මල් ටික රතු පාටින් පාට කළා නම්නෙ පුතේ ලස්සන.”

දරුවා පියාගේ කීමට කන් නොදෙයි. කළු පැහැ මල් දකින නලින් චංචල වෙයි. එයින් ගම්‍ය වන්නේ මවු­පි­යන්ගේ විර­ස­ක­යෙන් පීඩා විඳින සිඟිති හද­ව­තක වේද­නා­වද? විරෝ­ධ­යද? හෙතෙම පශ්ච­ත්තා­ප­යෙන් මිරි­කෙයි.

“රතු පාට කහ පාට දම් පාට මොන තරම් ලස්සන පාට තියෙ­න­වද අෂේන්.. ඔයා ඇයි මේ මල් සේරම කළු පාටින් පාට කරන්නෙ?” යි ඔහු අසන්නේ තැවුල් සිතිනි.

“මං සම­න­ල­යත් පාට කරන්නෙ කළු පාටින්.”

අෂේන් කියන්නේ තවත් තදින් පාට කූර උල­මිනි. ඔහුට සිය පියාගේ සිත් වේද­නාව නොවැ­ටහේ.

“කහ පාට සම­න­ල්ලුනෙ ලස්සන. ඇයි පුතාට මතක නැද්ද අපි පේරා­දෙ­ණියෙ මල්වත්ත බලන්න ගියාම පාට පාට මලුයි ලස්සන සම­න­ල්ලුයි මහ­ගො­ඩක් දැක්කනේ. මත­කයි නේද?”

ඒ මත­කය කොලු­වාගේ සිත පාරයි. අම්මා තාත්තා සමඟ එක්ව ගිය ඒ අව­සන් ගමන ද චම­ත්කා­ර­යෙන් අනූන එකක් නොවීය.

තරුණ මවු­පි­යන් වෙළා­ගත් නොරුස්නා සහ­ගත බව හා නොඉ­ව­සි­ලි­මත් බව තුනී කර­න්නට ඒ සෝබ­මාන උද්‍යා­නය පවා අපො­හො­සත් විය. සෑම කරු­ණක් අර­බ­යාම ඔවුන් වාද විවාද කර­ගත් අතර ඇය සිය කෝපය පැහැ­දි­ලිව ප්‍රද­ර්ශ­නය කළාය. ඔහු නිත­රම පාහේ කෝපය මැඬ පවත්වා ගනි­මින් පුත්‍ර­යාගේ රැක­ව­ර­ණය පිළි­බඳ කර­දර විය.

“දුවන්න එපා අෂේන්... ඔච්චර හයි­යෙන් කෑග­හන්න එපා අෂේන්... මොකද ඔයා ඔය උඩ පනින්නේ...? ඇයි ඔය තරම් හෙමින් යන්නෙ? ටිකක් හයි­යනේ යන්න බැරිද අෂේන්?” යි ඇය ඒ පැය කීපය තිස්සේ අණ කළාය. තහංචි පැනෙ­ව්වාය. කොලුවා කොත­රම් අස­න්තෝ­ෂ­යට පත්වී ද කිව­හොත් වර්ණ­වත් මල් හා සුන්දර සම­න­ලුන් නොදු­ටුවා නිසැ­කය.

“අෂේන්” නලින් හඬ ගෑවේ අතො­රක් නැති වෙළෙඳ දැන්වී­ම්ව­ලින් විඩා­පත් වූ බැවිනි. දරුවා තනි­වම කාම­ර­යට නොයන බව ඔහු දනියි. එහෙ­යින් ඒ හුරු­බු­හුටි රුව සමී­ප­යෙහි දක්නට නොලැ­බී­මෙන් ඔහු වික්ෂිප්ත විය.

“යන්න යන්න”

අව­සන් බත් පිඬද මුවෙ­හිලා ගත් අමාලි සිය කුඩා මිතු­රා­ගෙන් ඉල්ලා සිටි­යාය.

“වතුර?”

ඇය බත් පිඟාන හිස් කළ වේග­යෙන් විම­ති­යට පත් අෂේන් පහත් හඬින් ඇසු­වේය.

“වීදු­රු­ව­කට නම් ගේන්න එපා. බෝත­ල­යක් ගේන්න.”

හිස සැලූ ඔහු කාම­ර­යෙන් පිට විය. පුස්ත­කාල කාම­ර­යට කුඩා ඇඳක් එක් කර­න්නට සිදු වූයේ ඇතැම් දව­සක එතල්ට නව­ති­න්නට සිදු­වන බැවිනි. සිය සේවා ස්ථානයේ අව­ශ්‍ය­තාව මත නලින්ට දුර බැහැර යෑමට සිදු වන අතර ඇය ඉතා කැමැ­ත්තෙන් රාත්‍රිය ගත කරන්නේ වැඩි­ම­නත් මුද­ලක් ලැබෙන නිසා මිස අමුතු කරු­ණා­ව­කින් නොවේ. එහෙත් එය අෂේන්ට බිහි­සුණු රාත්‍රි­යකි.

“හොඳට ම රෑ වෙලා. මට ඇහෙ­නවා සද්ද­යක්. මං ඉතිං හීං සැරේ ජනේලේ ඇරලා බැලුවා. ඔයා දන්න­වද අෂේන් මං දැක්කෙ මොකක්ද කියලා...”

විසල් දෙන­තින් බලා හිඳින කොලුවා දෑතින් දෙකන වසා ගනියි.

“එපා.. එපා කියන්න එපා.. මං අහන්නෙ නෑ.. මං අහන්නෙ නෑ..” යි ඔහු බෙරි­හන් දෙන්නේ සෙල්ලම් කාරය පවා අම­තක කර දම­මිනි.

“ආ මේ මොකද මේ? මං තව කියල ඉව­රත් නෑ. මෙයා බය වෙලා බොරු­වට...”

අෂේන් සැක­යෙන් කුඩා කර ගත් දෙඇ­සින් ඇය දෙස බලා සිටියි.

භීතිය යට­පත් කර දම­මින් ඉස්මතු වන්නේ කුතු­හ­ල­යයි. මේ කෙසඟ හා කුරිරු ගැහැ­නිය පව­ස­න්නට තැත් කරන්නේ කුමක්ද? ඇය ඒ මැදි­යම් රාත්‍රි­යෙහි ජනේ­ලය තුළින් දුටුවේ කුමක්ද? මේ සා අසෝ­බන මේ සා වියළි බාර­කා­රි­යක බාර­යෙහි තමා තබ­න්නට තරම් අකා­රු­ණික වූ පියාට පම­ණක් නොව, නිබඳ සුන්ද­ර­ත්වය රැක ගන්නට වෙහෙ­සුණු නිවෙස අත­හැර පිටව ගිය මවට ද ඔහු දෝෂා­රෝ­ප­ණය කළේය.

“මට ඇති වෙලා.. මට එපා වෙලා.. ඔයාලා දෙන්නම මට වධ දෙනවා.. අවු­රුදු සීයක් ජීවත් වෙන්නෑනෙ කවු­රු­වත්. ජීවත් වෙන ටික කාලෙ සතු‍ටින් ඉන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ...?”

ඇය එසේ අසන කල නලින් කෝප­යෙන් කෑග­සයි.

“ඉතිං යන එකනෙ තියෙන්නෙ.. කවුද අල්ල ගත්තෙ? ඉන්ඩ බැරි නං යන එක තමා හොඳම දේ.. මෙතන හැම තිස්සෙම පුපුර පුපුර ඉන්නෙ නැතුව...”

“යනව තමයි.. මං යනව තමයි... බලා­ගෙන ඉන්නෙ මං යන­කම්නෙ.. හිතා­ගෙන ඇති මං ගියාට පස්සෙ වෙන ගෑනි­යෙක් ගේන්න.. ගෑනු දහ­යක් ගෙනා­වත් මට මොකද...”

මවු­පි­යන්ගේ මේ බහි­න්බස් වීම නොවැ­ට­හුණ ද අෂේන් මහත්සේ කැල­ඹෙයි. ඔවුන් එකට එක්ව නිර්මා­ණය කළ කුඩා ජීවියා පිළි­බ­ඳව වගක් නැතිව දිගින් දිගට ම අඩ­ද­බර කර­ග­නිති. බැරිම තැන ඔහු අතට අසුවූ යමක් වැරෙන් බිම දමා ගසයි. ක්‍රෝධ­යෙන් රත් පැහැ ගැහුණු නෙත් ඒ වෙත යොමු වෙත්ම ඔහුට එක්තරා අස්වැ­සි­ල්ලක් අත්පත් වෙයි. එහෙත් මේ රාත්‍රියේ වැර වෑය­මෙන් පුරවා ගත් වතුර බෝත­ලය බිම අත හරි­න්නට ඔහුට වුව­මනා නොවීය. වතුර බෝත­ලය තුරුලු කර­ගෙන දිව ගිය කොලුවා විසිත්ත කාම­රයේ ම ඇද වැටීම කෙතෙක් නම් කන­ගා­ටු­දා­යක ද...

“පුතා..” යි හඬ ගාමින් නලින් නැඟී සිටි­යේය.

“මොකද මේ වතුර බෝත­ල­යක්?” යි ඔහු අෂේන් වෙත එමින් ප්‍රශ්න කළේය.

“න්.. නිකං..” යි කී අෂේන් දනි පනි ගා නැගිට ගත්තේය.

“කොහෙද යන්න ගියේ වතුර බෝ‍තලේ­කුත් අරන්...?”

“න්... නෑ... තාත්තේ... එතල් ආන්ටි කීවා රෑට භූත­යෙක් එනවා... එයා හරි තිබ­හෙන් ඉන්නෙ කියලා...”

“මොකක්?”

නලින් විම­ති­යෙන් මෙන්ම සිය පුත්‍ර­යාගේ බාර­කා­රිය පිළි­බ­ඳව මෝදු වන අප්‍ර­සා­ද­යෙන් දෑස හකුළා ගත්තේය.

“ඔ.. ඔව්.. තාත්තේ... එතල් ආන්ටි තමා කීවේ ඒ භූත­යාට වතුර දෙන්න කියලා...”

අෂේන් වතුර බෝත­ලය යළිත් සිය කුඩා ළයට තද කර­ග­ත්තේය. තව­මත් සැක­යෙන් හකුළා ගත් දෙඇ­සින් බලා ගත්ව­නම ඉන්නා පියා එය උදුරා ගන්නට බැරි නැතැයි සැක­යෙන් වගේය.

“වතුර බොන භූත­යන් ගැන මම අහ­ලම නෑ... අනිත් එක මිසිස් එතල් මොක­ටද ඔය භූත කතා කියන්නෙ ඔයා එක්ක...?”

“තාත්තා ඉන්නකෝ.. මම මේක දීලා එන්නංකො..”

“කොහෙද ඔය භූතයා ඉන්නෙ?”

අෂේන් වහා අතක් දිගු කළේය. ඉඳ­හිට එතල් ඇරෙ­න්නට අන් කිසි­වෙක් පාවිච්චි නොක­රන කුඩා කාම­රය වෙත යොමු වූ නලින්ගේ දෑස් විම­ති­යෙන් කුහු­ලින් මෙන් ම සැක­යෙන් ද පිරු­ණේය.

“නෑ නෑ... තාත්තේ... භූතයා ඉන්නෙ ඒ කාමරේ නෙමේ...”

දෙවුර හැකිළු නලින් “හරි හරි ඔයා දීල එන්නකෝ භූත­යට හරි කාට හරි ඔය වතුර බෝතලේ. මට නිදි­ම­තයි.. මම නිදා­ගන්න යනවා.. ඔයා ඔය භූත­යට කරන සත්කා­ර­යක් කරල ඉව­ර­වෙලා එන්නකො නිදා­ගන්න.” යි කීවේ නොසැ­ල­කි­ලි­මත් අයු­රිනි.

‍අෂේන් ජය­ග්‍රාහී බැල්මෙන් ද සැන­සි­ලි­දා­යක සිතින් ද අමාලි වෙත දිව ගියේය.

“ඔයා හරි පර­ක්කු­යිනෙ අෂේන්” යි නොම­නා­ප­යෙන් කී ඇය වහා වතුර බෝත­ලය ඩැහැ ගත්තාය.

“මං වැටු­ණානේ...”

ඇය ඔහු වෙත හෙළුවේ අව­ඥා­බර බැල්මකි.

“ආපෝ... වතුර බෝත­ල­යක් උස්ස­ගෙන එන්න පණ නැද්ද....?”

“ඔයා වගේ ලොකු නෑනේ මං.”

ඒ නිග්‍ර­හ­යෙන් රිදුණු සිත ඔහුගේ සෝබර ස්වරය විසින් හෙළි­ද­රව් කළේය.

“හරි හරි... ඉතිං ඔයාගෙ තාත්තා දැක්කෙ නැද්ද? ඇහුවෙ නැද්ද වතුර බෝත­ලේ­කුත් අරන් කොහෙද යන්නෙ කියලා.. කාටද වතුර කියලා..”

ඔහු මහත් උන­න්දු­වෙන් උත්තර දීමට සැර­සු­ණේය. එහෙත් ඒ සිඟිති හඬ ඔහුගේ පියාගේ ගැඹුරු හඬින් යට­පත් විය.

“මොකද නැත්තෙ? මං ඇහුවා තමා. එත­කොට මේ ළමයා කීවනේ භූත­යෙ­කුට කියලා. මාත් මේ පස්සෙං ආවෙ භූත­යව බලා ගන්න කියලා.”

යුව­තිය ද දරුවා ද විස්ම­යෙන් ගොළුව ගියෝය. ඔහුගේ තියුණු නෙත් ඔවුන් වෙත එල්ල වූ හී සැර­යක් බඳුය.

“මට මිසිස් එත­ලුත් කීවා ගේ ඇතුළෙ කවුරු හරි ඉන්නවා වගේ දැනෙ­නවා කියලා. එයත් හිතන්න ඇත්තෙ භූත­යෙක් කියලා තමා. ඒත් ඉතිං මම කොහො­ම­ට­වත් හිතුවෙ නෑ ඒ ඔයා කියලා..”

ඇගේ හිස පහ­තට නැඹුරු විය.

“අ.. අනේ තාත්තා..”

තමාගේ යෙහෙ­ළිය මේ රාත්‍රි­යෙ­හි­දීම පිටමං කරනු ඇතැයි බිය­පත් අෂේන් හැඬු­ම්බර හඬින් තැත­නු­වේය.

“ඔයා මිසිස් එත­ලුයි මාවයි දෙන්නම රැවැ­ට්ටුවා නේද අෂේන්.. නරක නෑනේ මේ තරම් පුංචි වය­සට මේ කරපු දේ..”

කුඩා මිතු­රාට දෝෂා­රෝ­ප­ණය කිරීම ඉව­සිය නුහුණු අමාලි වහා හිස එසෙ­ව්වාය.

“අෂේන්ට මුකුත් කියන්න එපා.. මගෙයි වරද..”

“ඔව් ඔයාගෙ තමා වැරැද්ද. ඔයා කළේ ලොකු වර­දක් තමා. අනුන්ගෙ ගෙද­ර­කට පැනලා මෙහෙම හැංගිලා ඉන්න එක මොන­ත­රම් ලොකු වර­දක්ද... මගෙ වයිෆ් ආවා නම් බැරි වෙලා­වත් ඔයාව දැක්කා නම් ඩිවෝස් කේස් එකේදී මම ලොකු අමා­රු­වක වැටෙ­නවා නේ?”

ඇගේ දෑසට කඳුළු නැඟිණ.

“සො... සොරි...”

සෝබර යෙහෙ­ළිය කොලු­වාගේ මුව පණ පොවයි.

“එයාට බණින්න එපා තාත්තා. එයා පව්.. එයා හරි හොඳයි.. තාත්තට මතක නැද්ද.. එයා තමා අර උසම උස ගහට නැඟලා මගේ බෝලෙ අරං දුන්නෙ...”

ලබන සතියට‍...

අදහස්