කටුනායකදී මාලිංගගෙන් යෝකර් වරුසාවක් | සිළුමිණ

කටුනායකදී මාලිංගගෙන් යෝකර් වරුසාවක්

මාධ්‍යවේදියා - තරගාවලිය ගැන මොනවද කියන්න තියෙන්නේ?

මාලි - තරගාවලිය අසාර්ථකයි.

මාධ්‍යවේදියා - අසාර්ථක වීමට හේතුව?

මාලි - තරග පරාජය වීම.

මාධ්‍යවේදියා - පරාජය වීමටත් හේතුවක් තියෙනවනේ?

මාලි - දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වීම.

මාධ්‍යවේදියා - ඔබ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද මේ තරගාවලියෙදි?

මාලි -ඔයගොල්ලො මැච් බැලුවද?

මාධ්‍යවේදියා - ඔව්.

මාලි - මොකද මං කළේ?

මාධ්‍යවේදියා - ඔබ ඔබගේ වගකීම ඉටුකළා.

මාලි - එහෙනම් මට ඉන් එහාට කථා කරන්න දෙයක් නෑ.

මාධ්‍යවේදියා - හැබැයි මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අනිත් අයගේ සහයෝගය කොහොමද ඔබට ලැබුණෙ මේ තරගාවලියෙදි?

මාලි- හැමෝගෙම සහයෝගය තිබුණා.

මාධ්‍යවේදියා - එහෙනම් පරාජය වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ?

මාලි - සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්.

මාධ්‍යවේදියා - අපේ කණ්ඩායමේ එකමුතු භාවයක් නැහැ නේද?

මාලි - කවුද කියන්නේ?

මාධ්‍යවේදියා - දැකපු විදයට අපිට නම් හිතෙන්නේ එහෙම තමයි.

මාලි - ඔයගොල්ලො දකින්නේ එළියෙ ඉඳන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළියෙ ඉඳන් දකින අයට උත්තර දෙන්න මම කැමති නැහැ.

මාධ්‍යවේදියා - විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා.

මාලි - අපිත් එහෙමයි.

මාධ්‍යවේදියා - ඉතින් ඒ වගේ දෙවල් ගිලීහීගෙන යද්දි මොකද හිතෙන්නේ?

මාලි - ප්‍රේක්ෂකයා වගේම තමයි ක්‍රීඩකයත්. ක්‍රීඩකයත් ක්‍රීඩා කරන්නේ තරග ජයග්‍රහණය කරන්න. ඒ නිසා ඒක ඒ විදියට තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ.

මාධ්‍යවේදියා - කණ්ඩායමේ ක්‍රීඩකයෝ කලකිරීමකින්ද ක්‍රීඩා කරන්නේ?

මාලි - නැහැ.

මාධ්‍යවේදියා - ඔබ හිතට එකඟවද කතා කරන්නේ?

මාලි - ඔව්.

මාධ්‍යවේදියා - ඔබ ඉදිරියෙදි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්?

මාලි - මම ක්‍රිකට් ආයතනයට කතා කරලා, ඒගොල්ලන්ට අවශ්‍ය දේ අනුව තමයි මම තීරණයක් ගන්නේ.

මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

මාලි - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි. තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට නොකළ යුතු දෙයක්.

මාධ්‍යවේදියා - ක්‍රිකට් ක්‍රීඩාව නැවත නංවාලීමට ඔබගේ දැනුමෙ හැටියට මොකක්ද කළ යුත්තේ?

මාලි - එක මට අදාළ කාරණාවක් නෙමෙයි. ඒකට බලධාරීන් ඉන්නවා.

මාධ්‍යවේදියා - තරගාවලිය ජයග්‍රහණය කරලා ආව නම් ඔබලාව පිළිගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මල් මාලා දාලා. හැබැයි මේ වෙද්දි කවුරුවත් නැහැ. ඒ ගැන මොකද හිතන්නේ?

මාලි - ඒක තමයි යථාර්ථය.

මාධ්‍යවේදියා - ඔබ කතා කරන්නේ බලධාරීන් ගැනද?

මාලි - බලධාරීනුත් එහෙමයි, මාධ්‍ය වේදීනුත් එහෙමයි. ජයග්‍රහණය කළොත් ඕන තරම් මල් මාලා දාන්න කට්ටිය ඉන්නවා. පරාජය වුණොත් මේ වගේ තමයි.

මාධ්‍යවේදියා - ඔබට විශේෂ යමක් කියන්න තියෙනවාද?

මාලි - නැහැ. මොනවත් කියන්න නැහැ.

Comments