කව් ලැකියට ආ සඤ්ඤක ඬ-යන්න | සිළුමිණ

කව් ලැකියට ආ සඤ්ඤක ඬ-යන්න

සඤ්ඤක ඬ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ ‘ණ්ඩ’ යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරිනි.

ලෙව් ලැකිය කව් ලැකිය
අණ්ඩ  අඬු
එරණ්ඩ  එරඬු
කාණ්ඩ  කඬ
කුණ්ඩල  කොඬොල්
ගණ්ඩ  ගඬු
චණ්ඩ  සැඬ
චණ්ඩාල  සැ‍‍ෙඬාල්
දණ්ඩ දඬු
දණ්ඩකර්ම  දඬුවම්
පණ්ඩිත පඬි
 පාණ්ඩු  පඬු
පිණ්ඩ පිඬු
පුණ්ඩරීක  පෙ‍ෙඬර
භාණ්ඩ  බඬු
භාණ්ඩාගාරික  බඬැරි
මණ්ඩප  මඬු
මණ්ඩල මඬල
මණ්ඩුක  මැඬි

 

Comments