අදටත් වලංගු වන My Name is Khan | සිළුමිණ

අදටත් වලංගු වන My Name is Khan

“MR. President My Name is Khan. I’ m not a terrorist.”

මේ වැකිය ‘My name is Khan’ නැමැති හින්දි චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටය බිහි වූයේ වර්ෂ 2001 දී ඇමෙරිකා‍වේ New York නුවරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එරට සමාජ හැසිරීම පිළිබඳ කිසියම් විචාරාත්මක දෘෂ්ටියක් මතු කිරීමට බැව් පැහැදිලි ය.

New York ත්‍රස්ත ප්‍රහාරය යනු ගෝලීය ත්‍රස්තවාදය සිය නාමය ලෝකය තුළ සලකුණු කළ අවස්ථාව අපේ මතකයට නැ‍ඟේ. ශ්‍රී ලාංකික අපි සැවොම මේ මොහොතේ ගෝලීය ත්‍රස්තවාදයේ පීඩනයට ගොදුරුවී සිටිමු. ‘My name is Khan’ චිත්‍රපටය මතු කරන දෘෂ්ටිවාදය ඔස්සේ මේ මොහොතේ අප සමාජයේ පවතින කතිකාවට යමක් එක් කිරීමට මම උත්සාහ දරමි. එබැවින් අපි මේ චිත්‍රපටය සැ‍ෙකවින් විමසමු.

Rizvan Khan මේ චිත්‍රපටයේ කතා නායකයා ය. ඔහු උපතින් මානසික රෝගයකින් පෙළේ. බාල සොහොයුරු සහ මව සමඟ වැඩෙන ඔහු නිතරම සමාජයේ ගෞරවයට ලක්වේ. දිනක් ඔහු ජීවත්වන නිවාස පද්ධතිය වැහි වතුරෙන් පිරි නිවාස තුළට අඩි කීපයක් ජලයෙන් යට වී ජලය බැස නොවන තත්ත්වයක් උදාවේ.

කිසිවක් කර කියා ගත නොහැකිව සැවොම වලාහිදී. Khan බයිසිකලයක ආධාරයෙන් ජලය බැස යෑම සඳහා තාක්ෂණික උපක්‍රමයක් යොදවා නිවාසවල ජලය බැසයාමට සලස්වයි. මෙලෙස ගෞරවාදරයට ලක්වන ඔහු ක්‍රමයෙන් වැඩිවියට පත්වේ. මවගේ ඉල්ලීම පරිදි බාල සොයුරු පදිංචිව සිටින Sen Francisco වෙත පැමිණේ. එහිදී ඔහුට හමුවන Mandira නැමැති එක්දරු වැන්දඹු කාන්තාව සමඟ ඔහු විවාහ වන්නේ පවුලේ අයගේ විරෝධය නොතකාය. කුඩා ව්‍යාපාරයක් අරඹන Mandira සහ Khan දරුවා සමඟ ආදරණීය ජීවිතයක් ගත කරයි.

New York ප්‍රහාරය සිදුවන්නේ මේ ආසන්න කාලයේදීය. ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු සමාජය තුළ ද මුස්ලිම් විරෝධයක් මතුවූ බව ප්‍රකාශ වන සිදුවීම් පෙළක් චිත්‍රපටය ඔස්සේ පෙන්නුම් කෙරේ. මේ විරෝධයේ බලපෑම Khan, Mandira සහ දරුවා වෙත ද පැමිණේ. ඔවුන්ගේ කුඩා ව්‍යාපාරයට වෙනදා පැමිණි ගනුදෙනුකරුවන් නොපැමිණේ. දරුවා පාසල් යන්නට පුරුදුව සිටියේ අසල්වැසි ඔවුන්ගේ මිත්‍ර පවුලක දරුවා සමඟ එම දරුවාගේ පවුලට අයත් මෝටර් රථයෙනි. එහෙත් මේ ප්‍රහාරයෙන් පසුදිනක එම වාහනය ඔහුව නොසලකා ඔහු අසලින් නොනවත්වා ධාවනය කරයි.

පාසලේ සිට මිතුරන් වෙනදා මෙන් දරුවා සමඟ මිතුරු සබඳතා පවත්වන්නේ නැත. මතුවී ඇති වෙනස ඔබේ ‘Khan’ නාමය බව Rizvan Khan වෙත Mandira අනතුරු අගවයි. මේ අතරතුර පාසලේදී ඇතිවන ගැටුමකින් මන්දිරාගේ පුතු මියයයි.

මින් කම්පනයට පත් වන මන්දිරා Rizvan Khan වෙත මෙසේ කියයි.

“යනවා ගිහින් මේ රටේ ජනාධිපතිට කියනව ‘My Name is Khan. I’ m not a terrorist’ කියල.”

Rizvan Khan මේ කියමන අරමුණු කරගනිමින් නිවසින් පිටව යයි. ඔහු බොහෝ දුර ගෙවා ගෙන ගොස් ජනාධිපති පැමිණෙන උත්සව භූමිවලට ගොස් තම පණිවිඩය ඔහුට ප්‍රකාශ කිරීමට උත්සහ දරයි. එවැනි එක් අවස්ථාවකදී ඔහුව රාජ්‍ය ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනී.

ඔහු පවසන I’ m not a terrorist’ යන වැකිය රැස්වීම් භූමියේ සිටි අයට ඇසුණේ ‘I’m terrorist’ ලෙසය. ඔහුට සිරගත වන්නට සිදුවූයේ එබැවිනි. එහෙත් මේ උත්සවය ආවරණය කිරීමට පැමිණි මාධ්‍ය කණ්ඩායමක කැමරාවේ ‍ඔහු කියූදේ නිවැරැදිව සටහන් වේ. “My Name is Khan I’m not a terrorist.”

ඔහු ත්‍රස්තවාදියකු නොවන බව වටහාගත් මාධ්‍ය කණ්ඩායම ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට මැදිහත් වේ. එමඟින් Rizvan Khan ගේ සැබෑ තොරතුරු සමාජයට අනාවරණය වේ. ඔහු වෙනුවෙන් විශාල ජනබලයක් ගොඩ නැ‍‍ඟේ. Rizvan Khan නිදහස ලබන අතර ඔහුට ජනාධිපති හමුවී ඔහුගේ අදහස ප්‍රකාශ කිරීමට ද අවස්ථාව ලැබේ. මේ හේතුවෙන් ඝාතනයට ලක්වූ Mandira ගේ පුතු හෝ ඝාතකයින් අත්අඩංගුවට ලක්වේ. Mandira සහ Rizvan Khan නැවත එක්ෙවති.

“ඔබ දැන් චිත්‍රපටය නරඹා අවසන්” යැයි කෙනෙකු පවසාවි. මෙය සැබෑවක් නොව චිත්‍රපටයක් බව. නමුත් මේ චිත්‍රපටය තුළ අපට වැදගත් කරුණක් මතුවේ. පසුගිය ‍අප්‍රේල් 21 වැනි දින ලංකාවේ අප අත්විඳි ගෝලීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ දක්වා සිදුවන ක්‍රියාකාරකම් හමුවේ අප සමාජය පත්වී ඇති ඉරණම කවරේදැයි විග්‍රහ කර ගත නොහැකිව ඇත‍.

මේ චිත්‍රපටයේ කතා නායක Rizvan Khan සතුව තියෙන්නේ එකම අරමුණකි. ඒ ඔහුට අහිමිවී ගිය ඔහුගේ ආදරය වෙනුවෙන් ඇගේ ඉල්ලීම ඉටු කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් සත්‍යවාදියෙකු බවට පත්වේ. ඒ උදෙසාම කැපවේ. ඔහුගේ ජයග්‍රහණයේ රහස ඔහුගේ මේ සත්‍යවාදී බවයි.

සත්‍යවාදියකුට ඕනෑම සමාජ පෙරළියක් ඇති කළ හැකියි. එවැනි සමාජ පෙරළි ඇතිවූ තැන් එමටය. අපේ සමාජය සුභවාදී සමාජ පරිවර්තනයකට මාන බලමින් සිටී. එහෙත් එවැන්නක් වෙනුවට නැවත නැවත ත්‍රස්තවාදයට පැමිණේ.

මීට හේතුව ඇත්තවශයෙන් ම සත්‍යවාදය මිය ගිය තැන උපදින්නේ ත්‍රස්තවාදයට ය. දැන් අපේ සමාජය තුළ සත්‍යවාදය මියගොසිනි‍. උදාහරණයක් පැවසීමට ඉඩ අයදිමි. පසුගිය අප්‍රේල් 21 න් පසු මේ චිත්‍රපටයේ වගේ ම අපේ ජන සමාජය තුළත් මුස්ලිම් වි‍රෝධය මතුවුණ බවත්, තවමත් ඇති බව පෙනේ‍. නමුත් මෙය සත්‍යවාදයෙන් තොරයි. ඔබ ඔතරම් වි‍රෝධී නම් රාමසාන් දිනයේ නිවාඩුව ගත්තෙ කුමකට ද? විරෝධය දක්වා රාජකාරියට එන්නට තිබුණා නොවේද?

ඔබට ඕනෑ දෙයට ඔබ විරෝධී නොවේ. ඔබට ඕනෑ නැති දෙයට ඔබ වි‍රෝධියි. ඔබ සත්‍යයෙන් තොරයි. එවිට ඔබේ සමාජයට සත්‍යයෙන් තොරයි. සත්‍යයෙන් තොරවූ තැන මතුවන්නේ ත්‍රස්තවාදය මිසක අන් කිසිවක් නොවේ.

අදහස්