නියඟයට ලක් වූ ජනතාවට බවුසර් 600කින් ජලය; ලක්ෂ 450ක ආධාර | සිළුමිණ

නියඟයට ලක් වූ ජනතාවට බවුසර් 600කින් ජලය; ලක්ෂ 450ක ආධාර

දිස්ත්‍රික්ක 17ක පවතින දැඩි නියං තත්ත්වයට මුහුණ පා සිටින ජනතාව වෙනුවෙන් මේ වන විට ජල බවුසර් 600ක් හා ජල ටැංකි 11,000ක් මඟින් පානීය ජලය සපයන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි.

පසුගිය සතිය වන විට අපේ රටේ දිස්ත්‍රික්ක 17ක පවුල් 120,000ක් පමණ ජල හිඟයෙන් පීඩා විඳින බවද, ඒ අයට හිඟයක් නැතිව පානීය ජලය සැපයීමට කටයුතු කරන බවද පතිරාජ මහතා කීය.

මීට අමතරව ඉහත නියඟයට පත් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට රුපියල් ලක්ෂ 450ක් පමණ ලබාදී ඇති බවත් පවසන චමින්ද පතිරාජ මහතා, ඉදිරියේදී සිදු වන ආපදා තත්ත්වය වැඩි වීම් අනුව තවත් ආපදා සහන සැලසීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. මේ සහන කටයුතු සඳහා ලීටර් 15000ක් ප්‍රවාහනය කළ හැකි අලුත් ජල බවුසර් 90ක්ද යොදාගන්නා බවත් ඔහු කීය.

 

Comments