කණ්ඩායම් සංගීතයෙන් ලොව දිනූ නොයෙල් රණසිංහ | සිළුමිණ

කණ්ඩායම් සංගීතයෙන් ලොව දිනූ නොයෙල් රණසිංහ

“අපි විවාහ වුණේ 1969 එයා කොලප්ස් සමාගමේ වැඩ කරද්දි. මම සංගීතය ගැන ගොඩාක් දන්නේ නෑ. ඒත් මම එයාගේ කටයුතුවලට උදව් කළා. එයා හුඟාක් ගීත ගායනා කළේ විදේශ රටවල් Food promotion වල. ඉන්දියාවට තුන් පාරක් විතර ගියා.

වියානා, ඇමෙරිකා, ජපානය, ස්විට්සර්ලන්තය වගේ රටවල සති මාස ගණන් ඉන්නවා.

මම නෙළුම්, නිලුෂි දරුවෝ දෙන්නා හදාගෙන ගෙදරටම වෙලා හිටියා.

ශ්‍රී ලංකා කණ්ඩා­යම් සංගීත ක්ෂේත්‍රයේ පියා ලෙස හඳු­න්වන්නේ ඔහුය. එප­ම­ණක් ද නොව, ලංකා කණ්ඩා­යම් සංගීත කලාව ලොවට හඳුන්වා දුන්නේ ද ඔහුය. සම්මා­න­නීය ගායක නොයෙල් රණ­සිං­හ­යන් අප අත­රින් වියෝවී වසර 4ක් සපි­රෙන අතර ඔහු විසින් ආරම්භ කරන ලද “La ceylonians” සංගීත කණ්ඩා­ය­මට අඩ­සි­ය­ව­ස­ට­කත් අධික කලක් ගතවී ඇත.
වර්ෂ 1958 එනම් 60 දශ­කයේ බට­හිර සංගීත ක්ෂේත්‍රයේ පෙර­ළි­යක් කළ Elvis presley, Everly Brothers, connie franeis Shirley Bassey ගායක ගායි­කා­වන්ගේ ගීත නිසා ඔහු පිහි­ටු­වා­ගත් කණ්ඩා­යම තුළින් ගායනා කිරීම අර­ඹන ලදී. එම කණ්ඩා­යම වූයේ, Flames ඇන්ටන් රත්නා­යක සමඟ (blue Bells) elefsyd Moon Beamsum ය.
එව­කට කෝ‍ට්ටේ ශාන්ත තෝමස් විද්‍යා­ලයේ ශිෂ්‍ය­ය­කුව සිටි අව­දියේ 1957 - 58 ශ්‍රී ලංකාවේ ප්‍රාසං­ගික කලා­වට හඳු­න්වා­දීම් රැසක් කළ මැල්කම් ඇන්ඩෲ මහතා හඳුනා ගැනී­මට ලැබීම එතෙක් නොයෙල් පැමිණි ගමන් මඟ වෙන­ත­කට යොමු කිරී­මට සම­ත්විය. ඔහු උප­දෙස් දුන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ කර ඒ තුළින් ඉදි­රි­යට එන ලෙසයි.
ගීතනු සමඟ ගීත 600ක් මේ කලා­ක­රුවා සතුව ඇති අතර, 1976 වස­රේදී ලෝක සංගීත උලෙ­ළෙදී සංගීත නිර්මා­ණ­යට හා ගාය­න­යට සම්මා­න­යක් ලද ‘Love freedom unity’ නම් ගීතය ඔහු අතින් නිර්මා­ණය වූ විශිෂ්ට ගණයේ නිර්මා­ණ­යකි. සිංහල පොප් සංගීත කලාවේ කැලිප්සෝ ගාය­නයේ පියා ලෙස තමා­ටම ආවේ­ණික සංගීත කලා­වක් නිර්මා­ණ­ය­කර ගැනී­මට හේ සම­ත්විය. ඒ නිසාම කලා­භූ­ෂණ රාජ්‍ය සම්මා­න­යෙන් පවා පිදුම් ලැබීය.
සැමි­යාගේ වියො­වින් පසු සිය නැග­ණිය සමඟ ඇය හු‍ෙද­ක­ලාව ජීවත් වන්නීය. මමත්, ඡායා­රූප ශිල්පී අසං­ගත් එන­තුරු ඇය මග බලා සිටි­යාය.
“මේ තියෙන්නේ නොයෙල්ගේ පරණ පින්තූර. හුඟාක් ඒවා දුව ඕස්ට්‍රේ­ලි­යා­වට ගෙනි­හින්. මේ සම්මාන ටික අරන් නොගියේ එයා­පෝට් එකෙන් ප්‍රශ්න වෙයි කියලා. අප­රා­දෙනෙ නැති වුණොත්.” ඇය ලොකු ඇල්බ­ම­යක් අතට දී සම්මාන ටික පෙන්වූ­වාය.
“අපි විවාහ වුණේ 1969 එයා කොලප්ස් සමා­ගමේ වැඩ කරද්දි. මම සංගී­තය ගැන ගොඩාක් දන්නේ නෑ. ඒත් මම එයාගේ කට­යු­තු­ව­ලට උදව් කළා. එයා හුඟාක් ගීත ගායනා කළේ විදේශ රට­වල් Food promotion වල. ඉන්දි­යා­වට තුන් පාරක් විතර ගියා. වියානා, ඇමෙ­රිකා, ජපා­නය, ස්විට්ස­ර්ල­න්තය වගේ රට­වල සති මාස ගණන් ඉන්නවා. මම නෙළුම්, නිලුෂි දරුවෝ දෙන්නා හදා­ගෙන ගෙද­ර­ටම වෙලා හිටියා. හැබැයි එයා හම්බ­ක­රන හැම සත­යක්ම මට ගෙනත් දුන්නා. මමත් අර­ප­රි­ස්ස­මින් වැඩ කළා. සංගීත ක්ෂේත්‍රයේ ඉදි­රි­යට යන්න මම එයාට ගොඩාක් සහ­න­යක් දුන්නා. මම රැකි­යා­ව­කට යොමු වුණේ නැහැ. ඒ නිසා දරු­වන්ව අධ්‍යා­පන කට­යු­තු­ව­ලට යොමු කරන්න මට හැකි­වුණා.” ශ්‍රියානි මහ­ත්මිය පැව­සුවා.
ලංකා ගුවන් විදු­ලියේ, අතො­රක් නැතිව ප්‍රචා­රය වන හුදු ඒකා­කාරි හින්දි, ද්‍රවිඩ හා ඉංග්‍රීසි ගීත ශ්‍රාව­ක­යන්ව හෙම්බත් කර තිබූ අතර ඒ වෙනු­වට හින්දි සිංහල ගී නිර්මා­ණය කිරී­මට 1963 මාර්තු 9 දින La Ceyloniance කණ්ඩා­යම පිහි­ටුවා ගත්තේය. ඒ කාලේ ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රචා­රය වූ ගීත­ව­ලට වඩා නොයෙල්ගේ හ‍ඬේ අපූරු ගැඹු­රක් ඇති බව ජන­තාව හඳුනා ගත්තේය. ඉංග්‍රීසි සේවයේ වර්නන් කොරයා මහතා නොයෙල් හට අත­හිත දුන්නේය. එප­ම­ණක් නොව, තම ගීත ශෛලිය ප්‍රසාං­ගික කලා­වක් ලෙස ඉදි­රි­පත් කිරී­මට ද නොයෙල්ට උදව් කළේය.

නොයෙල් ඔහු­ටම ආවේ­ණික ඇඳු­මක් පවා පිළි­යෙල කර­ගත්තා නේද? මම ඇහුවේ බිරිය ශ්‍රියා­නි­ගෙන්.
ඔව් එයා‍ෙග් කණ්ඩා­යමේ හැම දෙනෙක්ම ගීත කියද්දී සැර­සුණේ බතික් සර­ම­කින්. පන්කොළ තොප්පිය හා මල්මා­ලාව අනි­වා­ර්යයි. එයා­ගෙන් පස්සෙත් හුඟාක් අය මේ ඇඳු­මම අනු­ග­ම­නය කළා. ඒකෙන් විදේ­ශි­ක­යන්ගේ හුඟාක් සිත්ගත්තා. ඒ වගේම එයාගේ ගීත­ව­ලට බට­හිර අය හුඟාක් ප්‍රිය කළා. වරක් ලන්ඩ­නයේ පළ­වන M. මැග­සින් එකේ නොයෙල් ගැන පළ­වුණා. King of calypsco කියලා සංගීත කණ්ඩා­යමේ පින්තූ­ර­යක්. ඒ මඟින් ලන්ඩ­නයේ copyright house එකේ ලියා­ප­දිංචි වෙන්න ඉඩක් ලැබුණා. ඒ නිසාම නොයෙල් අස­නීප වෙලා ඉන්න කාලේ බෙහෙ­ත්ව­ලට හුඟාක් මුදල් ආධා­රත් ලැබුණා.

ඔයාලා දෙන්නා ආගම් දෙකක?
නොයෙල් කතෝ­ලික. මම ‍බෞද්ධ. ඒත් අපි අතර ආගම් ගැටු­මක් නැහැ. නොයෙල් හමු­වන්න ෆාදර්ස්ලා ගෙද­රට ඇවිත් ඔහුට ආශි­ර්වාද කළා. මම දැන් ඉස්ස­ර­ටත් වඩා පන්ස­ලට සමී­පයි. පෝයට සිල් වර­දින්නෙ නෑ. ජීවි­තයේ යථා­ර්ථය අව­බෝධ කර­ගෙන මම යන පාර හදා­ගෙන තියෙන්නේ. අපි ගෙව්වෙ හරිම සරල ජීවි­ත­යක්. නොයෙල් සංගී­තය එක්ක ජීවත් වුණත් කව­දා­වත් ගෙදර පාටි බජව් නැහැ. දුවලා දෙන්නෙක් ගෙදර ඉන්න නිසා හුඟාක් අය අපි ගෙද­රට ගෙන්නුවෙ නෑ. විශේ­ෂ­යෙන් පිරිමි අය. තාත්තා එක්ක සින්දු කියන්න දුවලා යැව්වෙත් නෑ. ගියෙත් නෑ. ඒ හින්දා අද එයාලා පිට­රට හොඳ විවාහ ජීවිත ගෙව­නවා.
තරුණ ජීවිතේ, මාලී, සුවඳ මල් දිලින්දෝ, ටිකිරි ලියා, හෝයියා හෝයියා, ගං ඉවුරේ සත් සමු­දුර, ආසිරි කුසුම්, ශ්‍රී ලංකා පැර­ඩ­යිස්, වෙල්කම්ටු ශ්‍රී ලංකා, මහ­වැලි ගඟ, පීස්, ලව් ‍ෆ්‍රීඩම්, යුනිටි කැන්ඩි පෙර­හැර, ආයු­බෝ­වන්, අවර් ලෑන්ඩ්, බියු­ටි­ෆුල් ශ්‍රී ලංකා, ටු ගෙදර් අගේන්, ස්පෙල්ඩර්න්ට්, සිටි ඔෆ් කලම්බු, ක්‍රිකට් ලව්ලි ක්‍රිකට් ඔහුගේ ගීත ගොන්නෙන් අත­ළො­ස්සකි.

නොයෙල් සංගීත දිවියේ ලබා­ගත් මේ සම්මාන ගැන කතා කළොත්?‍‍
ලා සිලෝ­නි­යර්ස්, කණ්ඩා­යම් අනුර ජය­සිංහ, රොහාන් රුව­න්වැල්ල යන සාමා­ජි­ක­යින් සමඟ 1976 නො 19 සිට 21 දක්වා ජපා­නයේ ටෝකියෝ නුවර Yamaha ආය­ත­නය විසින් සංවි­ධාන කළ world popular song festival in Tokyo තර­ග­යෙන් අව­සන් පූර්ව වට­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළා. 1976 ලෝක සංගීත උලෙ­ළේදී සංගීත නිර්මා­ණ­යට හා ගාය­න­යට සම්මා­න­යක් ලැබුණා. 2013 රාජ්‍ය සම්මාන ‍උලෙළේදි කලා­භූ­ෂණ සම්මා­න­යෙ­නුත් පිදුම් ලැබුවා.
දුවලා දෙන්නා ගැනත් යමක් කීවොත් නෙළුම් විවාහ වෙලා ඉන්නේ ගණ­කා­ධි­කාරි ලසිත් වෛද්‍ය­සේ­කර සමඟ. නිලුෂි විවා­හ­වෙලා ඉන්නේ වෛද්‍ය­ව­ර­යෙක් සමඟ. දෙන්නම ඕස්ට්‍රේ­ලි­යාවේ පදිංචි. මමත් ටික දව­සක් දුවලා ළඟ ඉඳලා ආවා.
කණ්ඩා­යම් සංගී­ත­ක­රු­වන් උදෙසා නැගී සිටි නොයෙල් රණ­සිං­හ­යන් ශ්‍රී ලංකාවේ ජීවත්ව කලා­කෙත අස්ව­ද්ද­මින් දේශීය කණ්ඩා­යම් සංගීත කලාව විදේ­ශ­ය­න්හිද ප්‍රච­ලිත කළ කෘත­හස්ත කලා­ක­රු­වෙකි.

 

Comments