දත්වල තිබෙන අවපැහැයට මෙන්න විසඳුමක් | සිළුමිණ

දත්වල තිබෙන අවපැහැයට මෙන්න විසඳුමක්

මේක හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ විවිධ නම්වලින් නොයෙකුත් දන්තාලේපන තිබුණත් ඇත්තටම දත් සුදෝ - සුදු වෙන දන්තාලේපයක් තිබේද? ශාකසාර කීවත් එහෙමටම ලොකු ප්‍රතිඵලයක් දකින්න බෑ. මොකද දැන්වීම් මඟින් ප්‍රසිද්ධිය දුන්නට ඔය කියන සියලුම ශාකසාරයන් එහෙම ඇතුල් කරන්නෙ නැහැ. ඔබේ ඇස් බැන්දුමක් පමණයි.

ඔව්... එහෙම නම් මුතුවන් දත්පෙළක සිහිනය සැමදාටමත් අපට සිහිනයක් ද? නෑ... එහෙම වෙන්නෙ නෑ... ඉදුණු කෙසෙල් පොත්ත මඟින් අපිට පුළුවන් සුදුවන් දත්පෙළකට හිමිකම් කියන්න. ඒ කොහොමද... ඔබ හිතයි. ඔව්.. ඒ මෙහෙමයි. ජලයෙන් හොඳින් කට සෝදා දමා ඉදුණු කෙසෙල් පොත්තේ යටි පැත්තෙන් ටිකක් අත තද කරලා මදින්න. උඩු ඇන්දෙත් යටි ඇන්දෙත් සියලුම දත්වලට ඉතාම හොඳට මෙහෙම කරන්න. ටික වේලාවක් කරලා ජලයෙන් සෝදා දමන්න. දැන් ඉදුණු කෙසෙල් පොත්තෙ උඩු පැත්තෙන් යළිත් දත් සියල්ල ඒ විදිහට ම පොලිෂ් කරන්න. යළි සෝදා දමන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න කෝ... ඔබට ආස හිතේවි.. දිදුලන දත් පෙළක්.

Comments