උපදින-පවතින බිඳවැටෙන ලෝකයක්! | සිළුමිණ

උපදින-පවතින බිඳවැටෙන ලෝකයක්!

අද අප සාකච්ඡා කරන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ධර්ම දේශනාවයි. පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? පටිච්ච සමුප්පාද කියන්නේ හේතුවක් නිසා හට ගත් කියන අර්ථයයි. ඒ‍ නිසා බොහෝ දෙනකු කියන්නේ හේතු-ඵල දහම කියන එකයි. බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගැන වදාළ දේශනා රාශියක් තිබෙනවා. පටිච්ච සමුප්පාදය අංග දො‍ළහ ගැන මෙසේ කියනවා.

"ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්කන්ධස්ස සමුදයෝ හෝති..." මේ විදිහට මුළු මහත් දුක්ඛස්කන්ධයම හටගන්නවා. පටිච්ච සමුප්පාදයේ අගට කියන වචනයක් "අවිජ්ජා පච්චයා සංකාරා" කියලා අවසානයේ කියනවා‍. මේ විදිහට තමයි මුළු දුකම හට ගන්නේ කියලා. දුක කියන්නේ මොකක්ද? දුක කියන්නෙ ඇත්තටම ඉපදීම, ලෙඩ වීම, වයසට යෑම, ඒ වගේම අප්‍රියන් හා එක් වීම, ප්‍රියයන්ගෙන් වෙන් වීම, කැමැති දේ නොලැබීම... මේ දේවලින් හැඩීම් වැලපීම් කායික දුක මානසික දුක ඇති වෙනවා. ‍මේ දේවවලට දුක ඇති වෙනවා. මේ දොළොස් ආකාරයේ වූ දුක හටගන්නේ පටිච්චය සමුප්පාදය නිසා.

ඒත් 'දුක හටගැනීමට හේතුවයි හේතු ඵල දහම' කියලා විතරක් මතකයේ තියාගන්න හොඳ නැහැ. එසේ නම් උඩින් පල්ලෙන් තේරුම් ගත්තා වෙනවා. එසේ වුව හොත් තමයි බාහිර දේවලුත් පටිච්ච සමුප්පාදයට අයිතියි කියලා කියන්න. සමහර අය කියන්නේ ලෝකයේ තියන හැම‍දේම පටිච්ච සමුප්පාදයට අයිතියි. පටිච්ච සමුප්පාදයට අයිති නම් ඒ දේ තුල අවිද්‍යාව තියෙන්න ඕන සංස්කාර අකුසල කුසල චේතනා ඉන් පස්සේ ධ්‍යාන චේතනා ඒවා නැහැ භෞතික වස්තුවලට ගස්ග ල් පර්වත වලට ඒ දෙවල් නැහැ එසේනම් එය පටිච්ච සමුප්පාදයට අයිති නැහැ පටිච්ච සමුප්පාදයට අයිති දේවලට හිතක් තියෙන්න ඕනෑ. අපි කතා කරන භෞතික දේවල්වලට හිතක් නැහැ. එසේ නම් භෞතික දේවල් ගැන කියලා දෙන්න නෙමෙයි පටිච්ච සමුප්පාදය දේශනා කර තියෙන්නේ. එසේ නම් එය දේශනා කර ‍තියෙන්නේ සත්ත්වයා ගැන කියලා දෙන්න. මෙහිදී පැහැදිලි කරලා දීලා තියෙන්නෙ මේ දුකට හේතුව කුමක්ද ඒ ගැන උගන්වන්න තමයි සර්වඥයන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කළේ ඒ ගැන අප තේරුම් ගත යුතුයි. අනෙක් කරුණ වන්නේ පටිච්ච සමුප්පාදය අප ඉගෙනගන්නේ මොකටද කියන කාරණාව.

විදසුන් නොවැඩුවොත් මොන පින් කළත් පලක් නෑ!

අපි හිතමු යම් කෙනෙක් විදර්ශනා භාවනාවක් පුරුදු කරනවා කියලා. බුද්ධ සාසනයේ විදර්ශනා වඩන්නේ නැති කෙනාට පාලි භාෂාවෙන් කියනවා විසි කරන දෙයක් වැනිය කියලා. ඒ කියන්නේ කුණුගොඩක් වගේ කියලා. අනෙක මොන පින් කළත් වටිනාකමක් නැහැ. ජීවිතයට නිවැරදි වටිනාකමක් එන්නේ විදර්ශනා වැඩීමෙන්. විදර්ශනාවෙන් අප බලාපොරොත්තු වන්නේ මම කියලා කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ. පංචස්කන්ධයක් බව අවබෝධය පමණයි. ඉන් අනතුරුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා.. පංච උපාදානස්කන්ධයක් කියලා අපි දැනගන්න ඕනෑ.

රූපයට කියනවා රූප කියලා. වේදනා සංඥා සංකාර විඥානවලට කියනවා නාමය කියලා. තව විදිහටකට කියන්න පුළුවන්: වේදනා සංඥා සංකාරවලට කියන්න පුළුවන් සිත කියලා. මේ හතරටම කියන්න පුළුවන් නමක් සිත කියන්නේ. වේදනා දැනෙන්නේ සිතින්. එසේ නම් සිතේ ස්වභාවයක් විඳින එක. යමක් හඳුනා ගන්නේ හිතෙන්. හිතේ එක කොටසක් මේ සංඥා. සංඥා කියන්නේ හදුන ගන්නවා කියන එකයි.

හිතේ ලක්ෂණයක් තමයි අරමුණක් ලැබුණාම එය තුළ ජීවත් වෙන එක. ඉන් පසුව යමක් දැනගන්නේ හිතින්.

දැනගන්න ස්වභාවයට කියනවා විඥානය කියලා. වේදනා සංඥා සංකාර කියන‍ දේට අපි කියනවා සිත කියලා. ශරීරයට කය කියලා කියන්න පුඵවන්‍. සිතයි කයයි විතරයි තියෙන්නේ. නැත්නම් නාම රූප විතරයි තියනේනේප ස්කන්ධ පහක් විතරයි තියෙන්නේප මෙය අවබොධ කරන්නයි විදර්ශනා භාවනාව තියෙන්නේප මුලින්ම මෙය අවබෝධ වන මට්ටමට විදර්ශනා වඩන්න ඕනෑ.

අම්මා කෙනෙක් පුංචි පුතකුට කියනවා ගින්දර අල්ලන්න එපා කියලා. එක වයසේ අනෙක් දරුව‍ාට කියන්න බැරිවෙනවා. අනෙක් ළමයා ලස්සනට තියන නිසා ගින්දර අල්ලනවා. ඇල්ලුවාම දැනීම අවබෝධය දෙකම ලැබෙනවා. පිච්චෙනවා කියන්නේ මේකයි කියලා ඒ අය අවබෝධ කරගත්තා. අත්දැකීමෙන් ළමයා දන්නවා විතරයි. දැනුමයි අවබෝධයයි අතර වෙනසක් තියනවා. දැනුම කියන්නේ ඉගන ගැනීමට. ඉගනගැනීම තුළින් විතරක් ධර්මය අවබෝද කරගන්න බැහැ.

මොකක්ද මේ සිතයි - කයයි?

විදර්ශනාවෙන් අපි අවබොධ කර ගත යුතු සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැ, සිතයි - කයයි තියෙන්නේ. නාම රූප දෙක තියෙන්නේ නැති නම් පංච උපාදන ස්කන්ධයක් තියෙනවා. එය අවබොධ කර ගත්තොත් මාර්ග ඵල ලබන්න ඕනෑ නැහැ. කාලයක් හරියට වැඩුවොත් හොඳට නුවණට පේන්න ගන්නවා: මේ රූපයේ තියනවා කුඩා කුඩා කොටස්.. පරමාණු වගේ.. අන්න එ්වා කැඩි කැඩි යන හැටි පේනවා.. උපදින හැටි.. ඒවා විනාස වෙන හැටි.. නැති වෙන හැටි.. අලුතින් ඉපදෙනවා.. ඒවා නැති වෙනවා.. පවතිනවා.. ඒවා නැති වෙන කොට තව එ්වා උපදින හැටි වැටහෙන්න ගන්නවා.. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන.. විද්‍යාවේ උපකරණයකටවත් මෙය පේන්නේ නැහැ.

කායික මානසික ප්‍රශ්න නෙමෙයි ධර්මය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා‍. මොකක්ද ඒ සිතයි කයයි විතරයි නම්, මම කියලා කෙනෙක් නැති නම්, අතීතයේ සිටියේ කවුද? වර්තමාන ජීවිතයට අතීත ජීවිතය සම්බන්ධ‍ වෙන්නේ කොහොමද? වර්තමාන ජීවිතය අනාගත ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ප්‍රශ් න තිබෙනවා. අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳ ඒ අයට ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කළේ.

එය විස්තර කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ මෙහෙමයි සිදු වන්නේ: අතීත ජීවිතවල අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හිටියේ නැහැ. ඒ නිසාම අපි අතීතයේදී කුසල කර්ම රැස් කළා. අතීතයේ අවිද්‍යාවයි සංස්කාරයි තියනවා නම් තණ්හාව තිබෙනවා. තණ්හාව ඇති හැම තැනම උපාදානය තිබෙනවා.

උපාදානය කියන්නේ දැඩිව අල්ලාගැනීම. යමක් ලබන්න ඇති ආසාවට වඩා ලැබුණට පස්සේ ඇති ආසාව වැඩියි. මේ දැඩි ආසාව තමයි උපාදානය කියන්නේ.

උපාදාන කරගත්තාම භවය තිබෙනවා. භවය කියන්නේ කර්මය හැදෙනවා. උපාදාන කරගත්තාම කර්ම. මොනවද උපාදන කරගන්නේ. රූපය අල්ලාගත්තාම කර්මය හැදෙනවා.

වේදනාව උපාදාන කරගත්තාම නැවත කර්ම සකස් වනවා. එයයි භවය කියන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැවත සකස් වෙන්න කර්ම සකස් වීම තමයි භවය කියන්නේ.

අදහස්