ජූලි: 14 සිට ජූලි: 20 තෙක් ඔබට කොහොමද? | සිළුමිණ

ජූලි: 14 සිට ජූලි: 20 තෙක් ඔබට කොහොමද?

මේෂ

බාධා සහිතයි

ලග්නාධිපති 4 රේ වක්‍ර බුධ සමඟයි. ගුරු 8 විමලයෝගය ද චන්ද්‍රයා සමඟ ද සිටී. රවි සිකුරු රාහු 3 වේ. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේදී කරගෙන යන වැඩ කටයුතුවල බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුව ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගත හැක. මිල මුදල් ලැබීම අතින් යහපත් ය. ආදායම් මාර්ග කිහිපයක් උදාකරගත හැක. ගෙදර දොර කටයුතු මෙන් ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී විටෙක ශරීර විඩාව වෙහෙස මහන්සි ගති ඇති කරයි. තමාට නොගැළපෙන අය සමඟ ආ‍ශ්‍රය කිරීමට යාමෙන් වළකින්න. අන්‍යයන්ගේ සහයෝගය ලැබීමට බාධා ගෙනදේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. වෛරස් ‍රෝග, ‍උණ, ලවන ගති, ලේ දුෂ්‍යාබාධ, පපුව පෙනහැල්ල ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 09 ශුභ දවස - සඳුදා

වෘෂභ

ගැටලු

ලග්නාධිපති සිකුරු, රවි රාහු දෙවැන්නේ කුටුම්භ ස්ථානයේ ය. යෝග කාරක ශනි, කේතු 8 සිටී. කුජ බුධ 3 වැන්නේ ය. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා ‍ක්ෂේත්‍රයේදී විටෙක අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ඔබ බලාපො‍රොත්තු වන තරමට සාර්ථක ප්‍රතිපල උදා නොකරයි. උත්සාහය සහ කැපවීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නැත. අදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යා හැකි නිසා මිල මුදල් සම්බාධක කටයුතු ඉවැසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතු ය. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ලේ දුෂ්‍යබාධ, උෂ්ණාධික ‍රෝග බලපායි.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දවස - සිකුරාදා

මිථුන

මිශ්‍රපල

ලග්නාධිපති බුධ කුජ කුටුම්භ ස්ථානවූ දෙවැන්නේ ය. රවි සිකුරු රාහු ලග්නයේ ය‍‍. ශනි කේතු 7 ද ගෝචරය වේ. මෙම පිහිටීම් අනුව වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින්විට බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. ආදායම් ලැබීම අතින් අයහපත් නොවුව ද විටෙක මිල මුදල් රඳවා තබා ගැනීම ඉතා අසීරුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් විය යුතු ය. ගෙදර දොර කටයුතු වලදී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ පමණක් සාමය සමඟිය සුරක්ෂා කර ගත හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතු ය. ඉගෙනීම් කටයුතු වලදී උත්සාහය අවශ්‍යයි. විටෙක ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යයි. උෂ්ණාධික රෝග බඩවැල් ආශ්‍රිත පීඩා ලේ දුෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේශම්වන්න.

ශුභ වර්ණය - කොළ ශුභ අංකය - 05 ශුභ දවස - බදාදා

කටක

වියදම් අධිකයි

ලග්නාධිපති සඳු යෝගකාරක ගුරු සමඟ පූර්ව පුණ්‍යස්ථානයේ ය. රවි සිකුරු රාහු 12 සිටී. ශනි කේතු 6 ගමන් කරයි. මෙම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියාකළ යුතුයි. ආදායම් ලැබුණ ද අනපේක්ෂිත ලෙස වියදම් පක්ෂය ඉහළ යා හැකි නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර කටයුතුවලදී යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේදී ද කල්පනාකාරීවන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ උසස් විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ය. උෂ්ණාධික රෝග, වෛරස් රෝගාදියෙන් ද ප්‍රවේශම් විය යුතුයි. හද ආශ්‍රිත පීඩා, ඇස්වල දුර්වලතාවලට ඉඩ පවතී.

ශුභ වර්ණය - ක්‍රීම් පාට ශුභ - අංකය - 02 ශුභ දවස - සඳුදා

සිංහ

ආදායම් ලබයි

ලග්නාධිපති රවි සිකුරු රාහු අයස්ථානයේ ය. කුජ බුධ දොළහේ ද, ශනි කේතු 5 වැන්නේ ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවල දී සුළු සුළු බාධා අවහිරතා ඇතත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු ඇත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි‍. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදාවේ. ගෙදර දොර කටයුතු මෙන් ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම්වන්න. විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. අධ්‍යාපන කටයුතුවලයෙදී සිටින අයට අලුත් කටයුතු කෙරෙහි අවධානය යොමුකරයි. පර්යේෂණ කටයුතු සාර්ථකවේ. උෂ්ණාධික රෝග, උදරගත පීඩා රුධිර පීඩනය හෘද ගත පීඩාවලින් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 01 ශුභ දවස - ඉරිදා

කන්‍යා

මිශ්‍රපල

ලග්නාධිපති බුධ කුජ සමඟ අයස්ථානයේය‍‍. ශනි කේතු 4 ද රවි සිකුරු රාහු 10 ය වූ කර්මස්ථානයේ ය. මෙම ග්‍රහ පිහිටීම ගෝචරයන් අනුව මෙම කාල සීමාව තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු වූව ද ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි‍. එහෙත් අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබීම ප්‍රමාදයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලබයි. කෙසේ වුවත් වියදම් පක්ෂය ඉහළයයි. ගෙදර දොර කටයුතු යහපත්ය. ‍සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි‍. රුධිර පීඩනය උෂ්ණාධික රෝග, පපුව සහ පෙනහල්ල ආශ්‍රිත පීඩා බලපෑ හැක.

ශුභ වර්ණය - කොළ ශුභ අංකය - 05 ශුභ දිනය - බදාදා

තුලා

සමපල

ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානය වූ නම වැන්නේ ය. රවි රාහු සමඟයි. ශනි කේතු 3 ද කුජ බුධ දහයේ ද වේ. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී යම් යම් ප්‍රමාදතා බාධා ඇති කරයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථකවේ. කෙසේ වුවත් තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැක. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතු කළ යුතු ය. ආර්ථික වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදර දොර කටයුතු යහපත් ය. සමගිය සාමය සුරක්ෂිතවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටින්න. දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දවස - සිකුරාදා

වෘශ්චික

බාධා ඇත

ලග්නාධිපති කුජ බුධ සමඟ භාග්‍යස්ථානයවූ නම වැන්නේ ය. ශනි කේතු 2 ද රාහු රවි සිකුරු අටේ ද සිටී. මෙම ග්‍රහ චලිතයන් තුළ සැලකීමේදී එතරම් ම ශුභ දායක නැත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතු ය. නොඑසේ නම් බාධා අවහිරතා මතු කළ හැකි බැවිනි. ආර්ථික වශයෙන් වුව ද බාධා ගෙන දේ‍. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත්වන්න. ගෙදර දොර කටයුතුවලදී ද යුග දිවිය සම්බන්ධ කටයුතු වලදී ද යම් යම් අවහිරතා මතු කළ හැක. ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැක. වෛරස් රෝග, ලේ දුෂ්‍යබාධා, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතු යි.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 09 ශුභ දවස - බ්‍රහස්පතින්දා

ධනු

ප්‍රමාදතා

ලග්නාධිපති ගුරු චන්ද්‍රයා සමඟ වක්‍රව අටේ සිටී‍. ශනි කේතු ලග්නයේ ද රාහු - රවි සිකුරු 7 ද කුජ බුධ අට වැන්නේ ද ගෝචරය වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා ප්‍රමාදතා ඉස්මතු කළ හැක. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය‍. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන පරිදි නොලැබේ. මිල මුදල් ලැබීම යහපත් බවක් පෙන්නුවද වියදම් පක්ෂය ඉහළ යන නිසා ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර කටයුතු යහපත්වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ‍. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මලබද්ධය අර්ශස්, ස්නායු, නහර දුර්වලතා යනාදියට ඉඩ පවතී. ප්‍රවේශම්වන්න.

ශුභ වර්ණය - රන්වන් ශුභ අංකය - 03 ශුභ දවස - බ්‍රහස්පතින්දා

මකර

ශුභ දායකයි

ලග්නාධිපති ශනි කේතු සමඟ වක්‍රව දොළොස්වැන්නේ ද කුජ බුධ සමඟ රවි සිකුරු ධනු 6 ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයන් තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ප්‍රධානින්ගේ උපකාරය ලැබේ. ආර්ථික සහ මුල්‍යමය වශයෙන් ශුභ දායකවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදර දොර කටයුතු මෙන් ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙනදේ. තම අධ්‍යාපන කටයුතු කෙරෙහි වඩාත් සැලකිලිමත්වන්න. අලුත් විෂයයන් කෙරෙහි අවධානයෙන් පසුවන්න. රුධිර පීඩනය, බඩවැල් ආශ්‍රිත පීඩාදියෙන් ද ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දවස - සිකුරාදා

කුම්භ

මිශ්‍ර ඵලයි

ලග්නාධිපති ශනි කේතු අයස්ථානයේද, රවි සිකුරු රාහු 5 ද කුජ බුධ 6 ගමන් ගනී‍. මෙම පිහිටීම් කෙරෙහි සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවල දී තරමක් බාධා ප්‍රමාදතා ඉස්මතු කළ හැකි නිසා සැලකිලිමත් වන්න. ආර්ථික වශයෙන් ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ‍ප්‍රවේශම් වන්න. ගෙදර දොර කටයුතු මෙන් ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඉගෙනීමේ කටයුතු කෙරෙහි වඩාත් සැලකිලිමත් වන්න. පර්යේෂණ කටයුතුවලට ශුභයි. වෛරස් රෝග උෂ්ණාධික ලේ දුෂ්‍යබාධ යනාදියට ඉඩ පවතී.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 08 ශුභ දිනය - සෙනසුරාදා

මීන

බාධා ඇත

ලග්නාධිපති ගුරු සඳු භාග්‍ය ස්ථානයේද, කුජ බුධ පහේද රවි සිකුරු රාහු 4 ද ශනි කේතු 10 සිටී‍. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවලදී බුද්ධිමත්ව ද සැලකිලිමත්ව ද ක්‍රියා කරන්න. ආර්ථික වශයෙන් එතරම්ම යහපත් නොවේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනා කාරිවන්න. ගෙදර දොර කටයුතු මෙන් ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත්වන්න. විටෙක සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවලද‍ී ශුභයි. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යාබාධ රුධිර පීඩනය පපුව පෙනහල්ල ආශ්‍රිත රෝගවලට ඉඩ පවතී.

ශුභ වර්ණය - රන්වන් ශුභ අංකය - 03 ශුභ දවස - බ්‍රහස්පතින්දා

Comments