SLIM Brand Excellence 2019 වෙනුවෙන් සියල්ල සූදානම් | Page 2 | සිළුමිණ

SLIM Brand Excellence 2019 වෙනුවෙන් සියල්ල සූදානම්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන, මෙරට අලෙවිකරණ ‍ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්නාමයන්, ජාතික මට්ටමේ ඉහළම සම්මානයට පාත්‍රවන, ශ්‍රී ලංකාවේ පුමුඛතම සම්මාන උළෙලක් වන (SLIM) අඛණ්ඩ 18 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. එය කොළඹ SLIM Brand Excellence ජූනි මස 20 වැනිදා පැවැති මාධ්‍ය හමුව හා සමගාමීව දියත් කෙරුණු අතර එහි සම්මාන ප්‍රදානෝත්සවය Catapult your brand…beyond!‟ යන තේමාව පෙරදැරිව මෙම නොවැම්බර් මාසයේ ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ඒ අනුව රට පුරා විහිද විසිර පවතින ආයතන සඳහා සිය සන්නාමයන් වෙනුවෙන් ජූලි 19 වැනිදාට ප්‍රථම මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන මෙන් SLIM විසින් ඉල්ලා සිටිනු ලැබේ. ඒ සඳහා ඉදිරිපත්වන්නන් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් ජූනි මස 27 වැනිදා ක්‍රියාත්මක කිරීමටද සංවිධායකයන් විසින් කටයුතු යොදා තිබේ.

 

Comments