SLT SpeedUp Karting ධාවන තරගයට | සිළුමිණ

SLT SpeedUp Karting ධාවන තරගයට

මහජනතාව වෙත නවමු ක්‍රීඩා අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමල 'SLT Speed Up Karting Challenge 2019' කාර්ටින් ධාවන තරගය ප්‍රවර්ධනය කරනු පිණිස බණ්ඩාරගම Sri Lanka Karting circuit (SLKC) සමග අත්වැල් බැඳගන්නා ලදි. 2015 වසරේදී ආරම්භ කරන ලද'SLT Speed Up වැඩසටහනෙහි දිගුවක් වශයෙන් මෙම කාර්ටින් ධාවන තරගය 2019 ජූලි මස 13 දින පෙ. ව. 9 සිට බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම අභියෝගය භාරගනිමින් විස්මිත තරග අත්දැකීමක කොටස්කරුවන් වීමට කැමති තරගකරුවන්ට තවමත් මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව විවෘතව පවතී. ක්‍ෂේත්‍රය තුළ අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන් තහවුරු කිරීමේ අරමුණින් මෙම තරගය Ceylon Motor Sports Club විසින් සංවිධානය කොට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Comments