මැරී නොමැරී ජීවත් වුණු මට මේ ළමය මේ දුන්නෙ මහ දරුණු දඬු­ව­මක් | සිළුමිණ

මැරී නොමැරී ජීවත් වුණු මට මේ ළමය මේ දුන්නෙ මහ දරුණු දඬු­ව­මක්

රාත්‍රිය මෝරත්ම පාරේ කලි කල­හය අඩු වේ. උම­තු­වෙන් මෙන් ඒ මේ අත ධාව­නය වූ වාහන හදි­සියේ ම අතු­රු­ද­හන් වූවාක් මෙනි. නුදු­රෙහි හෝට­ල­ය­කින් වෑහෙන ආලෝ­කය ද ප්‍රණීත සුග­න්ධය ද මේ දැන් විවර වූ රිය කවු­ළු­වෙන් රිංගා එයි. බ්‍රයන් වීදු­රුව පහත් කළේ නික­මට මෙනි. මඟ දෙපස වඩා හොඳින් නැර­ඹීමේ වුව­ම­නා­වට වඩා ඔහු පෙළන ලද්දේ යෙහෙ­ළි­යගේ පියාගේ මන­ස්තා­ප­යයි. පිය හද­ව­තක ශෝකය දකි­න්නට ඔහු ප්‍රිය නොක­ළේය. ඒ ගරා වැටෙන ගෘහය තුළ අමාලි දකි­න්නට ඔහු මෙන් ම සිරි­මා­න්නද දැඩිව බලා­පො­රොත්තු විය. එහෙත් ඒ බලා­පො­රො­ත්තුව සුනු විසුනු කර දම­මින් ඔවුන් වෙත සුහද සිනා­වක් පෑවේ ඒ කාල­වර්ණ කඩ­ව­සම් තරු­ණ­යාය.

නලින් ඔහු දෙස රවා බැලු­වේය.

“ඔයා ටිකක් කට වහ­ගෙන ඉන්න­වද අෂේන්..?”

පියාගේ ආද­රය විනා අනා­ද­රය නුහුරු අෂේන් දෙතොල හකුළා ගත්තේය.

“දැං මට දැන­ගන්න පුළු­වන්ද මොකක්ද මේ හැංගි මුත්තං සෙල්ලම කියලා...”

ඔහුගේ නිර්දය විලා­ස­යෙන් පෑරුණු සිත ශෝක­යට නොව ‍කෝපයට ඉඩ­කඩ පාදයි.

“මං ‍ලොකු වර­දක් තමා කළේ. මට සමා­වෙන්න.” යි එක එල්ලේ ඔහු දෙස බල­මින් කී ඇය කාම­ර­යෙන් පිට වූවා. අකා­රු­ණික ආය­ම්මාට හොරෙන් ආහාර පාන ලබා දුන් කුඩා මිතුරා වෙත කෘත­වේදී බැල්මක් හෝ නොහෙ­ළු­වාය.

“එපා එපා... යන්න එපා” යී කෑ ගෑ අෂේන් හඬා වැටු­ණේය. පුත්‍රයා සන­සන්නේ ද නැත­හොත් වේග­යෙන් ඇවිද යන යුව­තිය වළ­ක්වා­ලන්නේ ද නිශ්චය කොට ගත නුහුණු තරු­ණයා විපි­ළි­සර විය.

“අනේ ඉන්නකෝ... යන්න එපා...” යි අය­දි­මින් කොලුවා අමාලි පසු­පස දිව ගියේය. සිත්පිත් නැත්ති­යක මෙන් තවත් පිය­ව­රක් හෝ පෙරට යා ගත නුහුණු ඇය ආපසු හැරු­ණාය. හඬා වැටෙන දරුවා වෙත නැඹුරු වූවාය.

“මම යන්න ඕනනෙ අෂේන්. මට හැම­දාම මෙහෙ ඉන්න බෑනේ..”

“ඇයි බැරි..? ඔයා ඉන්නකෝ.. ඔයා ගියොත් මට පාළුයි. එතල් ආන්ටි එක්ක මට ඉන්න බෑ...”

අෂේන් වැල­ඳ­ගත් අමාලි “ඉතිං අඬන්න එපා” යි ඉල්ලා සිටි­යාය. ඇගේ දෙනෙත පිරි කඳුළු දෙකො­පුල් ඔස්සේ රූරා හැලිණ. ඔවුන් දෙස බලා හිඳින නලින්ගේ කෝපය මඳින් මඳ වියැ­කෙයි.

“දෙයක් කරන්න කලින් ඒකෙන් තමන් වටේ ඉන්න අයට සිද්ධ වෙන්න පුළු­වන් මොනාද කියන එක ගැන හිතන්න ඕන උගත් ගෑනු දරු­වෙක් වුණාම..” යි ඔහු තව­දු­ර­ටත් සිය කෝපය හා අප්‍ර­සා­දය පළ කළේය.

“මම උගත් නෑ. මම නූගත්.. මාව ගෙද­රින් ‍එළෙව්වම මම කොහෙ යන්නද.. ඔය මහ­ත්ත­ය­ගෙන් මම දැං සමාව ඉල්ලු­වනේ.. මං දැන් ගියාම සේරම හරිනෙ.. ඔයා ඔයාගෙ ළම­යව ගන්න.. එත­කොට මං යන්නං” යි ඇය කෝප­යෙන් ද ශෝක­යෙන් ද සැලෙන හඬින් කෑගෑ­වාය.

ඒ මන­හර උද්‍යා­නයේ කෙළි­ලොල් තරු­ණ­යෙකු සමඟ සිටි දඟ­කාර යුව­තිය මේ අයු­රින් කෑ ගෑම පිළි­බ­ඳව ඔහු විම­ති­යට පත් විය.

“මේ පොඩි දරු­ව­ටත් ඔයා අනු­බල දුන්නා අපිව රව­ට්ටන්න...” යි ඔහු ‍චෝදනා කළේය.

ඇය අෂේන් පසෙ­කට තල්ලු කොට දමා නැඟී සිටි­යාය.

“එපා යන්න එපා” යි ඔහු ඕනෑම කෙනෙ­කුගේ ළය රිද­වන හඬින් ඉල්ලා සිටි­යේය. එහෙත් ඇය නිවෙ­සින් පිට­තට දිව ගියේ සොවින් ඉකි­ග­සන කොලුවා නොත­ක­මිනි.

“එපා යන්න එපා.. ඔහොම ඉන්න..” යි හඬ ගාමින් නලින් ඇය හඹා ගියේය. තමා කුමක් කීවද ඇය මේ රාත්‍රි­යෙහි නිවෙ­සින් පිට­තට දිව යනු ඇතැයි ඔහු කිසි­සේත් නොසි­තු­වේය. ගේට්ටුව වසා තිබූ බැවින් නව­ති­න්නට සිදුවූ යුව­තිය අල්ලා ගන්නට ඔහු සමත් විය.

* * * * *

“මාව අතා­රින්න... අතා­රින්න” යි ඇය බෙරි­හන් දුන්නාය.

දීර්ඝ ගම­නක වෙහෙ­සට වඩා ඔහුට ඉව­සිය නොහැක්කේ අපේක්ෂා භංග­ත්ව­යයි. නිශ්ශ­බ්ද­තා­ව විඳ දරා ගැනීම කොතෙක් දුෂ්කර වුවද බ්‍රයන් කිසි­වක් පව­ස­න්නට මැළි විය. කිව යුතු යමක්ද මුව’ග නොහැ­ගු­ණෙන් නිශ්ශ­බ්ද­තා­ව සුරැ­කිණ.

පාරේ පසෙ­කට කොට මෝටර් රිය නැවැත්වූ සිරි­මාන්න සුදුසු වච­න­යක් සොය­න්නාක් මෙන් තව­දු­ර­ටත් නිහ­ඬව පසු විය.

“ඇ.. ඇයි අංකල්?” යි තරු­ණයා තත­න­මින් වුව ඇසුවේ නිහ­ඬව පසු­වීම නොමැ­න­වැයි සිත­මිනි.

“ඇයි කියල නේන්නං මාත් මගෙං දහස් වතා­වක් අහන්නෙ. මට හිතා­ගන්න බෑ ඉල­න්දා­රියා මට කොත­නද වැර­දුණේ කියලා. ඒත් කොත­නක හරි වැර­දුණා...” යි කී සිරි­මාන්න සුසු­මක් හෙළු­වේය. ‍

ඒ සුසු­මට හවුල් වන්නට වුව­මනා වුවද බ්‍රයන් සෙල්රු­වක් සේ නිහ­ඬව හා නිස­ලව පසු විය.

“චම්පට මොකක්ද වුණේ කියලා නොදැන මැරි මැරී හිටපු මට මේ ළමය මේ දුන්නෙ මහ දරුණු දඬු­ව­මක්.”

රාත්‍රිය මෝරත්ම පාරේ කලි කල­හය අඩු වේ. උම­තු­වෙන් මෙන් ඒ මේ අත ධාව­නය වූ වාහන හදි­සියේ ම අතු­රු­ද­හන් වූවාක් මෙනි. නුදු­රෙහි හෝට­ල­ය­කින් වෑහෙන ආලෝ­කය ද ප්‍රණීත සුග­න්ධය ද මේ දැන් විවර වූ රිය කවු­ළු­වෙන් රිංගා එයි. බ්‍රයන් වීදු­රුව පහත් කළේ නික­මට මෙනි. මඟ දෙපස වඩා හොඳින් නැර­ඹීමේ වුව­ම­නා­වට වඩා ඔහු පෙළන ලද්දේ යෙහෙ­ළි­යගේ පියාගේ මන­ස්තා­ප­යයි. පිය හද­ව­තක ශෝකය දකි­න්නට ඔහු ප්‍රිය නොක­ළේය. ඒ ගරා වැටෙන ගෘහය තුළ අමාලි දකි­න්නට ඔහු මෙන් ම සිරි­මා­න්නද දැඩිව බලා­පො­රොත්තු විය. එහෙත් ඒ බලා­පො­රො­ත්තුව සුනු විසුනු කර දම­මින් ඔවුන් වෙත සුහද සිනා­වක් පෑවේ ඒ කාල­වර්ණ කඩ­ව­සම් තරු­ණ­යාය.

“අර එදා මාත් එක්ක ආව ගෑනු ළම­යව මත­කයි නේද?” බ්‍රයන් මහත් වුව­ම­නා­වෙන් ඇසූ කල ඒ තියුණු දෙනෙත දිලි­සිණ. ඒ ගෑනු ළමයා කිසි කලෙ­කත් අම­තක නොවන බව කියා ගත නුහු­ණුව රාජු ගොළුව ගියේය.

“එයා ආවද..? හොඳට මතක් කරන්න...”

සිරි­මා­න්නද අහි­ගු­ණ්ඨික තරු­ණ­යාගේ පිළි­තුර වඩා හොඳින් ශ්‍රව­ණය කර­ගැන්ම පිණිස මඳක් ඉදි­රි­යට නැවු­ණේය.

“නෑ... ආවෙ නෑ...”

බිඳ වැටෙන බලා­පො­රොත්තු ජනිත කළ කම්ප­න­යෙන් මිදෙ­න්නට තරු­ණ­යාට හා මිනි­සාට තර­මක වේලා­වක් ගත විය.

“සොරි අංකල්.. අප­රාදෙ මෙච්චර දුරක් ආවෙ. මං හිතුවා අමාලි මෙහෙ එන්න ඇති කියලා..”

බ්‍රයන් පශ්ච­ත්තා­ප­යෙන් දුබ­ලව ගිය හඬින් සමාව අයැ­ද්දේය.

“ඒකට කමක් නෑ බ්‍රයන්. මෙහෙ ආවෙත් නැත්තං මේ ළමයා කොහෙද ගියේ..”

සිරි­මාන්න උදෑ­සන නිවෙ­සින් පිට ව‍ූයේ බ්‍රයන් හමු­වීමේ බලා­පො­රො­ත්තු­වෙ­න්මය. ඔහු කොත­නක ගියේ­දැයි නොදන්නා බව කිය­න්නට ශ්‍යාමලී පළ­මුව තීර­ණය කළාය. එහෙත් වෙහෙ­සින් හා ශෝක­යෙන් අඳු­රුව හුන් මිනිසා දකිත්ම ඇගේ ළය දැවී ගියේය.

එකම දරුවා කොහේ ගියාද කියලා නොදැන දුක් විඳින තාත්තෙක් යි ඇය ශෝක­යෙන් සිතු­වාය.

“පුතා ගියේ සුන­න්දාව මීට් වෙලා එන්නම් කියලා..” යි ඇය ඇත්තම කීවාය.

“නංගිව? ඒ මොක­ටද?” යි නොඇසූ සිරි­මාන්න වහා සිය රියට නැංගේය. ඇය ඔහු පසු­පස ආවාය.

“අනේ අප­ටත් හරිම කන­ගා­ටුයි මේ සිද්ධ වුණු දේට. අපෙ පුතා දන්නෙ නෑ මිස්ට සිරි­මාන්න අමාලි කොහෙද ඉන්නෙ කියලා. එයා හරි­යට දුක් වෙනවා.. යාළු­වන්ගෙ ගෙව­ල්වල ඉන්න­වද කියලා හොය­නවා.. මම හොඳ­ටම දන්නවා පුතා මුකුත්ම නොදන්න බව...” යි ඇය රිය කවු­ළු­වෙන් එබෙ­මින් කියා­ගෙන ගියාය.

“මම බ්‍රයන්ව හොයන්නෙ ගහන්න බනින්න නෙමෙයි. එයා තනි­යම හොය­න­වට වඩා අපි දෙන්නම එකතු වෙලා හෙව්වොත් වැඩක් වෙයි කියලා හිතලා..”

ඇයට මහත් අස්වැ­සි­ල්ලක් දැනිණ. ඇය මෝටර් රිය වෙතින් ඉව­තට ගියේ සැන­සුම් සුසු­මක් හෙළ­මිනි. එහෙත් සුනන්දා දිගු කළ මුදල් නෝට්ටුව අතින් ගනිත්ම දුටු මෝටර් රිය බ්‍රයන් කොතෙක් කල­ඹා­ලූයේ ද කිව­හොත් “අයියෝ ආන්ටි.. අමාගෙ තාත්තා” යි කෙඳිරි ගෑවේය.

“පුතා බය නැතුව ඉන්නකෝ. මොනා හරි කිව්වොත් මම බලා­ගන්නං.” සුනන්දා කිසි කලෙ­කත් නොවූ විරූ එඩි­ත­ර­ක­ම­කින් පොරොන්දු වූවාය.

“නඟින්න”

සිරි­මාන්න අණ කළ ද බ්‍රයන් බිහි­රෙකු මෙන් බලා සිටියා පමණි.

“අයියෙ මේ ළමයා මුකුත්ම දන්නෙ නෑ,. නිකං අප­රාදෙ මේ ළම­යට දොස් කියන්න එපා..”

සුනන්දා හැකි­ළෙන පැකි­ළෙන තරු­ණයා රැක ගන්නට වෙහෙ­සු­ණාය.

“මං බ්‍රයන් හොයන්න ගෙද­රත් ගියා. ඔයාගෙ අම්මා තමා කීවෙ ඔයා මෙහෙ ආවා කියලා...”

නැග­ණි­යගේ කියුම නොතැකූ සිරි­මාන්න සුහ­ද­ශීලී ලෙස කතා කළේය.

සිය මව තමා පාවා දුන්නේ යැයි චෝදනා කර­මින් බ්‍රයන් මෝටර් රියට නැංගේය.

“දරු­වෙක් ඉන්න කෙනෙ­කුට තමා දරු දුක හොඳට ම තේරෙන්නෙ..”

මේ තරුණ පුත්‍රයා එල්ල කළ චෝද­නාව දිවැ­සින් දුටු­වාක් මෙන් සිරි­මාන්න ශෝකී හඬින් තොල් මතු‍ළේය.

“දරු­වෙක් නැති මට දරු දුක නෑ කිය­ලනෙ අයියා ඔය නොකියා ඉන්නෙ.. මාත් කසා­ද­යක් බැන්දා නම් මටත් දරුවො ඉඳී... ඔහොම කතා කරන්න එපා අයියේ..” යි කියා ගත නුහුණු සුනන්දා දෑසට එක්රො­ක්වන කඳුළු අත­රින් ඈතට ඇදී යන මෝටර් රිය දෙස බලා­ග­ත්ව­නම සිටි­යාය.

“කෝ කට්ටිය?” යි බ්‍රයන් ඇසුවේ කිසි­වක් කතා කළ යුතු නිසා මිස පිරි­ය­කින් නොවේ. සිරි­මාන්න වල් බිහිව ගිය මිදුලේ සක්මන් කළේය. අතී­ත­යෙන් ඇසෙන සිනා කතා හඬින් ඔහුගේ දෙස­වන පිරී ගියේය.

ලබන සතියට‍...

අදහස්