මගේ ච‍ූටි මල්ලියා | සිළුමිණ

මගේ ච‍ූටි මල්ලියා

මල්ලි­යෙක් ලැබුණු බව දැන­ගත් විට මම ඉම­හත් සතු­ටට පත් වුණෙමි. මල්ලී බැලී­මට රෝහ­ලට ගිය පසු ඔහු මලක් මෙන් ලස්ස­නට තොටිල්ලේ සිනහ වෙමින් සිටිනු මම දුටු­වෙමි.

ටිකෙන් ටික වැඩෙද්දී මගේ උකුළේ නැළ­වී­මට මල්ලී දැක්වූයේ දැඩි ආශා­වකි. මල්ලී ලොකු වූ පසු දඟ වූයේ ය. ඔහු මගේ පොත් ඉරා පෑන් පැන්සල් විසි කළ විට මා සැර වී තදින් පහ­රක් ගැසූ පසු ඔහු හැඬුවේ ය. මම ඔහු වඩා සිප වැලඳ ගත්තෙමි. මගෙ අතින් ආහාර කවා ගැනී­මට මල්ලී දැක්වූයේ දැඩි කැමැ­ත්තකි. මගේ මල්ලීට අකුරු කිය­වීමේ දවස ළඟා‍ ­වුණි. තාත්තා මල්ලීට අකුරු කියෙව්වේ ය. මම ද අකුරු කිය­වී­මට සහ ඉල­ක්කම් කිය­වී­මට මල්ලීට උදව් කළෙමි. දැන් මල්ලී පෙර පාසල් යාමට ද සූදා­නම් ව සිටියි. මට පාස­ලේ­දීත්, යන හැම­තැ­න­ක­දීම මල්ලීව සිහිවේ. මම මගේ සුදු මල්ලියා හැම­දාම ආද­ර­යෙන් රැක බලා ගනිමි.

හිරු­දිනී හසාරා වික්‍ර­ම­සිංහ
5 ‍ශ්‍රේණිය,
විහාර මහා­දේවි බාලිකා විද්‍යා­ලය,
කිරි­බ­ත්ගොඩ.

අදහස්