ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ලසිත් මාලිංග | සිළුමිණ

ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ලසිත් මාලිංග

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු එක්දින තරගයට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ලසිත් මාලිංග සිය එක්දින තරග දිවියට සමුදිමට තීරණය කර ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියාවේ සිටම තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවිම සදහා තමන් ජුලි මස 22 වෙනිදා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බව දන්වා ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගියේය.

Comments