නව­ක­ව­ධයේ නවක මුහු­ණු­වර | සිළුමිණ

නව­ක­ව­ධයේ නවක මුහු­ණු­වර

ඩෙංගු උණ අද සුලබ ගෘහස්ථ රෝගා­බා­ධ­යකි. මේ වයි­රස උණට විවිධ මුහු­ණු­වර ඇත. එබැ­වින් ලෙඩේ එකක් වුවද පහළ වන රෝග ලක්ෂණ සුළු­වෙන් පවා වෙනස් වන්නේය. එසේ වන්නේ අන් කිසි­වක් නිසා නොව; මේ රෝග කාරක වයි­රස විවිධ මුහු­ණු­වර ගනි­මින් වේග­යෙන් වෙනස් වීමේ ගති-සොබා­වක් ප්‍රකට කරන නිසා බව වෛද්‍ය පර්යේ­ෂ­ක­යන් මෑත­කදී සිදු කළ පර්යේ­ෂණ මඟින් තහ­වුරු කර­ගෙන ඇත. ඒ කෙසේ වුවත් මෙහිදී අපගේ අව­ධා­නය යොමු වන්නේ ඩෙංගු වෙත නොවේ. මේ වයි­ර­සය ආකා­ර­යෙන්ම විවිධ වෙස් ගෙන සර­සවි දේහය උණ විකා­ර­යට පත් කර­ව­මින් ඇති නව­ක­ව­ධයේ නව මුහු­ණු­ව­ර­වල දරු­ණු­කම පිළි­බ­ඳ­වය.

නව­ක­ව­ධය අර­බයා සමා­ජයේ වැඩි­පු­රම කතා­බ­හක් ඇති වන්නේ කොහේ හෝ විශ්ව­වි­ද්‍යා­ල­යක අමා­නු­ෂික නව­ක­ව­ධ­යක් වාර්තා වන විටය; එසේ නැති නම් සිසු­වකු සර­ස­විය එපා වී සිය­දිවි නසා­ගැ­නීම හෝ එසේ කිරී­මට තැත් කිරීම සම­ඟය. මේ කතා­බහ ඇති වද්දී ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව­වි­ද්‍යා­ල­ය­වල උප­කු­ල­ප­ති­ව­රුන්, පීඨා­ධි­ප­ති­ව­රුන් මෙන්ම ඒ විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ආධි­ප­ත්‍යය දරන ශිෂ්‍ය සංගම් පවා මාධ්‍ය හමු­වට පැමිණ හෝ නූතන සමාජ මාධ්‍ය ජාලා භාවිත කර­මින් හෝ පව­සන්නේ අපේ විශ්ව­වි­ද්‍යා­ලය/ අපේ පීඨය දැන් නව­ක­ව­ධ­යෙන් මුක්ත කලා­ප­යක් බවට පත්ව ඇත යනු­වෙනි. මේ වද­න්ව­ලින් මුස­පත් වන හුදී ජන­තාව ‘දැන් ඉතින් අලුත් යුග­යක් උදා වෙලා! කැම්ප­ස්වල රැග් ඉව­රයි’ යනු­වෙන් සැන­සුම් සුසු­මක් හෙළති. මේ පසු­ගිය කාලය තුළ අප ලද අත්දැ­කී­මයි.

ඉකුත් සති කිහි­පය පුරා අප පුව­ත්පත නව­ක­ව­ධයේ විවිධ අමා­නු­ෂික මුහු­ණු­වර පිළි­බඳ කළ අනා­ව­රණ මඟින් පෙනී යන්නේ විසි­තුරු ‍‍සළුව­කින් වැසුණේ වුවද ඒ යටින් අශිෂ්ට නව­ක­වධ ප්‍රව­ණ­තා­වක් හමුවේ සර­සවි දේහයේ උතුම් ගුණාංග ඉතා දරුණු වේග­ය­කින් ඛාද­නය වෙමින් පවත්නා බවයි. මෙරට සර­සවි ඇර­ඹුණු සමයේ විඳිද්දී කටුක වුව පසු­කා­ලීන සැම­රු­මක් සේ රස විඳිය හැකි සුන්දර අත්දැ­කී­මක් වූ නව­ක­ව­ධය යටතේ අද වන විට වත්මන් සිසු පර­පු­රට අත්වි­ඳින්න සිදුව ඇත්තේ අති­ශ­යින් කුරිරු වූද මිනි­ස්ක­මට කිසි­සේත් නොගැ­ළ­පෙන්න‍ා වූද ම්ලේච්ඡ අත්දැ­කීම් සමු­දා­ය­ක­ටය. මේවායේ පවත්නා අධම ක්‍රෑර­ත්වය පිළි­බඳ ‘සිළු­මිණ’ මෙවර කලා­පයේ මෙන්ම පසු­ගිය කලාප කිහි­ප­ය­කින්ම ගොඩ­නැඟූ කති­කාව මේ වන විට සර­සවි ප්‍රජාව තුළ යම් කති­කා­වක් නිර්මා­ණය කිරී­මට පසු­බි­මක් ගොඩ­නැ­ඟීම ගැන අප සතුටු වුවද මේ දැවැන්ත සමාජ පිළි­ලය ඉවත් කිරීමේ නිසි පිය­වර කෙරෙහි සර­සවි ප්‍රජාව පම­ණක් නොව, සමස්ත සමා­ජ­යම යොමු වී නැති බව අප පිළි­ගත යුතුය.

වර්ත­මාන නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් මෙතෙක් අපට අනා­ව­ර­ණය වී ඇති කරුණු සැබැ­වින්ම විස්මය ජන­කය. මේ ක්‍රියා­ව­ලිය සඳහා ඇතැම් විශ්ව­වි­ද්‍යා­ලය පරි­ශ්‍ර­යට පිටින් කුලි­යට ගත් වධ­කා­ගාර පවා නිර්මා­ණය වී ඇති බව විටෙක හෙළි විය. එසේම දරු­වන් දරුණු ලිංගික සහ කායික වධ හිංසා­ව­ලට ලක් කරන ආකා­රය සම්බ­න්ධ­යෙන්ද බොහෝ තොර­තුරු වාර්තා වී ඇත. භික්ෂූන් වහන්සේ අතර පවා නව­ක­ව­ධය දරුණු අන්ද­මින් ක්‍රියා­ත්මක වන අතර, ඇතැම් විශ්ව­වි­ද්‍යා­ලය තුළ නැති ජාති­වා­ද­යක් අවු­ස්ස­න­සුලු මනෝ උන්ම­න්තක පිය­ව­රද ගන්නා බව හෙළි­ද­රවු වී තිබේ. මේ නව­ක­වධ සිදු­වීම් හේතු­වෙන් දැඩි මාන­සික පීඩ­න­ය­කට සිසුන් මුහුණ දෙන අතර, එය ඔරොත්තු නොදෙ­න්නන් සර­සවි ජීවි­ත­යට සමු දෙන්න පටන් ගෙන ඇත. පසු­ගිය වසර තුළ පම­ණක් පාසල් සමයේ දැඩි කැප­වී­ම­කින් කට­යුතු කොට හිමි කර­ගත් උසස් පෙළ ප්‍රති­ඵල හමුවේ සර­සවි වරම් ලද සිසුන් දෙද­හ­සක් පමණ විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතුළු වීම ප්‍රති­ක්ෂේප කර තිබේ. මෙය බර­ප­තළ තත්ත්ව­යකි.

නව­ක­ව­ධයේ බිහි­සුණු මුහු­ණු­වර සර­සවි ප්‍රජාව වෙතින් ආව­ර­ණය කිරීම සඳහා ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස සමාජ ජාලා ඇතුළු නවීන තොර­තුරු තාක්ෂණ උප­ක්‍රම භාවිත කිරී­මට පිය­වර ගෙන ඇති අතර, මේ සමස්ත ක්‍රියා­ව­ලිය පසු­පස සිට මහ­ජන නියෝ­ජ­න­යක් නැති, මහ­ජන පිළි­ගැ­නී­මක්ද නැති සමාජ පෙර­ගා­මීන් යැයි කියා­ගන්නා එක්තරා දේශ­පා­ලන කඳ­වු­රක් දැවැන්ත තල්ලු­වක් දෙන බව අනා­ව­ර­ණය වී ඇත. මෙහි බර­ප­ත­ළම තත්ත්වය වන්නේ රාත්‍රි­යේදී මේ නව­ක­වධ ක්‍රියා­දා­මය හසු­රු­වන ම්ලේච්ඡ­යන් පසුදා උදෑ­සන සුදු පිරු­වට හැඳ විශ්ව­වි­ද්‍යා­ලයේ පාල­නා­ධි­කා­රිය සමඟ ඉතා සුහ­ද­ත්ව­යෙන් එහි අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලද නාය­ක­ත්වය ගෙන කට­යුතු කිරී­මය. ඔවුන්ගේ ‘බැටළු හම්’ ඇතැම් විශ්ව­වි­ද්‍යා­ල­ය­වල පරි­පා­ල­නයේ වග­කිව යුත්තන්ද නුදුටු වේශ­යෙන් සිටි­නුයේ ඔවුන්ද තමන්ගේ වැඩක් බලා­ගැ­නීමේ න්‍යායක ගිලී කට­යුතු කරන නිසාය.

‘මේ මොන කතා­වක්ද! විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වන සිසු­න්ගෙන් එය අත්හ­රින්නේ කීයෙන් කී දෙනාද?’ යනු­වෙන් මෙහිදී යම­කුට සැක­යක් ඇති වන්න බැරි නැත. එසේ වුවද සර­සවි ප්‍රජාව වෙතින් නිවැ­රදි තක්සේ­රු­වක් ලබා­ගන්නේ නම් ඔවුන්ට මේ අමා­නු­ෂික නව­ක­වධ නිසා සිදු වන කායික සහ මාන­සික පීඩ­නය කොත­රම්ද යන්න අව­බෝධ වනු ඇත. අවා­ස­නා­ව­කට අපේ රටේ සිටින සමාජ විද්‍යා, අප­රාධ විද්‍යා හෝ මනෝ වෛද්‍ය පර්යේ­ෂ­ක­යන් ජාතියේ අනා­ග­ත­යට අති­ශය වැද­ගත් වන්නා වූ මේ නියැ­දිය සම්බ­න්ධ­යෙන් සාධ­නීය පර්යේ­ෂ­ණා­ත්මක මැදි­හත් වීමක් මෙතෙක් සිදු කර නැත. ඒ අතර විශ්ව­වි­ද්‍යාල කොමි­සම වෙත සිසු­න්ගෙන් සහ මවු­පි­ය­න්ගෙන් වාර්ෂි­කව යොමු වන ලිපි සංඛ්‍යාව මේ ගැන යම් දර්ශ­ක­යක් සප­යන බව පැහැ­දි­ලිය.

පසු­ගිය කාලය තුළ රජය මෙරට විශ්ව­වි­ද්‍යා­ල­යන්හි යටි­තල පහ­සු­කම් වෙනු­වෙන් බිලි­යන ගණ­නක් වැය කර තිබේ. විද්‍යා­ගාර හා නේවා­සි­කා­ගාර රැසක් මේ වන විට සම්පූර්ණ කර­මින් ඇත. ඒ අතර මේ සම්පත් පරි­භෝ­ජ­න­යට පවා නවක සිසුන්ට සීමා පන­වනු ලැබ තිබීම පෙන්වන්නේ සර­සවි පද්ධ­තිය තුළ ක්‍රියා­ත්මක වන ශිෂ්‍ය දේශ­පා­ල­නයේ අන්ත පසු­ගාමි ගෝත්‍රික ස්වභා­වය නොවේද? මේ ප්‍රව­ණ­තාව තුළ ශිෂ්‍ය­යන් සභ්‍ය සංස්කෘ­තිය තුළට ඇතුළු කිරී­මට නීතිය සහ විනය සම්බන්ධ ප්‍රති­පත්ති දැඩි සේ ක්‍රියා­ත්මක කිරීම අත්‍ය­ව­ශ්‍යය. ඒ සඳහා ශක්ති­මත් වැඩ­පි­ළි­වෙ­ළක් තිබිය යුතුය. මේ ගත වන්නේ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මට හෝ විශ්ව­වි­ද්‍යා­ලය සනා­ථන සභා­වට හෝ එහා ගිය පුළුල් සමාජ කති­කා­ව­තක් මේ පිළි­බඳ අව­ශ්‍යම මොහො­තක් බව අව­ධා­ර­ණය කළ යුතුය.

අදහස්