අද අපට මෙන්ම රටටත් සුවිශේෂි දිනයක් | සිළුමිණ

අද අපට මෙන්ම රටටත් සුවිශේෂි දිනයක්

පොදු ජන පෙර­මු­ණට අද සුවි­ශේ­ෂයි කිව­හොත්?

පොදු ජන පෙර­මු­ණ­ටත් වඩා මේ රටේ සමස්ත ජන­තා­වට, මේ රටේ දේශ­පා­ල­න­යට සහ රටට අද ඉතා ම තීර­ණා­ත්මක දවසක් ලෙසයි මම මෙය දකින්නේ. අපේ රට දේශ­පා­ල­නය ආබා­ධිත තත්ත්ව­ය­කයි අද වන විට තියෙන්නේ. සමස්ත දේශ­පා­ල­නය ගර්හිත වෙලා තියෙන්නේ, රටේ සෛවරී භාවය ඉදි­රියේ තියෙන්නේ ප්‍රශ්නා­ර්ථ­යක්. රට අරා­ජික වෙලා තියෙන්නේ. යටත් පුර­වැ­සි­යන්ගේ අපේක්ෂා භංග වෙලා තියෙන්නේ. සමා­ජික වශ­යෙන් රට ආගා­ධ­යක තියෙන්නේ. මේ සිය­ල්ලට ම පිළි­තුරු වශ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තීර­ණා­ත්මක සට­හ­නක් තබ­නවා. නියත වශ­යෙන් ම අපි අද නම් කරන්නේ ජාතික නාය­ක­ත්වය. අපේ පක්ෂයේ අපේ­ක්ෂ­කයා පම­ණක් නොවෙයි ජාතියේ අපේ­ක්ෂ­කයා. ජනා­ධි­පති මැති­ව­ර­ණය එනවා දින සිය­ය­කින්. ඉන් පසුව අපි එදා සිට දින සිය­යක් ඉදි­රි­යේදි අලුත් රටක් කියලා අපි විශ්වා­ස­යෙන් කිය­න්නට පුළු­වන්.

අද දින ඉදි­රි­පත් කෙරෙන්නේ ජාතියේ නාය­ක­ත්වය කියලා ඔබ කීවත් පොහො­ට්ටුවේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කියලා මේ රටේ ජන­තා­වට අලු­තින් හෙළි­ද­රව් කරන්න දෙයක් නැහැ නේද.?

මේ පැය ගණ­නත් ඉව­සී­මෙන් බලා­ගෙන ඉන්න කියලා අපි කියන්නේ. දේශ­පා­ලන වින­යක් සහිත වැඩ­පි­ළි­වෙ­ලක් යටතේ අපි කට­යුතු කරන්නේ. ඉව­සී­මෙන් කට­යුතු කරන්න කිය­ලයි අපි කියන්නේ.පොදු ජන පෙර­මුණේ අපේ­ක්ෂ­කයා සම්බන්ධ මේ පව­තින උන­න්දුව පිළි­බඳ අපි සතුටු වෙනවා.

පොදු ජන පෙර­මුණ පක්ෂයේ පරි­ණත දේශ­පා­ල­ඥ­ය­න්ගෙන් සම­න්විත පක්ෂ­යක් එවැනි පක්ෂ­යක රාජ­ප­ක්ෂ­ව­රුන් හැර වෙනත් විකල්ප නැද්ද?

හොඳ ම වික­ල්පය බැහැර කර­න්නට තියෙන අව­ශ්‍ය­තාව කුමක්ද කිය­ලයි මම අහ­නවා. මේ රටේ ජන­තාව ඉතා පැහැ­දිලි ව ම ඡන්දය පාවිච්චි කිරීම සම්බ­න්ධ­යෙන් නිග­ම­න­ය­කට ඇවිත් තියෙ­නවා. ඒ බව පසු­ගිය මැති­ව­රණ වලදී අපි දැක්කා. කවු­රුත් අල්ලස් දීලා කරන දෙයක් නොවෙයි මේ රටේ ජන­තා­වගෙ නිග­ම­නය එයයි.

ගෝඨා­භය රාජ­පක්ෂ අපේ­ක්ෂ­කයා බවට පත් කිරීම

සම්බ­න්ධ­යෙන් පොදු­ජන පෙර­මුණ පක්ෂය සමඟ

සන්ධාන ගතවී සිටින ඇතැම් කුඩා දේශ­පා­ලන පක්ෂ අතර මත­ගැ­ටුම් තියෙ­නවා නේද.?

අපි සියලු දෙනාම කට­යුතු කරන්නේ එකි­නෙ­කාගෙ අද­හස් උද­හස් වලට ගරු­ක­ර­මින්. සදා­චාර සම්පන්න දේශ­පා­ලන ගම­නක් අපි යන්නේ. ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා සම්බ­න්ධ­යෙන් එජා­පයේ ඇති මහා ඝට්ට­නය තරම් ඝට්ට­න­යක් මේ රටේ දේශ­පා­ලන ඉති­හා­සය තුළ තිබිලා නැහැ කියලා මම හිතන්නේ. එ් ගැටුම වහ ගන්න අපිට කරන චෝද­නා­වක් පම­ණයි ඔය. ඒ ගැන අපි ඒ තරම් සැල­කි­ලි­මත් විය යුතු නැහැ. නියත වශ­යෙන්ම අපි නම් කරන්නේ ජාතික අපේ­ක්ෂ­කයා. මේ මොහොතේ එජා­පය පුපුරා යෑමට බර­ප­ත­ලම ලෙස මුහුණ දීලා තිබෙනවා. මේ සමහර කතා දේශ­පා­ලන ගැඹු­රක් ඇති කතා නොවන නිසා අපි ඒ තරම් සැල­කි­ල්ලට ගත­යුතු නැහැ.

ශ්‍රීල­නි­පය සහ පොදු ජන පෙර­මුණ සමඟ සන්ධා­න­ගත වීම සම්බ­න්දයෙන් පව­තින සාකච්ජා මේ වන විටත් සාර්ථක වී නැති බවක් පේනවා නේද.?

මේ මොහො­තෙත් සාකච්ජා බිඳ වැටිලා නැහැ. කණ්ඩා­යම් දෙකක් නම් කරලා තියෙ­නවා. මමත් පොදු පෙර­මුණ නියෝ­ජ­නය කරන කණ්ඩා­ම­යක ඉන්නවා. අපි අවා­සාන වශ­යෙන් ව්‍යුහ දෙකක් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා වුණා. ඉන් පසු ශ්‍රීල­නි­පය සහ පොදු ජන පෙර­මුණ වශ­යෙන් අපි තීර­ණ­යක් ගත්තා නාය­ක­යන් දෙපොළ වන වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාත්, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාත් අව­සාන වශ­යෙන් සාකච්ඡා කිරී­මෙන් ඉදි­රි­යට යායුතු දිශා­න­තිය තීර­ණය කරන්න ඕන කියලා. ඒ අනුව මහින්ද රාජ­පක්ෂ හිටපු ජන­පති සහ වත්මන් ජන­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාත් දින කිහි­ප­ය­කට පෙර මුණ­ගැ­සිලා සාකච්ඡා කළා. මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා දැනට කරන සියලු ප්‍රකා­ශ­ව­ලින් අපි පෙනී යන දෙයක් තමයි, එජා­ප­යට මේ රටේ ආණ්ඩුව බාර දීම සම්බ­න්ධ­යෙන් එතුමා ලොකු පීඩ­න­යට ලක්වෙලා ඉන්න බව. එජාප ආණ්ඩු­වට මේ රට බාර දීමත් සමඟ රට බර­ප­තල අර්බු­ද­ය­කට ලක් වෙලා තියෙ­නවා කියලා මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා තේරුම් අර­ගෙන තියෙන බවයි එතු­මාගේ ප්‍රකා­ශ­ව­ලින් ගම්‍ය වෙන්නේ. මම හිත­නවා එතුමා නැවත වතා­වක් එජා­ප­යට ඔක්සි­ජන් දෙන්න අවශ්‍ය පසු­බි­මක් නිර්මා­ණය කරන එකක් නැහැ.

එජා­පයේ සජිත් පිළ, ශ්‍රීල­නි­ප­යට සන්ධා­න­ගත වෙන්න ආරා­ධනා කරලා තියෙ­නවා කියලා ඇතැම් මාධ්‍ය­වල ප්‍රචා­රය වුණා. එසේ සන්ධා­න­ගත වුව­හොත් පොදු­ජන පෙර­මුණ සමඟ සන්ධාන ගත­වීම සම්බ­න්ධ­යෙන් වන සාක­ච්ජා­ව­ලට මොකද වෙන්නේ?

ඒ අයට අපි කියන්නේ මේ රටේ නැවත ප්‍රේම­දාස යුග­යක් ඇති කිරී­මට සහය දෙන්න කිය­ලයි. අපි මේ ඉති­හා­සය තුළ තරුණ තරු­ණියෝ හැට දහ­සක් ටයර් උඩ දාලා ගිනි තියපු, ඔලු­වට ඇන ගහලා මරපු, ගංගා­ව­ලට දාලා මරපු යුග­යක් පිළි­බඳ ව අහලා නැහැ. අපිට නම් සියො­ළඟ ම ගිනි ගන්නවා ඒ යුගය මතක් වෙන­කොට. මම හිත­නවා මාධ්‍ය භාවි­තය ඇතු­ළත මේ කියන ප්‍රේම­දාස යුගය පිළි­බඳ ව ජන­තා­වට කියලා දිය යුතුයි; ඒ වගේම ඒ යුග­යෙන් පසුව ඉප­දුණ මේ රටේ අලුත් පර­පු­රට මෙය කියලා දිය යුතුයි කියලා. එයට හේතුව ලක්ෂ හැටක ඡන්ද දාය­කයෝ මේ රටට එකතු වෙලා තියෙ­නවා; ඒ අයට මේ යුගය කුමක්ද කියලා කියලා දෙන්නට ඕන. ඒ ප්‍රේම­දාස යුග­යෙන් බැට­කාපු ජනතා විමුක්ති පෙර­මුණ මේ ගැන රටට කියලා දෙන්නට ඕන. ඒ වගේම මාධ්‍ය­වේ­දීන් විශාල සංඛ්‍යා­ව­කට ඒ යුග­යේදී සිදු වූ දේ කුමක්ද කියලා මාධ්‍ය­වේ­දීන් ලෙස රටට හෙළි­ද­රව් කළ යුතුයි.

අදහස්