මේ ආණ්ඩුව නිසා විචාරාත්මක දේශපාලන අවකාශයක් නිර්මාණය වුණා | සිළුමිණ

මේ ආණ්ඩුව නිසා විචාරාත්මක දේශපාලන අවකාශයක් නිර්මාණය වුණා

 කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉති­හාස අධ්‍ය­ය­නාං­ශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේව­සිරි මහතා මෙරට සමාජ දේශ­පා­ලන භූමි­කාව තුළ නිම­ග්නවී සිටින සුවි­ශේෂ චරි­ත­යකි. ඔහු 90 දශ­කයේ මෙරට දේශ­පා­ලන, සමාජ හා කලා සංස්කෘ­තික මත­වා­ද­යට විශාල බල­පෑ­මක් කළ X කණ්ඩා­යමේ නාය­ක­යකු ව ද සිටියේ ය. දේශ­පා­ලන ක්ෂේත්‍රයේ බොහෝ­දෙනා ‘වමා’ යන අනු­වර්ත නාම­යෙන් හඳු­න්වන හෙතෙම වත්මන් දේශ­පා­ල­නය පිළි­බඳ ව සිය අද­හස් අප සමඟ මෙසේ පළ කර සිටියේ ය.

 

• 2015 දී මේ රජය බල­යට පත් කිරී­මෙන් පසුව සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ජාතික ව්‍යාපා­රය වෙනු­වෙන් හඬ නැඟූ උද­විය බලා­පො­රොත්තු වූ දේ සිදු නොවුණු බවට මැසි­විලි නැඟෙ­නවා. ඒ පිළි­බ­ඳව ඔබේ අද­හස කුමක්ද?

මා නම් එය දකින්නේ ඒ ආකා­ර­යට නොවේ. බලා­පො­රොත්තු සහ අපට ලැබෙන දේ අතර නිත­රම පර­ත­ර­යක් ඇති වෙනවා. පාන් තියෙ­නවා කියන බලා­පො­රො­ත්තු­වෙන්, පාන් ගෙඩි­යක් ගන්න කඩේට යනවා. කඩේ පාන් තිබු­ණොත් අපේ බලා­පො­රො­ත්තුව ඉෂ්ට වුණා වගේ හැඟී­මක් කෙන­කුට ඇති වෙන්න පුළු­වන්. එහෙම නැති වුණොත් ඒක ඒ අයට ගැට­ලු­වක් වෙන්න පුළු­වන්. නමුත් මෙත­නදි එහෙම නෙමෙයි.

දේශ­පා­ල­න­යෙදි අප අපේක්ෂා කරන දේ හා ලැබෙන දේ අතර ගැප් එකක් තියෙ­නවා. මේවගේ ලොකු දේශ­පා­ලන පරි­ව­ර්තන වෙන­කොට අප විසින් හඳුනා ගත්ත නරක තත්ත්ව­යක් ඉවත් වෙලා ඉතාම හොඳ තත්ත්ව­යන් ඇති­වෙයි කියල බලා­පො­රොත්තු වෙනවා. නමුත් දේශ­පා­ලන පරි­ව­ර්ත­නය කියන දේ ඒ තරම් සරල දෙයක් නෙමෙයි. ඒ නිසා බලා­පො­රොත්තු ඉෂ්ඨ වුණාද? කියල අහන ප්‍රශ්න­ය­කින් මේක අපට තේරුම් ගන්න බැහැ.

• එදා පැවති තත්ත්වය යටතේ ඔබේ දේශ­පා­ලන අපේ­ක්ෂාව වුණේ මොකක්ද?

යහ­පා­ල­න­යක්, සාධා­රණ සමා­ජ­යක් වැනි දේශ­පා­ලන වශ­යෙන් අත්පත් කර­ග­ත­යුතු යැයි සිතන දේවල් එදා ඇති වූ ආණ්ඩු­වෙන් ඇති කර ගන්න මගේ නම් යථා­ර්ථ­වාදී අපේ­ක්ෂා­වක් තිබුණේ නැහැ.

• එහෙම නම් සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ජාතික ව්‍යාපා­රය වෙනු­වෙන් ඔබ පෙනී සිටියේ කුමක් අපේ­ක්ෂා­වෙන් ද?

ඒක ආණ්ඩු පෙර­ළන්න ඕන හෝ පුළු­වන් කියන අද­හ­සින් ගිය ගම­ණක් නෙමෙයි. ඇත්තට ම ඒක අහ­ම්බෙ­කින් සිද්ධ වුණු දෙයක්. එදා මම සෝභිත හාමු­දු­රු­වන්ගෙ ඉල්ලීම උඩ අධ්‍යා­ප­නය ගැන කතා කරන්න මාධ්‍ය සාක­ච්ඡා­ව­කට ගියා, එච්ච­රයි. ඊට වඩා දෙයක් එතන තිබුණේ නැහැ. පස්සේ මම කල්පනා කළා, මේ ඝනී­භූ­ත­වෙලා තියෙන දේශ­පා­ල­නය සාධ­නීය ව වෙනස් කරන්න පුළු­වන් යම් කිසි විභ­ව­යක් ඒ මැදි­හත් වීම තුළ තිබෙන බව. මගේ අපේ­ක්ෂාව වුණේ ඒකයි.

එදා පැවති ආණ්ඩුව පෙර­ළු­ණත් නැතත් ඒ ඇති වෙච්ච ව්‍යාපා­රය ඉතාම වැද­ගත් එකක්. මොකද දේශ­පා­ල­නය කියල කියන්නේ මැදි­හ­ත්වීම් වලට. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සමා­ජ­යක් පව­තින්න නම් මිනිස්සු ඒ සඳහා පෙළ­ගැ­හෙන්න ඕන; මැදි­හත් වෙන්න ඕන; කතා කරන්න ඕන; අද­හස් ප්‍රකාශ කරන්න ඕන; සංවාද කරන්න ඕන; විරෝ­ධය ප්‍රකාශ කරන්න ඕන. නිත­රම එවැනි ක්‍රියා­ශීලී මහ­ජන දේශ­පා­ලන පරි­ම­ණ්ඩ­ල­යක් තියෙන්න ඕන. අන්න ඒ දේශ­පා­ලන පණ ගැන්වීම තමයි එදා මගේ අපේ­ක්ෂාව වුණේ.

• ඒ මොහොතේ දේශ­පා­ල­නය ඝනී­භූත වෙලා තිබුණා කියල ඔබ කිව්වා?

ඔව්, සර­ලව කිව්වොත් ඒ මොහොත වන­විට දේශ­පා­ල­නය ගල්ගැ­හිල (ඝනී­භූත) තිබුණේ. බොහෝ­දෙනා දේශ­පා­ල­නය ගැන කතා කරන්න බිය වුණා. මාධ්‍ය­වල ගෝඨා­භය රාජ­ප­ක්ෂගෙ නම පවා කියන්න බය­වෙලා හිටියේ. ඒ පවුලේ කිසි­වෙක් කුමක් කළත් විවේ­ච­නය කරන්න ගියේ නැහැ. ඔක්කොම මාධ්‍ය කතා කළේ ඒ අය ගැන සාධ­ණීය දේවල් විත­රයි. ඒත­රම් බියට පත්වෙලා හිටියේ. ඒ අත්දැ­කීම විඳින වෙලාවේ අපට ඒක දැනු­ණට අද ඒක අපට මතක නැහැ. නමුත් ඒක දැනෙන මොහොතේ අපට ඒ ගැන හොඳින් මතක තිබුණා. අද අපට ඒක මතක නැහැ.

එදා ඒ පැවති ආණ්ඩුව පෙර­ළ­න්නත් ලේසි එකක් නෙමෙයි. එහෙම හිත­න්න­වත් පුළු­ව­න්ක­මක් තිබුණෙ නැහැ. ඔවුන් ඒත­රම් ජන­ප්‍රිය වෙලා හිටියේ. අන්න ඒ ගල් ගැහිල හිර­වෙලා හිටපු අව­කා­ශය වෙනස් කරන්න අපට අවශ්‍ය වුණා.

අපි වැඩ කර­ගෙන යන­කොට අපට තේරුණා මේ ආණ්ඩුව පර­ද්දන්න පුළු­වන් බව. ඊට පස්සේ අපට තිබුණු ගැට­ලුව තමයි මේ ආණ්ඩුව පරා­ජය කරල ගේන්නේ කාවද? කියන ප්‍රශ්නය. ඒ මොහොත වන­වි­ටත් එජා­පය ප්‍රමුඛ පිරි­සක් ආණ්ඩු බලය අල්ල ගන්න නිය­මිත වෙලා හිටියා. ඒ මොහොතේ කවුරු බල­යට ගෙනා­වත්, අපට ඒ ගේන අය ගැන විශ්වා­ස­යක් තිබුණේ නැහැ.

ඒ නිසා ඒ අය­ගෙන් සාධ­නීය දේවල් ලබා ගන්න පුළු­වන් වෙයි කියලා විශ්වා­ස­යක් තිබුණෙ නැහැ. නමුත් අපට තෝරා ගැනී­මක් කරන්න සිදු වුණා. එක පැත්ත­කින් රාජ­පක්ෂ ආණ්ඩුව පරා­ජය කරන්න අව­ස්ථා­වක් පැමිණ තිබුණා. නව ආණ්ඩු­වක් පත් කරන්න අව­ස්ථා­ව­කුත් උදා වී තිබුණා. ඒ අව­ස්ථාව ලබා­ග­න්න­වද නැද්ද; ලබා­ග­න්නව නම් ඒක ගන්න වෙන්නේ අව­දා­න­මක් එක්ක. ඒ අව­දා­නම තමයි, එන අය ගැන විශ්වා­ස­යක් නැති­කම. එත­නදි අප කළේ ඒ අව­දා­නම අම­තක කර රාජ­පක්ෂ පාල­නය හමාර කිරී­මට පිය­වර ගැනී­මයි. ඒ පාල­නය පරා­ජය කිරී­මෙන් ම ඇති වෙන යහ­පත් දේවල් රැසක් තිබුණා. මං හිත­නවා ඒකයි එත­නදී වැද­ගත් වුණේ.

• ඔබ එහෙම කිව්වට ඒකේ දෙපැ­ත්තක් තියෙ­නවා නේද? එත­නදි පරා­ජය වූ අය­ටත් වාසි­යක් අත් වුණා?

ඔව්, එදා ඒ පැවති රාජ­පක්ෂ ආණ්ඩුව පරා­ජය නොකළ නම්; ඔවුන් විශාල ආර්ථි­ක­මය දේශ­පා­ල­න­මය අර්බු­ද­ය­කට ගමන් කර විශාල මහ­ජන අප­කී­ර්ති­යට ලක්වෙන්න නිය­මි­තව තිබුණා. ඒ නිසා අපට ඕන නම් කියන්න පුළු­වන්, ඒ අප­කී­ර්ති­යෙන් රාජ­ප­ක්ෂලා ගලව ගත්තේ අප වගේ අය විසින් කියලා. ඒ නිසා තමයි අද වෙද්දි ඒ අයට මහ­ජන ප්‍රසා­දය මේ තරම් හිමි වෙලා තිබෙන්නේ. ඒ ප්‍රසා­දය දිනා­ගැ­නීමේ මූලික සාධ­කය තමයි 2015 ජන­වාරි 08 වෙනිදා ඒ අය පරා­ජ­යට පත් කිරීම. යම්කිසි විදි­ය­කින් ඔවුන් ජය­ගත්ත නම්, ඔවුන්ට අද මේ තිබෙන ප්‍රසා­දය හිමි වන්නේ නැහැ. මොකද ඒ වෙද්දි ජනතා අප්‍ර­සා­ද­යක් ඔවුන් කෙරෙහි වර්ධ­නය වෙමින් තිබුණේ. නමුත් මේ පරා­ජ­යෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා.

පරා­ජ­යත් එක්ක මිනි­ස්සුන්ට ඔහු කෙරෙහි අනු­ක­ම්පා­වක් ඇති වුණා. ඔහුගේ කාල්ටන් නිව­සට ජන­තාව වන්දනා ගමන් යන්න පටන් ගත්තා. ඒ අනුව ඔහු පුරා­වෘ­ත්ත­යක් බවට පත් වුණා. ඒ සියලු දේ සිදු වුණේ ඔහු පරා­ජ­යට පත් වූ නිසා. ඒ නිසා මේ පරා­ජය කියල කියන්නේ රාජ­ප­ක්ෂ­ලාට වෙස්වළා ගත්ත ආශි­ර්වා­ද­යක්. ඒ නිසා ඒ පැවති ආණ්ඩුවේ පරා­ජය කියල කියන්නේ ඝනී­භූ­තව පැවති දේශ­පා­ලන සමාජ තත්ත්වය වෙන­ස්වීම වගේම හැම අතින් ම ඉතාම වැද­ගත් දෙයක්. මං ඒ වෙනු­වෙන් කොන්දේසි විර­හි­තව පෙනී සිටි­නවා.

• ඔබ මෙත­නදි කොන්දේසි විර­හි­තව පෙනී ඉන්නව කියල අද­හස් කළේ කුමක්ද?

මෙත­නදි මා පෙනී සිටින්නේ පැව­තුණු ආණ්ඩුවේ පරා­ජය වෙනු­වෙන් මිසක්, අලුත් ආණ්ඩු­වක ජය­ග්‍රා­හ­ණය වෙනු­වෙන් නෙවෙයි. මං සතු­ටින් සම­රන්නේ රාජ­ප­ක්ෂ­ලාගේ පරා­ජය මිසක්, නව ආණ්ඩුවේ ජය­ග්‍රා­හ­ණය නෙවෙයි. ජය­ග්‍ර­හ­ණය තුළ සම­රන්න දෙයක් නැහැ. මොකද ඒ ජය­ග්‍ර­හ­ණ­යෙන් අපට ලැබෙන දෙයක් නැහැ ඇත්තට ම. පරා­ජ­යෙන් තමයි අපට යමක් ලැබෙන්නේ. මං හිතන්නේ ඒ පරා­ජ­යෙන් අපට ලැබෙන්න ඕන දේ අද ලැබී තිබෙ­නවා.

• අපට ලැබුණු ඒ සාධ­නීය දේ මොන­වද?

ඒ පරා­ජ­යෙන් පස්සේ නැව­තත් අපේ දේශ­පා­ල­නය පණ ගැන්වී තිබෙ­නවා. විචා­රා­ත්මක දේශ­පා­ලන අව­කා­ශ­යක් නිර්මා­ණය වී තිබෙ­නවා. ඒකෙ­නුත් වැඩි වාසිය අත් කර­ගෙන තිබෙන්නේ රාජ­පක්ෂ කඳ­වු­රයි. එය තමයි මෙහි තිබෙන වැද­ගත්ම දේ. මේකෙන් තේරෙන දේ තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය යම් ආකා­ර­ය­කට සාධ­නීය වර්ධ­න­යක් අත් කර­ගෙන තිබෙන බව. ඒක ආණ්ඩු­වට වාසිද අවා­සිද කියන එක වෙනම කාර­ණා­වක්. නමුත් මෙය ජන­තාව ලද ජය­ග්‍ර­හ­ණ­යක්. ඊළ­ඟට රාජ­පක්ෂ ආණ්ඩු­වක් බල­යට ආවත් කලින් වතාවේ වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය අව­හිර කරන්න තියෙන හැකි­යාව මේ නිසා අවම වී තිබෙ­නවා.

මොකද ජන­තාව දැන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කිසි­යම් ප්‍රමා­ණ­ය­කට භුක්ති විඳි­මින් සිටි­නවා. සමාජ පරි­ව­ර්ථ­නය තුළින් ඔවුන් එය අත්දැක තිබෙ­නවා. ඒක කවුරු හරි අවු­රන්න ගියොත් ඉස්සෙ­ල්ලට වඩා ඒක පේන්න පටන් ගන්නවා. උදා­හ­ර­ණ­යක් විදි­යට 2015 ජන­වාරි 08 වෙනි­දට ඉස්සෙල්ලා රාජ­පක්ෂ ආණ්ඩුවේ ක්‍රියා­ක­ර­කම් ගැන තිබු­ණට වඩා බොහොම පැහැ­දිලි කැට­ප­තක් දැන් නිර්මා­ණය වෙලා තිබෙ­නවා. නැවත රාජ­පක්ෂ ආණ්ඩු­වක් එනව කියන්නේ ඒ අය පරි­ක්ෂා­වට ලක්වන තීව්‍ර­තාව වැඩියි. මේ දේවල් තමයි මා සාධ­නීය දේ ලෙස සල­කන්නේ.

• එත­කොට 19වෙනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය, ස්වාධීන කොමි­සන් සභා ඇති කිරීම, තොර­තුරු දැන­ගැ­නීමේ පනත, අධි­ක­ර­ණය ස්වාධීන කිරී­මට පිය­වර ගැනීම ආදී දේ ඔබ සාධ­නීය දේ ලෙස සල­කන්නේ නැතිද?

ඒව නම් මං ශත­ප­හ­කට ගණන් ගන්නේ නැහැ. ඒවා නිකම් ඔය ලස්ස­නට පේන්න දාන මේකප්, විලා­සිතා, සැර­සිලි වගේ තමයි මා නම් දකින්නේ. ඒවා ක්‍රියා­ත්මක වන ආකා­රය දිහා බැල­පු­වාම කිසිම හර­යා­ත්මක වැද­ගත් කමක් පේන්න නැහැ.

• එක්සත් ජාතික පෙර­මු­ණෙන් රනිල්, සජිත්, කරූ, චම්පික කියන චරිත අත­රින් ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍රා­හ­ණය කිරීම සඳහා වඩා වැඩි අව­ස්ථා­වක් ඇති පුද්ග­ලයා කවු­රුන් කිය­ලද ඔබ හිතන්නේ.

පොහො­ට්ටු­වෙන් එන අපේ­ක්ෂ­කයා පරා­ජය කර ජය­ග්‍ර­හ­ණය කරන්න නම් මෙත­නදි වැද­ගත් වෙන්නේ අපේ­ක්ෂ­කයා කවුද කියන කාර­ණාව නොවෙයි. 2015 දී ගොඩ­න­ඟපු සන්ධා­නය තිය­න­වනේ; අන්න ඒ සන්ධා­නය නැවත ගොඩ­න­ඟන්නේ කොහො­මද කියන එක තුළයි. එක්සත් ජාතික පෙර­මු­ණට දිනන්න නම් ඒ සන්ධා­නය නැවත ගොඩ­නැ­ඟිය යුතුයි.

ඒනිසා ඉදි­රි­පත් වෙන්නේ රනිල් ද, සජිත් ද, කරූ ද නැත්නම් චම්පික ද කියන එක නෙමෙයි වැද­ගත්; ඒක කොහො­මද කරන්නේ කියන එකයි. මේ කව­ර­කුට හෝ ඒ දේ කරන්න පුළු­වන් නම් විප­ක්ෂයේ අපේ­ක්ෂ­ක­යට තර­ග­යක් දෙන්න පුළු­වන් වේවි. ඒ වගේම එහෙම කරන්න පුළු­වන් වුණොත් මෛත්‍රී­පාල සිරි­සේන මහතා වටා සිටින පිරි­ස­කුත් ආක­ර්ෂ­ණය කර ගන්න ඔවුන්ට හැකි වේවි. නමුත් ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. එය ඉතා දුෂ්කර කාර්ය­යක්.

• ඒ දුෂ්කර කාර්යය ජය­ගැ­නීම සඳහා එජාපෙ මොන විදියේ ක්‍රියා­මා­ර්ග­ය­කට ද යන්න ඕන...

විශේ­ෂ­යෙන් ජන­වාරි 08 වෙනිදා බොහෝ දෙනා එකතු වුණේ රාජ­ප­ක්ෂල ව පර­ද්දන්න විත­ර­යිනේ. නමුත් ඒ අය පර­ද්ද­න­වට වැඩිය දෙයක් ඒ ව්‍යාපා­රය තුළ තිබුණා. විශේ­ෂ­යෙන් සෝභිත හාමු­දු­රු­වන්ගේ ලිය­කි­ය­විලි අර­ගෙන බැලු­වොත්, එතන වැද­ගත් මූල­ධර්ම තුනක් තිබුණා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, සමාජ සාධා­ර­ණ­ත්වය හා ජන­ව­ර්ග­ අතර සංහි­ඳි­යාව කියන මෙන්න මේ තුනට වංච­නික විදි­යට නෙමෙයි; අව්‍යාජ විදි­යට ආම­න්ත්‍ර­ණය කරන්න පුළු­වන් නම් සහ ඒක මුල් කර­ගෙන පහු­ගිය අවු­රුදු හතර හෝ පහ ගැන තියුණු හැරී බැලී­මක් කරන්න පුළු­වන් නම් ඒක ඉතාම වැද­ගත්. නමුත් මේ මොහොතේ මේ සෑම දෙයක් ම දේශ­පා­ල­නික වශ­යෙන් බොහොම අභි­යෝ­ගා­ත්ම­කයි.

අදහස්