අරු­ව­ක්කාලු සූදා­නම්! | සිළුමිණ

අරු­ව­ක්කාලු සූදා­නම්!

මේ දින­වල අපේ රටේ අග­නු­වර හා තදා­සන්න ප්‍රදේ­ශ­වල කුණු කසළ එකතු කිරීමේ ගැට­ලු­වක් උද්ග­තවී ඇත. එහෙත් ජන­තා­වගේ පූර්ණ සහාය ඇත්නම් අපේ රටේ කසළ ගැට­ලුව විසඳාගැනී­මට අප­ටම අව­ස්ථාව තිබෙන බව අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ විද්ව­තුන්ගේ මතය වී තිබේ.

මධ්‍යම පරි­සර අධි­කා­රිය, පරි­සර හා මහ­වැලි අමා­ත්‍යාං­ශය හා මහ­න­ගර හා බස්නා­හිර පළාත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ඒකා­බ­ද්ධව කළ අධ්‍ය­ය­න­යක් අනුව වස­ර­කට පෙර අපේ රටේ දින­කට එකතුවන මුළු ඝන අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 6400 කි. බස්නා­හිර පළාතේ එක­තු­වන සම්පූර්ණ කුණු ප්‍රමා­ණය දින­කට මෙට්‍රික් ටොන් 3000 - 4500 ක් වන අතර කොළඹ දිස්ත්‍රි­ක්කයේ පම­ණක් එක­තු­වන ඝන අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 1500 - 2000 අතර වේ.

මෙම කුණු­ව­ලින් පළා­ත් පා­ලන ආය­තන මඟින් එකතු කරනු ලබන්නේ සිය­යට 2.4ක් පමණ බවද එම පර්යේ­ෂ­ණය අනුව හෙළිවී ඇත.

මෙලෙස එක­තු­වන ඝන අප­ද්‍රව්‍යවලින් සිය­යට 49.7ක් පිළිස්සීම හෝ වළ දැමීම සිදු කෙරේ. තවත් සිය­යට 27.2ක් එම පරි­ශ්‍රය තුළම ගොඩ­ග­සනු ලැබේ. පරි­සර අමා­ත්‍යාං­ශයේ පරි­සර දූෂණ කළ­ම­නා­ක­රණ අන්ත­රා­කාරි අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ සහ­කාර අධ්‍යක්ෂ සුජීවා ප්‍රනාන්දු මහ­ත්මිය පව­සන පරිදි මේ හේතුව නිසා මේ වන විට අපේ රට පුරාම මහා කුණු කඳු 390 ක් ගොඩ ගැසී තිබේ.

අපේ රටේ කුණු කසළ වලින් කොම්පෝස්ට් බවට පත්ක­රන්නේ සිය­යට 6ක් පමණි. ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණ­යට ලක්ක­රන්නේ සිය­යට 2ක් පම­ණක් බවද අලුත් අධ්‍ය­යන මඟින් හෙළිවී තිබේ.

‍රටේ කුණු කසළවලින් සිය­යට 60ක් එකතු වන්නේ බස්නා­හිර පළා­තෙන්ය. කර්මාන්ත හා රෝහල් මඟින් අන්ත­රා­කාරි හා අන්ත­රා­කාරි නොවන ඝන අප­ද්‍රව්‍ය විශාල ලෙස පරි­ස­ර­යට නිකුත් කෙරේ. මධ්‍යම පරි­සර අධි­කා­රිය පෙන්වා දෙන පරිදි අපේ රට ඇතු­ළත ඇති කර්මාන්ත 11585ක් මඟින් අන්ත­රා­කාරි අප­ද්‍රව්‍ය නිකුත් කෙරේ. ඉන් සිය­යට 45ක් පිහිටා ඇත්තේ ද බස්නා­හිර පළා­තේය.

මෙරට ඇති අන්ත­රා­කාරි හා අන්ත­රා­කාරි නොවන අප­ද්‍රව්‍ය එක­තු­කර විනාශ කිරී­මට පුත්ත­ලමේ ලංකා සිමෙන්ති සමා­ගම පෞද්ග­ලික සමා­ග­මක් සමඟ එක්ව කට­යුතු කරයි. 2013දි මෙම ආය­ත­නය මඟින් එකතු කර තිබූ අන්ත­රා­කාරි අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 13000 කි. ඒ අයු­රින් සමා­ගම විසින් වස­ර­කට අන්ත­රා­කාරි නොවන ඝන අප­ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 50000 ක් පමණ එකතු කරනු ලැබූ බව එම සමා­ගමේ බල­ධා­රිහු පව­සති. එම අප­ද්‍රව්‍ය තොගයේ වැඩි­පුර අන්ත­ර්ග­තවී ඇත්තේ දහ­යියා, ලී කුඩු, රෙදි කැබලි හා පොලි­තින් බවද පෙනී ගොස් ඇත.

ජාතික සැල­සුම් දෙපා­ර්ත­මේ­න්තුව කර ඇති අධ්‍ය­යන අනුව වස­ර­කට අපේ රට පුරා විද්‍යුත් හා ඉලෙ­ක්ට්‍රෝ­නික අප­ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දහස් ගණ­නක් අපේ පරි­ස­ර­යට එකතු වේ.

ඒ අතර වස­ර­කට සීඑ­ෆ්එල් බල්බ ලක්ෂ 24ක්, ජංගම දුර­ක­ථන ලක්ෂ 9ක්, වාහන බැටරි 90000ක් විද්­යුත් අප­ද්‍රව්‍ය ලෙස අප පරි­ස­ර­යට එක්වන බව එම ගවේ­ෂ­ණය අනුව හෙළිවී තිබේ. මෙහිදී පරි­ස­ර­යට ලැබෙන වස විස ප්‍රමා­ණය පිළි­බ­ඳව තවම හරි තක්සේ­රු­වක් ද සිදු කර නොමැති වීම කන­ගා­ටු­දා­ය­කය.

ඊට අම­ත­රව වස­ර­කට ශීත­ක­රණ 39000ක් හා මුද්‍රණ යන්ත්‍ර 20000ක් සහ ප්ලාස්ටික් විදුලි පංකා හා ගෘහ උප­ක­රණ ලක්ෂ ගණ­නක් අපේ පරි­ස­ර­යට එක්වේ. අපේ රටේ පරි­ස­ර­යට එක­තු­වන ඝන අප­ද්‍රව්‍ය මඟින් ශරී­ර­යට හා සත්ව ජීවි­ත­ව­ලට වඩාත්ම හානි වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍ර­යෙන් නිකුත් කරන රෝහල් අප­ද්‍ර­ව්‍ය­යයි. මේ සෞඛ්‍ය ක්ෂේත්‍ර­යෙන් නිකුත් කරන අප­ද්‍ර­ව්‍ය­ව­ලින් සිය­යට 25ක්ම අන්ත­රා­කාරි අප­ද්‍රව්‍ය වේ. දින­කට අපේ රටේ රෝහල් හා වෛද්‍ය මධ්‍ය­ස්ථාන මඟින් අපේ රටේ පරි­ස­ර­යට අන්ත­රා­කාරි හා සෞඛ්‍ය අප­ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 25ක් එක්වෙන බවත් බස්නා­හිර පළාත් හා මහ නගර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය කළ අධ්‍ය­ය­න­යට අනුව හෙළිවී තිබේ.

මෙම අලුත් අධ්‍ය­යන අනුව හෙළිවී ඇති සුවි­ශේෂි කරුණ වන්නේ අප කොළඹ නග­ර­යට එක් කරන කුණු කසළ ප්‍රමා­ණය පිළි­බඳ තොර­තු­රුයි. ඒ අනුව කොළඹ නග­රයේ සිටින හා පිට පළා­ත්ව­ලින් කොළ­ඹට එන සෑම පුද්ග­ල­ය­කුම දින­කට කුණු කසළ ග්රෑම් 850ක් පරි­ස­ර­යට බැහැර කරයි. බස්නා­හිර පළාතේ හා ඒ අවට ප්‍රධාන නග­ර­ව­ලට ද ඒ ගැට­ලුව ඇති අතර ඒ අනුව ඒ නග­ර­ව­ලට එන පුද්ග­ල­යකු පොදුවේ දව­ස­කට අප­ද්‍රව්‍ය ග්රෑම් 700 - 750 ප්‍රමා­ණ­යක් ඉහත නග­ර­ව­ලට බැහැර කරනු ලැබේ. අර්ධ නගර හා ග්‍රාමීය ප්‍රදේ­ශ­වල ඒක පුද්ග­ල­ය­කුගේ කසළ ජන­නය ග්රෑම් 500 - 300 දක්වා අතර වේ.

මේ අනුව කොළඹ නග­රයේ අප­ද්‍රව්‍ය කැලි­ක­සළ එකතු වීමට පම­ණක් නොව රටේ සියලු දිස්ත්‍රි­ක්ක­ය­කම අප­ද්‍රව්‍ය එක­තු­වීම වැළැ­ක්වී­මට තිර­සර විස­ඳුම් සකස් කළ යුතුව ඇත. පසු­ගිය සතියේ කොළඹ නග­රයේ කුණු කසළ එකතු කිරීමේ ගැට­ලු­වක් ඇති­විය. ඒ අනුව කොළඹ නග­රයේ දින­පතා එකතු වන මෙට්‍රික් ටොන් 400 – 500 ක් පමණ වන කුණු කසළ දැමී­මට ස්ථාන­යක් නොමැති නිසා ඒවා නග­රයේ තැනින් තැන එක­තු­වෙන තත්ත්ව­යක් ඇති වී තිබිණි.

මේ කුණු කසළ ගැටලු වරි­න්වර කොළඹ නග­රයේ මතු­වන අතර ඒවාට තාව­කා­ලික විස­ඳුම් හා පැලැ­ස්තර විස­ඳුම් මිස ස්ථිර සාර විස­ඳු­මක් ලබා­නො­දීම නිසා පරි­සර ආර්ථික හා දේශ­පා­ලන ගැටලු රැසක් උද්ගත වන බව කිව යුතු ය. කොළඹ කුණු කසළ පසු­ගි­යදා නග­රයේ එකතු වූයේ පසු­ගිය වසර දෙකක කාල­යක් තිස්සේ කොළඹ නගර සභාවේ කුණු කසළ බැහැර කළ වත්තල කෙර­ව­ල­පි­ටිය ප්‍රදේ­ශ­යට කුණු කසළ එක­තු­වීම උප­රිම මට්ට­මට පැමි­ණීම නිසා ඒවා එම ප්‍රදේ­ශ­යට බැහැර කිරීම තහ­නම් කිරී­මයි.

2017 අප්‍රේල් 14 වැනිදා මීතො­ට­මුල්ල කුණු කන්ද කඩා වැටී­මෙන් පසු කොළඹ ඇතුළු තදා­සන්න නග­ර­වල තැනින් තැන කසළ කුණු ගොඩ­ගැ­හෙ­න්නට විය. එම ගැට­ලුව තාව­කා­ලික විස­ඳුම් ලෙස බස්නා­හිර හා මහ නගර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ‍සංවර්ධ­නය කිරීමේ සංස්ථාව මඟින් මෙම වත්තල කෙර­ව­ල­පි­ටිය ප්‍රදේ­ශයේ ඉඩ­මක් කොළඹ කසළ දැමී­මට අවු­රු­ද්ද­කට පමණ කාල­ය­කට ලබා­දෙන ලදී.

“කොළඹ කුණු දාන්න ස්ථාන­යක් නැති නිසා වසර 2 කට වැඩි කාල­යක් අපි එම ස්ථාන­යට කසළ දමන්න ඉඩ­දුන්නා. ඒ අනුව දැනට එම ප්‍රදේ­ශ­යට කසළ මෙට්‍රික් ටොන් 288000 ක් දාල තියෙ­නවා. මේ ප්‍රදේ­ශයේ පරි­ස­ර­යට හා ජල මාර්ග­ව­ලට එය ඉතා හානි­කර වෙලා තිබෙ­නවා. තව­දු­ර­ටත් ඒ ප්‍රදේ­ශ­යට කුණු දාන්න බැහැ. ඒ ස්ථානය අවට පරි­ස­රය ජල මාර්ග දූෂ­ණය වෙමින් තිබෙ­නවා.

දැන් එහි කුණු කසළ ඉහළ ධාරි­තා­වක් ඇතිවී තව­දු­ර­ටත් කසළ දාන්න අප­හ­සුයි. ඒ බව අපට මධ්‍යම පරි­සර අධි­කා­රිය ඇතුළු විවිධ ආය­තන මගින් දැනු­ම්වත් කර තිබෙ­නවා. ඒ නිසයි අපිට මේ ස්ථාන­යට කසළ දැමීම නතර කරන්න සිදු­වුණේ” යැයි ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාවේ සභා­පති රොෂාන් ගුණ­ව­ර්ධන මහතා පව­සයි.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ බස්නා­හිර පළාත් සංව­ර්ධන හා මහ නගර සංව­ර්ධන ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැව­සුයේ දැන් අරු­ව­ක්කාලු කසළ අංග­නයේ පළමු අදි­යර අව­සන් බවත් ඒ අනුව කොළඹ එක­තු­වෙන කසළ සම්පූර්ණ ප්‍රමා­ණය වුවත් අරු­ව­ක්කාලු අංග­න­යට යැවී­මට හැකි බවත් ය. මේ පිළි­බ­ඳව කොළඹ මහ නගර සභාව දැනු­ම්වත් කර ඇති බවත් ඇමැ­ති­ව­රයා කියයි. දින­කට කසළ මෙට්‍රික් ටොන් 600 ක් අරු­ව­ක්කා­ලු­වට යැවී­මට හැකි­යාව පව­තින බවත් ඇමැ­ති­ව­රයා කියයි.

ශ්‍රී ලංකාවේ විශා­ල­තම හා විද්‍යා­ත්මක සනී­පා­ර­ක්ෂක කසළ රඳ­ව­නය වන අරු­ව­ක්කාලු කසළ රඳ­ව­න­යට කොළඹ කුණු දැමී­මට 2019 මාර්තු මාසයේ සිට පහ­සු­කම් සලසා ඇති බවත් ඒ පිළි­බ­ඳව දැනට මාස 3 කට පෙර කොළඹ නගර සභාව දැනු­ම්වත් කර ඇති බවත් බස්නා­හිර හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉංජි­නේරු නිහාල් රූප­සිංහ මහතා පව­සයි.

කොළඹ කුණු අරු­ව­ක්කා­ලු­ව­ලට ගෙන යාමට අවශ්‍ය කසළ රඳ­ව­නය දැන් ඉදි­කර ඇති බවත් ඒ සඳහා වූ අවශ්‍ය පාරි­ස­රික හා විද්‍යා­ත්මක උප­දෙස් මෙන් ම ආය­තන සම්බ­න්ධී­ක­රණ කට­යුතු ද තම අමා­ත්‍යාං­ශය මඟින් ඉටු කර දී ඇති බවත් එවන් තත්ත්ව­යක් තුළ කොළඹ කුණු අරු­ව­ක්කා­ලු­ව­ලට ගෙන යාමට නිසි ලෙස කට­යුතු නොකි­රීම පිළි­බ­ඳව පුදු­ම­යට පත්වන බවත් ලේක­ම්ව­රයා කියයි.

“වැසි ජලය වැටු­ණත් අප ජලය ආවත් ඒවා යට ඇති පස් ස්තර­ව­ලට මිශ්‍ර නොවන හා යට ඇති භූගත ජලය කසළ අංග­න­යට සම්බන්ධ නොවන ආකා­ර­යෙන් සුවි­ශේෂී පරි­වා­රක ස්තර හත­කින් සම­න්විත අරු­ව­ක්කාලු කසළ අංග­න­යට දැනට දින­කට කසළ මෙට්‍රික් ටොන් 600 ක් දැමිය හැකියි. දැනට මාස තුන­කට පෙර කෙර­ව­ල­පි­ටිය කසළ අංග­න­යට තව­දු­ර­ටත් කුණු කසළ දැමිය නොහැකි බවට අප අමා­ත්‍යාං­ශය හා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව කොළඹ මහ නගර සභා­වට තෙව­රක් ලිඛි­තව දැනුම් දුන්නා‍. නමුත් ඔවුන් එම ස්ථාන­යට කුණු කසළ දැමීම දිග­ටම සිදු කර­ගෙන ගියා. නමුත් එහි ධාරි­තාව ඉක්මවා යෑම නිසා එයට කුණු කසළ දැමීම අප තහ­නම් කරනු ලැබුවා යැයි ද ලේක­ම්ව­රයා පැව­සීය.

අවශ්‍ය සියලු පාරි­ස­රික හා අනෙක් පහ­සු­කම් ඉටු කර අරු­ව­ක්කාලු කසළ අංග­ණ­යට පරි­සර හිත­කාමී අයු­රින් දුම්රිය මඟින් කසළ ගෙන යාම­ටත්, කසළ මෙට්‍රික් ටොන් 1200 ක් දැමී­ම­ටත් හැකි අයු­රින් 2020 මාර්තු මාසයේ සිට අරු­ව­ක්කාලු කසළ අංග­නයේ කට­යුතු සම්පූ­ර්ණ­යෙන් අව­සන් කරන බවත් නිහාල් රූප­සිංහ මහතා කීය.

අරු­ව­ක්කාලු කසළ අංග­නය බාර සමාජ විද්‍යාඥ නිමල් ප්‍රේම­ති­ලක මහතා පැව­සුවේ අරු­ව­ක්කාලු සනී­පා­ර­ක්ෂක කසළ අංග­නයේ ප්‍රථම අදි­යර දැන් අව­සන් බවයි. ඒ අනුව කොළඹ නග­රයේ හා ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­ත­න­වල පරි­සර හා සෞඛ්‍ය ආර­ක්ෂිත ලෙස රැගෙන එන කුණු කසළ බාර ගැනී­මට තමා ඇතුළු කාර්ය මණ්ඩ­ලය සූදා­නම්ව සිටින බවත් ඔහු පව­සයි.

රජය මෙයට රුපි­යල් දස ලක්ෂ 23000 ක් වැය­කර තිබෙ­නවා. අපේ රටේ ඉදි­කළ විශා­ල­තම විද්‍යා­නු­කූල කසළ රද­ව­නය මේකයි. පාඨලී ඇමැ­ති­තුමා මේ ගැන හුඟක් උනන්දු වුණා. අපි අවු­රුදු 30 ක් වත් මේකෙන් ප්‍රයෝ­ජන ගන්න ඕන. මේකේ මුළු ධාරි­තාව අනුව දින­කට මෙට්‍රික් ටොන් 1200 ක් දමන්න පුළු­වන්. මේක වර්ග කිලෝ­මී­ටර් 2 ක් පුරා පැතිර ඇති ව්‍යාපෘ­ති­යක්. දැන් වුණත් කසළ මෙට්‍රික් ටොන් 600 ක් දින­කට දමන්න පුළු­වන් අපි දැන­ටම වයඹ පළාතේ කොම්පෝස්ට් නිප­ද­වන පළාත් පාලන ආය­ත­න­වල ඉතිරි කුණු කසළ අපි බාර­ග­න්නවා. කොළඹ කුණුත් නිසි පරිදි වෙන් කර අපට බාර දෙන්න පුළු­වන්. ඒවා ගන්න අපි සූදා­නම් කොළඹ නගර සභාව හා මේ ප්‍රදේ­ශයේ පළාත් පාලන ආය­තන අතර සාකච්ඡා පවත්වා ගැටලු විස­ඳා­ගෙන සෞඛ්‍ය ආර­ක්ෂිත ලෙස මෙතෙන්ට කුණු කසළ ගෙනෙන එකයි හොඳම විස­ඳුම” යැයි ද නිමල් ප්‍රේම­ති­ලක මහතා පව­සයි.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේ­ශීය කට­යුතු ඇමැති වජිර අබේ­ව­ර්ධන මහතා කීවේ කොළඹ නගර සභාව හා වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය සභාව සාකච්ඡා කර කොළඹ කුණු අරු­ව­ක්කා­ලු­වට ගෙන යාම සඳහා උප­දෙස් ලබා­දෙන බවයි. කොළඹ කුණු­ක­සළ අරු­ව­ක්කා­ලු­වට ගෙන යෑමට නම් ප්‍රදේ­ශයේ මාර්ග හා අනෙ­කුත් නඩත්තු කට­යුතු සඳහා මස­කට රුපි­යල් ලක්ෂ 25 ක මුද­ලක් වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය සභාව ඉල්ලා ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය. මේ අතර කොළඹ මහ නගර සභාවේ නාග­රික කොම­සා­රිස් පාලිත ‍නානාය­ක්කාර මහතා පැව­සූයේ ගැටලු නිරාකරණය කිරීමෙන් පසු සිකු­රාදා සිට ලොරි­වල එක­තුවී ඇති කසළ යම් ප්‍රමා­ණ­යක් අරු­ව­ක්කා­ලු­ව­ලට ගෙන යාමට කට­යුතු සූදා­නම් කර­මින් පව­තින බවයි.

අපේ කුණු කසළ ගැට­ලු­වට තිර­සාර විස­ඳුම වී ඇත්තේ කුණු කසළ වෙන්කර වර්ග කර අදාළ කුණු කසළ බැහැර කරන ස්ථාන­ව­ලට යැවීම බව පරි­සර හා මහ­වැලි සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ සහ­කාර අධ්‍යක්ෂ සුජීවා ප්‍රනාන්දු මහ­ත්මිය පව­ස­න්නීය.

“ඉස්සර දින­කට කොළඹ නග­රයේ කුණු කසළ මෙ‍ට්‍රික් ටොන් 600 ක් විතර කුණු කසළ අංග­න­ව­ලට යැව්වා. නමුත් ඒවා වර්ග කිරීම පටන් ගත්තට පස්සේ කසළ ආය­ත­න­ව­ලට යවන්න වුණේ මෙට්‍රික් ටොන් 400 ක් පම­ණයි. ඒ කුණු ගොඩ­වල තිබුණු පොලි­තින් ප්ලාස්ටික් ප්‍රති­ච­ක්‍රී­ක­රණ ආය­ත­න­ව­ලට දෙනවා. අනෙක් ඒවා­යින් කොට­සක් කොම්පෝ­ස්ට්ව­ලට දෙනවා. ඒ අනුව මොන පළාත් පාලන ආය­ත­න­යෙන් වුවත් තමන්ට ලැබෙන අප­ද්‍රව්‍ය හොඳින් වර්ග කර වෙන් කිරී­මට කට­යුතු කළොත් අප­ද්‍රව්‍ය එකතු වීම අඩු කිරී­මට පුළු­වන්” සුජීවා ප්‍රනාන්දු මහ­ත්මිය පව­ස­න්නීය.

“අපේ රටේ කුණු කසළ ප්‍රශ්න­යට තිර­සර විස­ඳුම වන්නේ කුණු කසළ ජන­නය අවම කිරීම හා කුණු කසළ වර්ග කිරී­මයි. ඊට අම­ත­රව කුණු කසළ ජන­නය අවම කිරී­මට හා පොලි­තින් සිලි සිලි බෑග් පාවි­ච්චිය අවම කිරී­මයි. ඒ සම­ඟම කසළ වෙන්කර ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණ­යට සුදුසු ඒවා ඊට යොමු කිරීම හා කොම්පෝස්ට් පෝර නිප­ද­වී­මට සුදුසු ඒවා ඊට ලබා­දී­මට කට­යුතු කළ යුතුයි යයි සුජීවා ප්‍රනාන්දු මහ­ත්මිය පව­ස­න්නීය.

අපේ ර‍ෙට් සනී­පා­ර­ක්ෂක කසළ අංගන හදන්න හැදු­වාම සම­හර ජන­තාව එයට විරුද්ධ වෙනවා. අපේ රටේ මේ කුණු කසළ ගැට­ලුව විස­ඳී­මට ප්‍රධාන ගැට­ලුව ඒකයි. කුණු එක­තු­වීම් වැළැ­ක්වී­මට නම් රටේ පරි­සර හිත­කාමී තිර­සාර විස­ඳුම් ලෙස ඉදි­වන සනී­පා­ර­ක්ෂක කසළ අංගන පිහි­ටු­වී­මට හා ඒවා පව­ත්වා­ගෙන යාමට උදව් දිය යුතුයි.

දේශ­පා­ලන උසි­ගැ­න්වීම් නිසා කල­බල නොවී රටට හා තම ප්‍රදේ­ශ­යට උචිත පරි­සර හිත­කාමී වැඩ­ස­ට­හ­න්ව­ලට උදව් දීම පරි­සර හිත­කාමී සැමගේ යුතු­කම වෙනවා යැයි ද සුජීවා මහ­ත්මිය පව­ස­න්නීය.

මේ සියලු අද­හස අනුව අපට කිව හැක්කේ අපේ රටේ කුණු කසළ ගැට­ලුව අපේම විද්ව­තුන් පරි­ස­ර­වේ­දීන් පාසල් සිසුන් සමඟ ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් එක්ව කට­යුතු කර අප­ටම විස­ඳා­ගත හැකි ගැට­ලු­වක් බවයි.

 

අදහස්