විජබා කොල්ලය | Page 2 | සිළුමිණ

විජබා කොල්ලය

ජනපති ප්‍රධානත්වයෙන් පැවැති මංගල දර්ශනය දා...

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “විජයබා කොල්ලය” අති දැවැන්ත සිනමා සිත්තමේ මංගල දර්ශනය පසුගියදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී සම්භාවනීය කලාකරුවන් ඇතුළු චිත්‍රපටයට සම්බන්ධ ශිල්පීන්ගේ දායකත්වයෙන් පැවැත්විණි. ජනප්‍රිය නළු හේමාල් රණසිංහ, සොනාලි ෆොන්සේකා සමඟ අශාන් ඩයස් ප්‍රබල රංගනයක යෙදෙන ‘විජයබා කොල්ලය”චිත්‍රපටයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලි‍බෝරියා, බුද්ධික ජයරත්න, චුලක්ෂි රණතුංග, ප්‍රීති රන්දෙනිය, ගයනා සුදර්ශනී ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. සාහිත්‍යශූරී ඩබ්.ඒ සිල්වා විසින් රචිත "විජයබාකොල්ලය"නවකතාව ඇසුරින් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනය ලියූ මෙහි කැමරාවෙන් චන්න දේශප්‍රිය ද ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට උමාරියා සිංහවංශ සමඟ සනුක වික්‍රමසිංහ ගායනයෙන් එක්වෙති.

කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී සම නිෂ්පාදයෙන් එක්වන “විජයබා කොල්ලය” සිනමාපටය එච්.ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.

 

 

 

 

අදහස්