world icon awards සම්මාන උලෙළින් ඇගයීමට පත් කලාකරුවෝ... | සිළුමිණ

world icon awards සම්මාන උලෙළින් ඇගයීමට පත් කලාකරුවෝ...

ලෝකයේ දසත විසීරී සිටින විවිධ ක්ෂේත්‍රනියෝජනය කරමින් සමාජ හිතකර සුවිශේෂී පුද්ගලයින් හට අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබන දැවැන්ත world icon awards සම්මාන උළෙල 2017 වසරේ ඩුබායිහීදී 2018 දී තායිලන්තයේදීද උත්සවාකාරයෙන් පැවැත්විණි.

2019 වසරේ අප රටේය ද එය පළමුවරට පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී විය. විවිධ ක්ෂේත්‍රයන්හි සුදුසුකම් ලැබූ දෙස් විදෙස් පුද්ගලයන් තිස්දෙනකු පමණ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඒ සඳහා ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවෝ ඇතුළු ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ඇගයීමට පාත්‍ර වූහ. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සියයකට අාසන්න ඉන්දියානු ජාතිකයන් රැසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

අදහස්