නොබෝ දින­කින් පලා­ලියේ සිට යුරෝ­ප­යට ගු වන් ගමන් | සිළුමිණ

නොබෝ දින­කින් පලා­ලියේ සිට යුරෝ­ප­යට ගු වන් ගමන්

ජ­යෙන් උතු­රට ලබා දෙන්නා වූ සෑම සංව­ර්ධන ව්‍යාපෘ­ති­ය­ක­ම දෙමළ ජාතික සන්ධා­න­ය කුමන හෝ අඩු­වක් දකියි. දකු­ණෙන් උතු­රට පැමි­ණෙන එම සංව­ර්ධන ව්‍යාපෘති සමඟ සිංහල බෞද්ධ බල­වේග හා ජන­තා­වද උතු­රට පැමි­ණෙන බව කිය­මින් දෙමළ ජාතික සන්ධා­නය එම සංව­ර්ධන ව්‍යාපෘ­තිය අත­ර­ම­ගදී ලොප් කිරී­මට උත්සාහ කරති. කිලිනො­ච්චිය ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය පානීය ජලය වශ­යෙන් යාප­න­යට රැගෙන යෑමට ගත් උත්සා­හය උපන් ගෙයිම මිය ගියේ මේ නිසා­මය.

මේ වන විට යාප­නය පලාලී ගුවන් තොටු­පළේ නවී­ක­රණ හා සංව­ර්ධන කට­යුතු ඉතා සීඝ්‍ර­යෙන් සිදු­වෙ­මින් පවතී. ගුවන් තොටු­පළේ බිම සකස් කිරීමේ කට­යුතු අව­සන් අදි­ය­රට පැමිණ ඇති අතර පලාලි ගුවන් තොටු­ප­ලට පැමි­ණෙන මගීන්ගේ අව­ශ්‍ය­තා­ව­යන් සපයා දීමට දැනට පව­තින භූමියේ වප­ස­රිය ප්‍රමා­ණ­වත් නොවන හෙයින් කන්ක­ස­න්තුරේ පැරණි සිමෙන්ති කම්හල පිහිටි ඉඩ­මෙන් අක්කර දහ අටක් මේ සංව­ර්ධන කට­යු­ත්තට ලබා දී තිබේ.

උතුරේ ඉඩම් පිළි­බ­දව දැඩි විම­සි­ල්ලෙන් සිටින දෙමළ ජාතික සන්ධා­නය මේ ඉඩම් ප්‍රමා­ණය පලාලී ගුවන් තොටු­පළ සඳහා ලබා ගැනීම පිළි­බ­ඳව නිහ­ඬව සිටීම ඉතාම වැද­ගත් වූ කාර්ය­යකි. මේ ගුවන් තොටු­ප­ළට අයත් නොවන ඊට ආස­න්නයේ පව­තින ඉඩම් තව­මත් නිද­හස් නොකි­රීම පිළි­බ­දව දෙමළ ජාතික සන්ධා­නය නිත­රම අර­ගල හා විරෝ­ධතා දක්වති. උතුරේ අධි ආර­ක්ෂිත කලාප වලට අයත් ඉඩම් පවා ඉල්ල­මින් උද්ඝෝ­ෂණ කරණ දෙමළ ජාතික සන්ධා­නය පලාලී ගුවන් තොටු­පළ සඳහා ඉඩම් අත්පත් කර ගැනී­මේදී නිහ­ඩව සිටිති.

රුපි­යල් මිලි­යන දෙද­හස් පන්සී­යක් තරම් වූ විශාල ආයෝ­ජ­න­යක් යටතේ උතුරේ ක්‍රියා­ත්මක වන දැවැ­න්තම සංව­ර්ධන යෝජනා ක්‍රම­යක් වන්නේ පලාලි ගුවන් තොටු­පළ නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­ති­යයි. මෙයින් රුපි­යල් මිලි­යන තුන්සී­යක් පමණ ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අතර ඉතිරි මුළු මුද­ලම දරන්නේ ශ්‍රී ලංකා රජය මගිනි. අදි­යර තුනක් යටතේ සංව­ර්ධ­නය කෙරෙන පලාලි ගුවන් තොටු­පළේ නවී­ක­රණ කට­යුතු පසු­ගිය ජූලි පස් වෙනිදා ප්‍රවා­හන හා අභ්‍ය­න්තර ගුවන් සේවා කට­යු­තු­ ඇ­මැති අර්ජුන රණ­තුංග මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ විය.

මෙහි පළ­මු­වැනි අදි­ය­ර­යේදී ඉන්දි­යාවේ බැංග­ලෝර්, කොචින්, හයි­ද්‍රා­බාද් හා මුම්බායි යන ගුවන් තොටු­ප­ළ­වල් කීප­යක් කේන්ද්‍ර කර­ග­නි­මින් පලාලී ගුවන් තොටු­පොළ මෙහෙ­යුම් කට­යුතු ආරම්භ වෙයි. මේ සම්බ­න්ධ­යෙන් උතුරේ වැසි­යන් කියා සිටින්නේ දෙමළ වැසි­ය­න්ගෙන් විශාල පිරි­සක් සිටින්නේ ඉන්දි­යාවේ චෙන්නායි නුවර ආශ්‍රි­තව බැවින්, පළමු අදි­ය­ර­යේම ගුවන් ගමන් චෙන්නායි නුව­රද කේන්ද්‍ර කර ගනි­මින් ආරම්භ කළ යුතු බවයි.

උතුරේ වැසි­යන් පව­සන්නේ පලාලී ගුවන් තොටු­පළේ ආර­ම්භ­යේම වර්ත­මා­නයේ චෙන්නායි ලෙසින් හදු­න්වන එකල මදු­රා­සිය වශ­යෙන් හැඳින්වූ ඉන්දීය ගුවන් තොටු­පළ සමඟ සබ­ඳ­කම් පවත්වා තිබූ බවයි. පලාලී ගුවන් තොටු­පළ මුලින්ම ආරම්භ වී ඇත්තේ දෙවන ලෝක යුද සම­යේ­දීය.

ඒ බ්‍රිතාන්‍ය රාජ­කීය හමු­දාවේ මැදි­හ­ත්වීම මතය. දෙවන ලෝක යුද සම­යේදී මේ ගුවන් තොටු­පළ ක්‍රියාත්ම වී ඇත්තේ හුදෙක්ම යුද අව­ශ්‍ය­තා­ව­යන් සද­හාය. යුද්ධය අව­සන් වීමේන් අන­තු­රුව පලාලි ගුවන් හමුදා කද­වුර තුළ බ්‍රිතාන්‍ය ගුවන් හමු­දාව විසින් ස්ථාපිත කරන ලද සියල්ල ඒ අන්ද­මින්ම තබා ඇත. එහිදි ඔවුහු ආපසු ගොස් ඇත්තේ ගුවන් යානා කීහි­ප­යක් පම­ණක් බ්‍රිතා­න්‍ය­යට රැගෙන යාමෙනි. එව­කට සිවිල් ගුවන් සේවා දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ පලාලි ගුවන් තොටු­පළේ නඩත්තු හා පාලන කට­යුතු කර­ගෙන ගොස් ඇති අතර 1947 වසරේ දෙසැ­ම්බර් 10 වෙනිදා එයාර් සිලෝන් ගුවන් සේවය ආරම්භ කිරී­මෙන් පසුව පලාලි ගුවන් තොටු­පළ කෙරෙ­හිද අව­ධා­නය යොමු වී තිබේ.

එයාර් සිලෝන් ගුවන් සේවය විසින් කොළඹ රත්ම­ලානේ සිට මදු­රා­සිය දක්වා ගුවන් ගමන් පවත්වා ගෙන ගිය අතර 1948 දී නිද­හස ලැබී­මෙන් පසුව මදු­රා­සිය හා පලාලි ගුවන් තොටු­පළ අත­රද ගුවන් ගමන් ක්‍රියා­ත්මක වී තිබේ. 1983 වසර වන විට ඉතාම දරුණු තත්ත්ව­යට පත් වූ උතුරු නැගෙ­න­හිර යුද්ධ­යත් සම­ඟම පලාලී ගුවන් තොටු­පළ වෙනස් මුහුණු වරක් ගත්තේය.

සිවිල් ගුවන් සේවා අධි­කා­රියේ පාල­න­යෙන් ගිලි­හුණු පලාලී ගුවන් තොටු­පළ මුළු­ම­නින්ම ආර­ක්ෂක අංශ වෙත පැව­රුණි.

මහා යුද සම­යට පෙර උපාලී සමා­ග­මට අයත් ගුවන් යානාද දින­ප­තාම ගුවන් මගීන් රැගෙන කොළඹ හා පලාලී දක්වා පියා­සර කළේය. එම ගුවන් යානා සඳහා එදා අය කළේ රුපි­යල් දහ­ස­කට වඩා අඩු මුද­ලකි. ඒ ගුවන් ගමන්, යුද්ධයේ ආර­ම්භක කාල වක­වා­නු­වත් සම­ගම නතර වී ගියේය.

යුද්ධය ඉතා දරුණු වෙත්ම යුද සැප­යීම් කට­යුතු සඳහා මෙම ගුවන් තොටු­පළ යොදා ගත්තේය. යුද සම­යේදී පවා කොළ­ඹත් පලාලී ගුවන් තොටු­පළත් අතර සිවිල් ගුවන් සේවා­වක් ක්‍රියා­ත්මක වුණි. 'ලයන් එයාර්' හා 'සේර­න්ඩිබ්' නමින් හඳු­න්වන ලද ප්‍රධාන ගුවන් සේවා දෙකක් විසින් යාප­නයේ පලා­ලි­යත් කොළඹ රත්ම­ලා­නත් අතර ගුවන් මගීන් හුව­මාරු කළහ.

එකල එක් ගුවන් ගමන් වාර­යක් සඳහා රුපි­යල් විසි දහ­සක් පමණ ගෙව­න්නට සිදු වුණි. නමුත් පසුව මේ ගුවන් ගමන් නතර වූයේ කොටි ත්‍රස්ත­වා­දීන් විසින් 'ලයන් එයාර්' ගුවන් යාන­ය­කට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කිරී­මත් සම­ඟය.

කොටි ත්‍රස්ත­වා­දීන් පලාලි වෙත යමින් තිබු හා පලාලී වෙත ගොඩ­බා­මින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අයත් යානවලට මිස­යිල ප්‍රහාර එල්ල කිරී­මත් සම­ඟම පලාලී ගුවන් තොටු­පොළ් ඉති­හා­සය මුළුම­නින්ම වෙනස් විය. කිසිදු මිස­යිල ප්‍රහා­ර­ය­කට ගුවන් යානා ඉලක්ක නොවන පරි­ද්දෙන් පලාලි ගුවන් තොටු­පළේ භූමී ප්‍රමා­ණය වෙනස් වූයේ මේ කාල­යේ­දීය.

පලාලි ගුවන් තොටු­පළ අවට භූමිය ආර­ක්ෂිත කලා­ප­යක් වශ­යෙන් නම් කෙරීය. කෙසේ වෙතත් ඊලාම් යුද්ධය අව­සන් වීමෙන් පසුව යළිත් පලාලී ගුවන් තොටු­පළ යළි ඉතා සීඝ්‍ර සංව­ර්ධ­න­යක් කරා ගමන් කෙරීය.

ලබන ඔක්තෝ­බර් මාසය වන විට පලාලී ගුවන් තොටු­පළ මේ රටේ තුන් වන අන්තර්ජාතික ගුවන් තොටු­පළ බවට පත්වෙයි. ඉන්ප­සුව A-320 සහ A-321 වැනි එයාර් බස් පලාලී ගුවන් තොටු­පළේ සිට ක්‍රියා­ත්මක වෙයි. පලාලී ගුවන් තොටු­පළ අන්තර්ජාතික ගුවන් තොටු­ප­ළක් බවට පත් වීම පිළි­බ­දව උතුරේ දෙමළ වැසියෝ අද සතුටු වෙති.

උතුරේ වැසි­ය­න්ගෙන් ඥාතීන් බහු­ත­රය සිටින්නේ ඉන්දි­යා­වේය. විවාහ මංගල කට­යුතු සදහා උතුරේ වැසියෝ සාරිය පවා රැගෙන ඒමට යන්නේ ඉන්දි­යා­ව­ටය.

කටු­නා­යක ගුවන් තොටු­පළේ සිට ඉන්දි­යාවේ චෙන්නායි ගුවන් තොටු­ප­ළට ගමන් කිරී­මට ගත වන්නේ පැය­කට ආසන්න කාල­යකි. නව­දිල්ලි ගුවන් තොටු­පළ දක්වා යාමට ගත වන්නේ පැය තුන­හ­මා­රක කාල­යකි. නමුත් උතුරේ යාප­නයේ වැසි­යෙකු ඉන්දි­යා­වට යාම සඳහා කොළඹ කටු­නා­යක ගුවන් තොටු­ප­ළට පැමි­ණි­මට පැය හය­කට වඩා වැඩි කාල­යක් ගත කළ යුතුය. උතුරේ වැසියෝ පලාලී ගුවන් තොටු­පල අන්තර්ජාතික ගුවන් තොටු­ප­ළක් බවට පත් වීම කෙරෙහි ඉතාම සතු­ටට පත්ව සිටින්නේ මේ හේතුව නිසාය.

මුලින්ම ඉන්දි­යා­ව­ටත් ඉන් පසුව යුරෝ­පීය රට­වල් 16 ක් දක්වාත් පලාලී සිට ගුවන් ගමන් ආරම්භ කිරී­මට කට­යුතු සැල­සුම් කොට තිබේ. ඒ අනුව කලා­පීය රට­වල් සදහා ගුවන් ගමන් ආරම්භ කිරීම සැප්තැ­ම්බර් මාසයේ සිට සිදු­කි­රි­මට නිය­මි­තය. ඉදි­රි­යේදි ලෝකයත් සමග පලාලී ප්‍රදේ­ශය ඈඳෙන බැවින් පලාලී ඇතුළු මුළු මහත් යාපන අර්ධ ද්වීප­යම ශීඝ්‍ර සංව­ර්ධ­න­ය­කට ලක් වන්නේය. මේ ඔස්සේ අලු­තින් බිහි­වන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමා­ණය ඉතා විශා­ලය.

යාප­නයේ සිට පලාලි දක්වා දිවෙන කන්ක­ස­න්තුරේ මාර්ගයේ දෙපස පිහිටි කුඩාම කුඩා වඩේ කඩයේ සිට ඊට එහා වූ සෑම වෙළෙඳ සලක්ම දියු­ණු­වෙන් දියු­ණු­වට පත්වී සංව­ර්ධ­නය ළඟා වීමට තව ඇත්තේ නොබෝ කාල­යකි. යාප­නයේ මාර්ගවල ඇති කණා­මැ­දිරි එළි­යෙන් යුත් සාම්ප්‍ර­දා­යික විදුලි බුබු­ළද ඉතා විශාල වෙන­ස්ක­ම­කට ලක් වී අති නවීන විදුලි බුබුළු ඒ මාර්ගවලට පැමි­ණෙ­න්නේය. දෙමළ නිජ බිම් සංක­ල්ප­යක් ගැන පුහු ආටෝප අද­හස් දක්වන ඊනියා දෙමළ දේශ­පා­ල­න­ඥ­යින්ගේ මුඛ­යට මුඛ­වා­ඩම් බැදීම මේ පලාලී ගුවන් තොටු­පළ මඟින් සිදු­වන්නේ ඔවු­න්ටත් නොදැ­නී­මය.

අදහස්