සල්මාන් කුම­රුගේ දුර දක්නා නුවණ | Page 2 | සිළුමිණ

සල්මාන් කුම­රුගේ දුර දක්නා නුවණ

වුදි අරාබි රජය එරට කාන්තා­වන්ට පනවා තිබූ නීති අත­රින් තවත් කිහි­ප­යක් ලිහිල් කිරී­මට පසු­ගිය දා කට­යුතු කළේය. ඒ අනුව දැන් එරට කාන්තා­වන්ට පුරු­ෂ­ය­කුගේ අව­ස­ර­ය­කින් තොරව විදේශගත­ වීමේ හැකි­යාව ඇතුළු තවත් සහන රැසක් ලැබී තිබේ.

මැද­පෙ­ර­දිග රට­වල කාන්තා­වන්ට වෙනම නීති පනවා ඇති අතර එම­ඟින් ඔවුන්ගේ නිද­හස සීමා කෙරී තිබේ. ඒ අත­රින් සවුදි අරා­බිය මුල් තැන සිටින්නේ කාන්තා­වන්ට පුරු­ෂ­ය­කුගේ අව­ස­ර­ය­කින් තොරව බොහෝ දේ කිරී­මට නොහැකි වන ලෙස පනවා ඇති නීති රීති හේතු­වෙනි.

පසු­ගිය වසර වන තෙක් සවුදි අරා­බියේ කාන්තා­වන්ට රිය පැද­වීම තහ­නම්ව තිබූ නමුත් පසු­ගිය වස­රේදී එම තහ­නම ඉවත් කෙරිණි. මේ වස­රේදී එරට කාන්තා­වන්ට එරෙ­හිව පැනවී තිබූ තවත් නීති රැසක් ඉවත් කෙරී තිබෙන්නේ රාජ­කීය නීති සංශෝ­ධ­න­යක් ක්‍රියා­ත්මක කර­මිනි.

ඒ අනුව පසු­ගිය ජූලි මස අව­සා­නයේ සිට සවුදි කාන්තා­වන්ට පුරු­ෂ­ය­කුගේ අව­ස­ර­ය­කින් තොරව විදේශ ගමන් බල­පත්‍ර සඳහා අයැ­දුම් කිරීමේ අව­ස්ථාව හිමි වේ. මීට පෙර කාන්තා­වන්ට විදෙස්ගත වීම සඳහා තම පියා හෝ ස්වාමි පුරු­ෂයා හෝ වෙනත් ඥාති පුරු­ෂ­ය­කුගේ හෝ අව­ස­රය ලබා­ගත යුතුව තිබිණි. එහෙත් මෙවර සංශෝ­ධිත නීති අනුව තව­දු­ර­ටත් එසේ කිරීම අවශ්‍ය වන්නේ නැත. මීට අම­ත­රව ළදරු උපත් ලියා­ප­දිං­චිය, විවාහ සහ දික්ක­සාද ලියාපදිං­චිය සඳ­හාද කාන්තා­වන්ට හැකි­යාව ලැබේ. රැකියා කිරීමේ වැඩි අව­ස්ථාද, නිද­හ­සක්ද කාන්තා­වන්ට හිමි වන සේ සංශෝ­ධන සිදු කර ඇති බවද වාර්තා වේ.

ඒ සංශෝ­ධන වාර්තා වීමත් සමඟ සවුදි කාන්තා­වන් අත­රින් බහු­ත­ර­යක් ඉතා සතු­ටට පත් වූ බවද අන්ත­ර්ජාලය ඔස්සේ ඔවුන් ඒ සම්බ­න්ධව අද­හස් දක්වා සිටි බවද වාර්තා වේ. එහෙත් ඇතැම් කාන්තා­වන් පවසා ඇත්තේ එම සංශෝ­ධිත නීති හේතු­වෙන් තමන් ආද­ර­යෙන් හදා වඩා ගත් දිය­ණි­යන්ට තමන් හැර යෑමට අව­ස්ථාව සැල­සෙනු ඇති බවයි. හැම දා නීති මඟින් සිර වී සිටි සවුදි කාන්තා­වන් නිද­හස කුම­ක්දැයි අව­බෝධ කර නොගැ­නීම සම්බ­න්ධ­යෙන් පුදු­ම­යට පත් විය යුතු නොවේ.

කෙසේ වුවද මෙවර සිදු කර ඇත සංශෝ­ධන හේතු­වෙන් සවුදි කාන්තා­වන්ට සම්පූර්ණ නිද­හස හෝ පුරු­ෂ­යන් සමඟ සම තැන හිමි වී නැති බව සිහි­පත් කළ යුතුය. තව­මත් සවු­දිය තුළ කාන්තා­වන්ට විවාහ වීමට නම් ඥාති පුරු­ෂ­ය­කුගේ අව­ස­රය ලබා­ගත යුතු වේ. බන්ධ­නා­ගා­ර­යක හෝ වෙනත් අන්ද­මක රැඳ­වි­යකු නම් එම­ඟින් නිද­හස ලැබී­මේදී ද පුරු­ෂ­ය­කුගේ අව­ස­රය අවශ්‍ය වේ. තව­මත් සවුදි කාන්තා­වන්ට තම දරු­වන්ගේ විවාහ සඳහා අව­සර ලබා­දීමේ හැකි­යා­වක් නැත.

එහෙත් ලැබූ නිද­හස වුවද මහ මෙරක් සේ දැකී­මට තරම් නිද­හස අග­යන සවුදි කාන්තා­වන්ද සිටින බව පැව­සිය යුතුය. ඇතැම් දෙනා පව­සන්නේ සවුදි රජ ඇතුළු පාල­ක­යන් එවන් තීන්දු සඳහා පෙලඹී ඇත්තේ සවු­දියේ සැල­කිය යුතු මට්ටමේ සිටින කාන්තා­වන් කිහිප දෙනෙක්ම නිද­හස පතා පලා යෑමට කට­යුතු කිරීම හේතු­වෙන් බවයි.

එවැනි කාන්තා­වන් කිහිප දෙනකුම හොර රහසේ බට­හිර රට­ව­ලට පලා ගොස් ඇති අතර තවත් තරු­ණි­යන් කිහිප දෙන­කුම පලා යෑම් බට­හිර මාධ්‍ය සහ අන්ත­ර්ජා­ලය ඔස්සේ වාර්තා විය. එම­ඟින් වන අප­කී­ර්තිය වළ­ක්වා­ගැ­නීම අර­මුණු කර­ග­නි­මින් එම නීති සංශෝ­ධන සිදු කළ බව වැඩි දෙනාගේ මතය වුවද සැබෑව නම් එයට වඩා වැඩි අර­මු­ණක් සවුදි රජය සතු වීමය.

සවු­දියේ ඔවුන්ට හිමි බින් සල්මාන් කුමරු සවු­දියේ ඉදිරි අනා­ග­තය සල­ක­මින් බොහෝ නව තීන්දු තීරණ ගෙන ඇති අතර සවු­දියේ අනා­ග­තය ඔහු වන බැවින් සහ ඔහුගේ ඉදිරි දැක්ම රටට වැඩ­දායී ලෙස පිළි­ගෙන ඇති බැවින් ඔහුගේ තීන්දු සඳහා සවුදි රජු­ගෙන්ද ලැබී ඇත්තේ නොමද අනු­ග්‍ර­හ­යකි. සල්මාන් කුම­රුගේ තක්සේ­රු­වට අනුව සවු­දියේ සල්ලි උල්පත හිඳී යමින් තිබේ. ඛනිජ තෙල් මත මුළු ලෝක­යම රැඳී සිටි­මින් සවු­දි­යට සල්ලි ගලා ඒමට සැලසූ කාල­යක් තිබු­ණද දැන් මේ වන විට ලෝකය වෙනත් බල­ශක්ති කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් සිටී. ඒ අනුව අනා­ග­තය එත­රම් සුබ­දායී නොවන බවට වන සල්මාන්ගේ තක්සේ­රුව නිවැ­රැ­දිය. ඔහු 2030 ඉලක්ක කර­ග­නි­මින් සවු­දිය ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් සිටින්නේ ඒ අනු­වය.

එම ප්‍රති­සං­ස්ක­රණ අතර කාන්තා­වන් වැඩි වශ­යෙන් ශ්‍රම බළ­කා­යට දායක කර­ගැ­නී­මද ඉදි­රි­යෙන්ම පව­තින අර­මු­ණක් වේ. කාන්තා­වන්ට වැඩි අධ්‍යා­පන අවස්ථා සැල­සී­මෙන් සහ රටේ ඉදිරි සමාජ කට­යුතු සඳහා ඔවුන්ගේ දාය­ක­ත්වය ලබා­ගැ­නී­මෙන් රටේ ශ්‍රම­බ­ළ­කාය වැඩි කර­ගැ­නීම මෙන්ම ඉදි­රි­යේදී සවු­දියේ ප්‍රධාන මූල්‍ය උත්පා­දන ක්‍රම­වේ­දය ලෙස දැනට අනු­මාන කර ඇත්තේ සංචා­රක කර්මා­න්තය සඳහා ඔවුන්ගේ දාය­ක­ත්වය ලබා­ගැ­නී­මද සල්මාන් කුම­රුගේ වැඩ­පි­ළි­වෙළේ අන්ත­ර්ගත වී තිබේ.

දැනට සවුදි කාන්තා­වන්ගේ ශ්‍රම­බ­ළ­කාය සඳහා වන දාය­ක­ත්වය සිය­යට 20කි. අවම වශ­යෙන් එය සිය­යට 30ක් දක්වා වර්ධ­නය කර ගැනීම සල්මාන් කුම­රුගේ වැඩ­පි­ළි­වෙ­ළට ඇතු­ළත්ව තිබේ.

Comments