Alpenliebe Choco Chewz පර්ෆෙටි වැන් මෙලේ සමාගමෙන් | සිළුමිණ

Alpenliebe Choco Chewz පර්ෆෙටි වැන් මෙලේ සමාගමෙන්

පර්ෆෙටි වැන් මෙලේ (Perfetti Van Melle) සමාගම හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය වන 'Alpenliebe Choco Chewz' ලොව අන් සියලු‍ම දෙනාට පෙර රසවිඳීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබේ. මෙය හඳුන්වා දී ඇත්තේ අන්තර්ජාතික රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පර්ෆෙටි වැන් මෙලේ සමාගමේ ශ්‍රී ලාංකික සමාගම වන පර්ෆෙටි වැන් මෙලේ ලංකා (පුද්.) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.] විසිනි.

පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගම මෙරට‘Chocolate Chewy’ කාණ්ඩයේ නිෂ්පාදනයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. සීදුවේ පිහිටි පර්ෆෙටි වැන් මෙලේ කර්මාන්තශාලාවේදී, ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතුව, මෙම අපූර්ව රසයකින් යුතු නවතම රසකැවිලි වර්ගය නිෂ්පාදනය කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ දේශීය කළමනාකරු මොහිත් භල්ලා මහතා මෙසේ පැවසී ය. Alpenliebe වසර ගණනාවක් තිස්සේ කිසිදු වයස් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර ජනප්‍රියම රසකැවිලි සන්නාමයක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වී සිටිනවා. එමෙන්ම 2007 වසරේදී සමාගම ශ්‍රී ලංකාවේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කළ දා පටන්ම අප මෙරටට අලු‍ත් රසයන් හඳුන්වා දීමට පියවර ගත්තා. Alpenliebe Choco Chewz යනු, මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර තලයේ රස රැසක් හඳුන්වා දීමේ උත්සාහයේ තවත් එක් සුවිශේෂී පියවරක්.”‍

අදහස්