Ford Ranger Raptor රථය මෙරටට | සිළුමිණ

Ford Ranger Raptor රථය මෙරටට

ෆෝර්ඩ් මෝටර් සමාගම, පසුගියදා Ford Ranger Raptor මාදිලියේ 2018/2019 සංස්කරණය මෙරටට හඳුන්වා දුන්නේය. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Future Automobiles, ෆෝර්ඩ් මෝටර් සමාගම මෙරට නියෝජනය කරයි.

ලොව අභියෝගාත්මක තත්ත්වයන් සහ ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් සඳහා ම විශේෂයෙන් නිමවා ඇති Ford Ranger Raptor මාදිලියේ සමස්ත සැකැස්ම උපරිම දිගුකල් පැවැත්මක් ලබාදීම සඳහා සකස් කර ඇත. මිමී 283ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්, අංශක 32.5 ඇප්‍රොච් ඈන්ගල්, අංශක 24 ඩිපාචර් ඈන්ගල්, අංශක 24ක බ්‍රේක්-ඕවර් ඈන්ගල් සහ මිමී 850ක ජලයේ ධාවනය කිරීමේ හැකියාව නිසා මෙය අතිශය අභියෝගාත්මක තත්ත්ව යටතේ වුව ද මනා ක්‍රියාකාරිත්වයක් හිමිකර දෙයි. 1,996CC එන්ජින් ධාරිතාවකින් සහ පැඩ්ල් ශිෆ්ටින්ග් සමගින් එන ඔටෝ ට්‍රාන්ස්මිෂන් ගියර් බොක්ස් එකකින් මෙම මාදිලිය සමන්විතය. නවීන භූමි කළමනාකරණ පද්ධතිය හරහා ධාවන ආකාර හයකට රථය සකස් කළ හැකි බැවින් ඕනෑම බිම් තත්ත්වයක පාහේ පහසුවෙන් ධාවනය කළ හැකිය.

මගීන් හට උපරිම සුවපහසුවක් ලබාදීම සඳහා Ford Ranger Raptor රථයේ අභ්‍යන්තරය සකස් කර ඇත. Apple Carplay, Android Auto Support, Bluetooth, USB සම්බන්ධක දෙකක්, FM/AM ස්ටීරියෝ රේඩියෝ සහ ස්පීකර් 6කින් සමන්විත තනි CD/MP3 ප්ලේයර්, අඟල් 8ක මල්ටි ෆන්ක්ෂන් ටච් ස්ක්‍රීන් සහ නැවිගේෂන් සිස්ටම්, සකස් කළ හැකි රියදුරු අසුන, සුක්කානමේ ඇති ඕඩියෝ කන්ට්‍රෝල්, පුෂ් ස්ටාර්ට් සමගින් දුරස්ථ පාලක ප්‍රවේශය, ඩුවල් සෝන් ක්ලයිමෙට් කන්ට්‍රෝල් සහ හීටර් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතය.

Comments