වනාන්තරයක අතරමං වූයෙමි | සිළුමිණ

වනාන්තරයක අතරමං වූයෙමි

නිල් වියනක් බඳු වූ අහසේ තුරු පත් අතරින් එබී බලන හිරු ඉතා මනහරය. කඳු අතරින් මීදුම ගලන්නාක් මෙන් ගලා බසින දිය ඇලි ඉතා සුන්දරය. මෙවන් සුන්දරත්වයක් ඇති වනාන්තරයක් මැද මම අතරමං වූයෙමි. මගේ තනිකම පාළුව, කාන්සිය නැති කිරීමට මා ළඟ සිටියේ වනාන්තරයේ සතුන්, ගස්වැල් පමණකි.

කෙමෙන් රැය ළඟා වෙයි. බලන බලන සෑම තැනැක් ම කළු පාටින් දිස් වේ. උදෑසන තිබූ සුන්දරත්වය දැන් නැත. මට හයියෙන් කෑගසා හඬන්නට සිත් විය. මට සිතෙන්නේ වනාන්තරය මාව ගිලීමට එන කළු රකුසෙකැයි කියාය. මට මහා බියක් දැනිණි. මා සිටින තැනට වැටෙන සඳ එළියෙන් ඈතින් ඇති දිය ඇලි මට පෙනෙන්නේ දියවැල් මෙනි.

වියළුණු කොළ පයට පෑගෙන හඬත්, බකමුණන්ගේ හ්ම් නාදයත් මගේ සිතේ ඇති වූ බිය තවත් වැඩි කරයි. මට කුසගින්නද දැඩිව දැනෙන්නට විය. මගේ ළඟ ඇති බෝතලයේ වතුර ද ඇත්තේ ස්වල්පයකි. සිංහයන්, වලසුන්, කොටි වැනි නපුරු සතුන්ගේ හඬ ඈතින් ඇසෙති. රැයෙහි පිපෙන මල්වල සුවඳ සුළගේ පාව එයි. රෑ බදුල්ලන්ගේ ආලෝකය මා වට කරගෙන සිටියි. මින් පෙර ගසකට වත් නැඟ නැති මට මහ ගස් අතර දැඩි බියක් දැනිනි. මම අමාරුවෙන් අඹ ගසකට නඟින්නට විමි. ම‍ාගේ උත්සාහය සාර්ථක විය. අඹ ගසට නැගී මා අඹ ගෙඩියක් කඩාගෙන කෑවේය. එය ඉතා රසය. ඉන් පසු ගසේ අත්තක් උඩට වී රෑ පහන් වන තුරු නිදි නොනිදා සිටින්නට ඉටා ගතිමි.

පී.ඩබ්ලිව්. ඕෂිණි කෞශල්‍යා

8 ශ්‍රේණිය

මහමායා බා.වි.

හික්කඩුව

අදහස්