පොරොන්දු ඉටු­ක­රපු නැති පාල­ක­යන්ට පාඩ­මක් උග­න්වනවා | සිළුමිණ

පොරොන්දු ඉටු­ක­රපු නැති පාල­ක­යන්ට පාඩ­මක් උග­න්වනවා

 

දහ­අ­ට­වැ­නිදා ගෝල්ෆේස් පිටි­යේදී මොකද වෙන්නේ?

සිය­ලුම ජන­බ­ල­වේග ඒක­රාශි කර­ග­නි­මින් ඉදිරි ජන­ප­ති­ව­ර­ණ­යේදී අප ඉදි­රි­පත් කරන ජන­පති අපේ­ක්ෂ­කයා එදින හෙළි කර­නවා. එසේම අප වටා ඒක­රාශි වෙලා සිටින ජාතික ජන­බ­ල­වේ­ගයේ ශක්තිය පෙන්ව­මින් රටේ පෙර­ළි­යක් සිදු­ක­රන මහ රැලි­යක් පව­ත්ව­නවා. අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරන අපේ­ක්ෂ­කයා වන්නෙ වැටිල තිබෙන ආර්ථි­කය ගොඩ­ග­නි­මින්, නිති­යට හිස නමන විනය ගරුක රටක් ගොඩ­නැ­ඟිය හැකි දේශ­පා­ලන නාය­ක­යෙක්.

1999 ජන­ප­ති­ව­ර­ණයේ සිට ජන­ප­ති­ව­රණ තුන­කට පසු මෙවර ජන­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරීමේ අර­මුණ කුමක් ද?

ඇත්ත­ටම විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාව­රයේ තමයි අපි හැම­දාම හිටියේ. වර්ත­මා­න­යේත් අපි සිටින්නෙ එම ස්ථාව­ර­යේ­මයි. මෙවර ජනතා විමුක්ති පෙර­මුණ ඇතුළු ප්‍රග­ති­ශීලි බල­වේග එක­තු­වෙලා තියෙන්නෙ පොරොන්දු ඉටු­ක­රපු නැති පාල­ක­යන්ට පාඩ­මක් උග­න්ව­මින් ජනතා බලා­පො­රොත්තු වන පොරොන්දු ඉටු­කි­රී­ම­ටයි. ඒ වගේම රට හදන, රට රකින පාල­නය බාර­ගැ­නීමේ සූදා­න­මි­නුයි මෙවර මැති­ව­ර­ණ­යට ජන­පති අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කරන්නෙ.

ඔබ පක්ෂය වටා එක්වන ජන­බ­ල­වේ­ගය ගැනත් පැවැ­සු­වොත්...?

දැනට සංවි­ධාන විසි­අ­ටක් අපත් සමඟ එක­තු­වෙලා තියෙ­නවා. ජාතික විද්වත් සංවි­ධා­නය, ජාතික භික්ෂු පෙර­මුණ, ධීවර සහ­යෝ­ගීතා ව්‍යාපා­රය, ජන­ව­බෝ­ධය කේන්ද්‍රය, ජමාතේ ඉස්ලාම් සංවි­ධා­නය වැනි සිය­ලුම ජන­කො­ට­ස්ව­ලින් සම­න්විත පුළුල් ජනතා බල­වේ­ග­යක් අප වටා ඒක­රාශි වී සිටි­නවා. එම සියලු බල­වේ­ග­වල ශක්තිය අපි දහ­අ­ට­වැ­නිදා ගෝල්ෆේස් පිටි­යේදී රට­ටම පෙන්ව­නවා.

ජනතා විමුක්ති පෙර­මුණ ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත වැඩ­පි­ළි­වෙළ කෙබ­ඳුද?

අනි­වා­ර්ය­යෙන්ම ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අපගේ ප්‍රති­පත්ති මාලාව දැන­ට­මත් සක­ස්කොට අව­සා­නයි. පසු­ගිය පෙබ­ර­වාරි දහ­න­ව­වැ­නිදා ජාතික විද්වත් සංවි­ධා­නය මඟින් රට හදන - රට රකින ප්‍රති­පත්ති මාලා­වක් එළි­දැ­ක්වූවා. ඒ සංවි­ධා­නය අපිත් එක්ක එකට සිටින ජනතා බල­වේ­ගයේ කොට­සක්. අන්න ඒ ප්‍රති­ප­ත්තිය මතයි අපි මෙවර රට හදන්න සූදා­නම් වන්නෙ. එම ප්‍රති­පත්ති මාලා­වට රටේ කෘෂි­ක­ර්මය, අධ්‍යා­ප­නය, කාර්මික නිෂ්පා­ද­නය, ක්‍රීඩාව, කලාව, සංස්කෘ­තිය ඇතුළු සියලු ක්ෂේත්‍ර කොහො­මද රටේ ඉදිරි ගම­නට වෙනස් විය යුත්තෙ කියා පැහැ­දි­ලිව සඳ­හ­න්කොට තියෙ­නවා. අපි ඒ ප්‍රති­පත්ති මාලාව දැන­ට­මත් ජන­තාව හමු­වට ගෙනැ­විත් තියෙන්නෙ.

ඔබ පක්ෂය කලෙක සිටම සටන් කළ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරී­මත් එම ප්‍රති­පත්ති මාලා­වට ඇතු­ළත් වෙලා තියෙ­නවා ද?

මෙහෙ­මයි, රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඇති­කි­රීම සඳහා ප්‍රති­සං­ස්ක­රණ ගණ­නා­වක් අපි ඉදි­රි­ප­ත්කොට තියෙ­නවා. ඊට විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම ඇතු­ළුව තවත් බොහෝ කරුණු ගණ­නා­වක් ඇතු­ළත්ව තිබෙ­නවා.

මේ වන විට ජන­පති අපේ­ක්ෂ­කයා ලෙස පොදු­ජන පෙර­මුණ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නම්කර අව­සා­නයි. පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­කයා ගැන ඔබ පක්ෂයේ තක්සේ­රුව කොහොම ද?

මෙවර තමයි රාජ­පක්ෂ කඳ­වු­රෙන් ඉදි­රි­පත් කරන්න පුළු­වන් ඉතාම දුර්ව­ලම අපේ­ක්ෂ­කයා ඉදි­රි­ප­ත්කර තිබෙන්නෙ. යුද්ධය පව­තින කාලයේ හමු­දා­වෙන් ඉව­ත්වෙලා, හමු­දාව දාල ගිය කෙනෙක් ගෝඨා­භය කියන්නෙ. ඒ විත­රක් නෙවෙයි, 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු ඇමෙ­රි­කාවේ සිට මෙර­ටට ආපු ඇවිත් ජන­පති වූ ඔහුගේ සහෝ­ද­ර­යාගේ බලය මත ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාගේ තන­තු­රට පත්වූවා. පසුව එම තන­තුරේ සිට තමන්ට මූල්‍ය වින­යක් නැති බව, පරි­පා­ලන වින­යක් නැති බව ඔහු රට­ටම පෙන්නුවා. අන්න ඒ විදි­හට පරි­පා­ලන වින­යක් නැති, මූල්‍ය වින­යක් නැති කෙනෙක් ගෝඨා­භය රාජ­පක්ෂ කියන්නෙ. ඔහුට විරු­ද්ධව මේ වන විට චෝදනා ගණ­නා­වක් වගේම නඩු ගණ­නා­වක් පව­ති­නවා. එම නඩු­ව­ලට බියෙන් පහු­ගිය කාලයේ විවි­ධා­කා­රයේ උත්සා­හ­යන් ගත්තා එම නඩු වළ­ක්වා­ලී­මට. එවැනි ආකා­රයේ දුර්වල පුද්ග­ල­යෙක් තමයි මෙවර රාජ­පක්ෂ කඳ­වු­රෙන් ඉදි­රි­ප­ත්කර සිටින්නෙ. එවන් කෙනෙ­කුට රටේ පාලන බලය ලබා­දීම ගැන ජන­තාව දෙව­රක් සිතා බල­නවා.

පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වටා ඒක­රාශි වී සහාය දීමෙන් එම පක්ෂ දෙක වටායි වරි­න්වර ආණ්ඩු පිහි­ටු­වී­මක් සිදු­ක­රන බව දක්නට ලැබුණේ. එම නිසා මෙවර ජනතා විමුක්ති පෙර­මුණ ඇතුළු ජන­බ­ල­වේ­ගය ගන්නා උත්සා­හය සාර්ථක වෙයි ද?

හැබැයි දැන් රටට උදා­වෙලා තියෙන තත්ත්වය අනු­ව­නම් රටේ ජන­තා­වට එක්සත් ජාතික පක්ෂ­යත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඇතුළු සන්ධා­න­යත් එපාම වෙලා තියෙන්නෙ. එම පක්ෂ දෙක විටෙන් විට කරපු ආණ්ඩු­ව­ලින් කිසිදු සෙතක් සිදුවී නැති බවයි ජන­තා­වගේ පැත්තෙන් ඇහෙන්නෙ. එම කණ්ඩා­යම් දෙකම මේ වන විට ජන­තාව ප්‍රති­ක්ෂේ­ප­කොට අව­සන්. කොළ පාට, නිල් පාට එපාම වෙලා තියෙන්නෙ. ඒ නිසා මෙදා ජන­ප­ති­ව­ර­ණ­යේදී පරණ හොරුයි, අලුත් හොරුයි දෙගො­ල්ලන්ම එළ­විය යුතුයි කියන මත­යේයි බහු­තර ජන­තා­වක් සිටින්නෙ. මේ දෙපි­රි­සේම ප්‍රති­පත්ති එකට තියා පැරැ­ද­විය හැකි විකල්ප දේශ­පා­ලන බල­වේ­ග­යක් අද රට ඉල්ලා සිටි­නවා. අන්න ඒ විකල්ප දේශ­පා­ලන බල­වේ­ග­යට නාය­ක­ත්වය දීම­ටයි අපි ඉදි­රි­පත් වෙන්නෙ. එම නිසා අපි මෙවර ගන්නා උත්සා­හය කිසි­සේත්ම අසා­ර්ථක උත්සා­හ­යක් නොවන බව මම ස්ථිර ලෙසම ප්‍රකාශ කර­නවා.

Comments