ඉකුත් 4 වස­රේදී පවුල් ලක්ෂ 4කට ඉඩම් හිමි­කම් | සිළුමිණ

ඉකුත් 4 වස­රේදී පවුල් ලක්ෂ 4කට ඉඩම් හිමි­කම්

 

පසු­ගිය සිව් වසර තුළදී රටේ පවුල් ලක්ෂ 4කට ඉඩම් හිමි­කම ලැබෙන අලුත් ඉඩම් ඔප්පු හා හිමි­කම් බල­පත්‍ර ලක්ෂ 4ක් දී ඇතැයි ඉඩම් හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

 

ඇමැති ගයන්ත කරු­ණා­ති­ලක මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වය හා මෙහෙ­ය­වීම යටතේ ඉඩම් කොම­සා­රිස් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව හා ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සම යන ආය­තන මඟින් මේ වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධී­ක­ර­ණය කරනු ලබන අතර, පාර­ම්ප­රි­කව වගා කළ, එහෙත් මෙතෙක් කලක් නිසි ඉඩම් මැනී­මක් නැතිව හිමි­කම ඔප්පු කළ නොහැ­කිව සිටි පවුල් රැස­කට මේ යටතේ ඉඩම් හිමි­කම ලැබී තිබේ. ඉදිරි මාස 6 ඇතු­ළත තවත් ඉඩම් ඔප්පු හා දීමනා පත් 75,000ක් පමණ දීමට අපේ­ක්ෂි­තය.

Comments