දින 52 ආණ්ඩුව අල ටොන් 900ක් වළ දාලා | Page 2 | සිළුමිණ

දින 52 ආණ්ඩුව අල ටොන් 900ක් වළ දාලා

ඉකුත් වසරේ ඔක්තෝ­බර් 26 දා පත් කරනු ලැබූ ව්‍යවස්ථා විරෝධි දින 52 ආණ්ඩුව සම­යේදී උඩ­රට ගොවී­න්ගෙන් මිල­යට ගත් රු. 8,30,00,000කට අධික වටි­නා­ක­ම­කින් යුතු අර්තා­පල් මෙට්‍රික් ටොන් 890ක් පාරි­භෝ­ගි­ක­යන් අතට පත් නොකොට වළ දැමීම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පව­සයි.

 

මේ අර්තා­පල් තොගය ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සමි­තිය මඟින් ගොවී­න්ගෙන් මිල දී ගෙන ඇති අතර, ඒවා නිසි පරිදි ගබඩා නොකි­රීම, විධි­මත් ලෙස පාරි­භෝ­ගි­ක­යන් වෙත යැවී­මට අවශ්‍ය කට­යුතු නොයෙ­දීම ඇතුළු හේතු නිසා කල් ඉකුත්ව නරක් වී ඇති අතර, ඉනි­ක්බිති ඒවා වළ දැමී­මට කට­යුතු කර ඇති බවද අමා­ත්‍ය­ව­රයා කියා සිටී.

දින 52 ආණ්ඩුව එකල උඩ­රට ගොවීන්ගේ අර්තා­පල් නිෂ්පා­දන අති­රි­ක්ත­යක් පව­තින බව පවසා වෙළෙඳ සහ වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශයේ මුදල් රු. මිලි­යන 188ක් වැය කොට අර්තා­පල් අල මෙට්‍රික් ටොන් 2000ක් පමණ මිල දී ගෙන ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති සම්පූර්ණ මුදල රු. කෝටි 20 ඉක්ම­වයි. එලෙස මිල­යට ගත් අල තොග වෙනු­වෙන් ගොවීන් වෙත තමත් රු. කෝටි 7කට ආසන්න හිඟ මුද­ලක් ගෙවී­මට ඇති අතර, මේ කට­යුතු හේතු­වෙන් ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සම්මේ­ල­න­ය­ටද රු. කෝටි 10කට වඩා අලා­භ­යක් විඳි­න්නට සිදුව ඇති බවද වාර්තා වේ. මෙලෙස රජයේ මුදල් අති­වි­ශාල ප්‍රමා­ණ­යක් වැය කොට මිල දී ගෙන, දේශීය වෙළෙ­ඳ­පොළේ ඉහළ පාරි­භෝ­ගික ඉල්ලු­මක් ඇති දේශීය අර්තා­පල් ටොන් 890ක් මේ අයු­රින් ඉවත හෙළීම මහත් අප­රා­ධ­යක් බවද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය. ජීවන විය­දම් පිළි­බඳ කමි­ටු­වට මේ අර්බු­දය පිළි­බඳ වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවද, ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් අදාළ නීති පිය­වර ගැනී­මට කට­යුතු කරන බවද අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

Comments