නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ රජයේ මෙහෙවරට දායකත්වය ලබාදෙමින් රට පුරා නිවාස ව්‍යාපෘති ආරම්භ කර තිබේ. උදාගම්මාන ආරම්භ කරමින් අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ඉදි කර දෙන අතරම පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබාගෙන මධ්‍ය ආදායම්ලාභීන් සඳහා ද නිවාස ඉදි කරදීමේ වැඩපිළිවෙළකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අත ගසා තිබේ.
මෙයට වසර තුනකට ප්‍රථම එම වැඩපිළිවෙළ ආරම්භ කිරිමේ වගකීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරුණු අතර, නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ අදාළ ආයෝජකයන්ගේ සහායෙන් එම ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලැබීය. මෙහිදි පෞද්ගලික අංශය අදාළ නිවාස ව්‍යාපෘතී සඳහා මුල්‍ය ආයෝජනය සිදු කරයි. නිවාස ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම්, යටිතල පහසුකම් ඇතුළු සේවා සැපයීම රාජ්‍ය දායකත්වයෙන් සිදු වේ.
ඒ ව්‍යාපෘතිය යටතේ වාද්දුව, හෝමාගම ජල්තර, රාගම යන ප්‍රදේශයන්හි නව නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් කටයුතු දැන් ආරම්භ වී තිබේ. එමෙන්ම තව නොබෝ දිනකින් කොළඹ නගරයෙන් බැහැර නාගරික ප්‍රදේශයක් තුළද එවන් නිවාස ව්‍යාපෘති සමූහයක ඉදිකිරීම් ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.
එහි එක් පියවරක් ලෙස රනාල ජල්තර ප්‍රදේශයේ ඉදි වූ සැමට සෙවණ ග්‍රීන් වැලි රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. ග්‍රීන් වැලි රෙසිඩන්සීස්, මහල් නිවාස ව්‍යාපෘතිය, නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගය 12 දින නිවාස ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කරන ලදි.
දේශීය ආයෝජකයන්ගේ දායකත්වයෙන් මෙයට වසර කිහිපයකට පෙර ආරම්භ කර, නිවාස ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කළ ප්‍රථම මහල් නිවාස ව්‍යාපෘතිය ලෙස ‘සැමට සෙවණ ග්‍රින් වැලි රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.
ග්‍රීන් වැලි නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාසකරණයේ විශේෂිත කරුණු කිහිපයක් අරභයා සුවිශේෂිත්වයක් උසුලයි.
මේ රජය බලයට පත් වීමෙන් අනතුරුව මෙරට විවිධ ජනකොටස් සඳහා නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විවිධ වු නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. ඒ අනුව දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ආධාර නිවාස වැඩසටහන්, අඩු ආදායම්ලාභීන් සඳහා රාජ්‍ය දායකත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ, උතුරු නැඟෙනහිර අවතැන් වූ ජනතාව වෙනුවෙන් විශේෂිත නිවාස වැඩසටහන් සමඟින්, වතුකරයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ද නිවාස සංවර්ධන ව්‍යාපෘතීන්, ඒ ඒ විෂය පථය භාර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන දායකත්වයෙන් සිදු විය.
මධ්‍ය ආදායම්ලාභී ජනතාවද මේ අභියෝගාත්මක නිවාස ගැටලුවට මුහුණ පා සිටිති. ඔවුන්ට ලැබෙන ආදායමට සරිලන අයුරින් ඔවුන් වෙනුවෙන්ද තමන්ගේම නිවසක් නිර්මාණය කරගැනීම සදහා රජයේ අවධානය යොමු විය.
ඒ අවශ්‍යතාව වඩාත් නිවැරදිව අවබෝධ කරගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍ය ආදායම්ලාභීන් සඳහා දැරිය හැකි මිලකට නව නිවාස නිර්මාණය කරීමේ අදහස ඉදිරිපත් කෙළේය. එම කාර්ය හුදෙක්, රජ්‍ය මුල්‍ය දායකත්වයෙන්, රාජ්‍ය ආයතනික සහායෙන් ක්‍රියාත්මක කිරීම අපහසු වු බැවින්, එ සඳහා අත්දැකිම් සපිරි මුල්‍ය ආයතන හැකියාව ඇති පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගේ සහාය ලබාගනු ලැබීය. එය, .රාජ්‍ය හා පෞද්ගලික දායකත්ව වැඩපිළිවෙළේ සමාරම්භය ලෙස හැදින්විය හැකිය.
සැමට සෙවණ ග්‍රීන් වැලි රෙසිඩන්සිස්, නිවාස ව්‍යාපෘතියේ නිවාස 350කට වැඩි ප්‍රමාණයක් ඇත. එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1900කට අධික මුදලක් පෞද්ගලික අංශය ආයෝජනය කර තිබේ. මධ්‍ය ආදායම්ලාභීන්ගේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත එම නිවාස ව්‍යාපෘතියේ නවීන ජනාවාසයකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ සේවා පහසුකම් ද නොඅඩුව සපයා ඇත. අභ්‍යන්තර මාර්ග පද්ධති, විධිමත් මලාපවහන පද්ධති, වාහන නවතා තැබිමේ පහසුකම්, ශාරිරික සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගණය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම පිහිනුම් තටාක සහ සුපිරි වෙළඳසල් ද එම ව්‍යාපෘතියෙහි ඇත.
නිවාස පහසුකම් සමඟ සෙසු පහසුකම් සපයාදීමේදී මධ්‍ය ආදායම්ලාභීන්ට ඒ සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් රජය ප්‍රතිලාභීන් වෙනුවෙන් විශේෂිත බැංකු ණය වැඩසටහනක් රාජ්‍ය බැංකු මඟින් සකස් කර තිබේ.
විසිඑක් වන සියවස සඳහා මෙරට ජන සමාජය සංවිධානය කරන මෙවන් කාලපරිච්ඡේදයකදී නිවාස හා ජනාවාසකරණයේදී ද එම කාර්යදාමය නව ලෝකයට උචිත වන අයුරින් නිර්මාණය වීම අවශ්‍ය වේ. ඉදි වන නිවාස තමන්ගේ ආදායමට සරිලන අයුරින් නිර්මාණය වීමත් නිවස ඉදි වන භූමිය නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීමත්, හුදෙක් අදාළ කාර්ය රජයට පමණක් සිදු කිරීමට නොහැකි වීමත් එම අඩුපාඩුව සපුරාලීම සඳහා ඒ පිළිබඳ අත්දැකීම් සපිරි පෞද්ගලික අංශය දායක කරගැනීමත් අවශ්‍ය කෙරේ. නිවාස ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කරන සැමට සෙවණ ,ග්‍රීන් වැලි රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ඒ සියලු අභියෝග ජයගෙන තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති
ලක්විජය සාගර පලන්සූරිය