කියන්න කන­ගා­ටුයි... අද කඨින පින්කම කියන්නෙ මුදල් උප­යන ව්‍යාපා­ර­යක්.. | සිළුමිණ

කියන්න කන­ගා­ටුයි... අද කඨින පින්කම කියන්නෙ මුදල් උප­යන ව්‍යාපා­ර­යක්..

වස් කාලය එළඹී තිබේ. ඇසළ පොහො­යෙන් පසුදා වස් සමා­දන් වීමෙන් අන­තු­රුව හාර­ම­සක් ගෙවා වස්

පවා­ර­ණය කෙරෙන්නේ වප් පොහෝදා ය. ඉන් පසු එළ­ඹෙන වප් ( ඔක්තො­ම්බර්) පොහොය දින සිට ඉල් ( නොවැ­ම්බර්) පොහොය දින දක්වා කාලය චීවර මාසය සේ සැලකේ. බුදු­ද­හමේ දැක්වෙන අට මහා පින්ක­ම්ව­ලින් එකක් වන කඨින චීවර පූජාව යෙදෙන්නේ චීවර මාසයේ ය. මේ වන­විට සැදැ­හැ­තියෝ කඨින පින්කම් සැල­සුම් කර­මින් සිටිති. මෙහි දැක්වෙන්නේ නූතන කඨීන පින්කම් සම්බන්ධ ව රත්ම­ලානේ ධර්ම

පර්යේ­ෂ­ණා­ලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි­යන් සමග සිළු­මිණ කළ සංවා­ද­යකි.

උප­ස­ම්පදා වුණු භික්ෂුන් වහ­න්සේලා ඇසළ පොහොය දිනට පසු­දින වස් සමා­දන් වෙලා වප් පොහොය දින­යේදී වස් පවා­ර­ණය කර­නවා. මේ ආග­මික සංසි­ද්ධියේ ඉති­හා­සය කුමක් ද?.

වස් සමා­ද­න්වීම සම්බන්ධ ව සඳ­හන් වෙන පැරණි මූලා­ශ්‍රය වෙන්නේ විනය පිට­කයේ මහා වග්ග­පා­ලි­යයි. වස් සමා­දන් වෙන්න බුදු හාමු­දු­රු­වන් දේශනා කිරී­මට හේතුව වූ සිදු­වීම මෙසේයි. බුදු­ද­හම පහළ වූ මුල් ම යුගයේ බුදු රජා­ණන් වහන්සේ භික්ෂුන් වහ­න්සේ­ලාට හැකි ඉක්ම­නින් දහම ප්‍රචා­රය කිරීම සඳහා දේශනා කළා. භික්ෂුන් වහ­න්සේ­ලාත් ඒ ආකා­ර­යෙන්ම ඉක්ම­නින් ධර්මය ප්‍රචා­රය කිරීමේ කට­යුත්තේ යෙදුණා. ඉන්දි­යාවේ ඍතු තුනක් තියෙ­නවා. ගිම්හාන, වස්සාන සහ හේමන්ත යනු­වෙන් තමයි ඒ ඍතු තුන.

එදා ඉන්දි­යාවේ වස්සාන කාල­යේදී එනම් මහා වැසි වැටෙන කාල­යේදී අනෙ­කුත් ආග­මික නාය­ක­යන්ගේ අනු­ගා­ක­මි­යන් ධර්ම චාරි­කාවේ හැසි­රුණේ නෑ. මේ නිසා එම ආග­මික නාය­ක­යන් භික්ෂුන් වහ­න්සේ­ලාට දෝෂා­රෝ­ප­ණය කළා, ඔවුන් ධර්ම ප්‍රචා­ර­ණයේ යෙදෙ­නවා කියලා. අනෙ­කුත් ආග­මික නාය­ක­යන්ගේ ඒ අද­හස සලකා බලා බුදු­ර­ජා­ණන් වහන්සේ විනය නීති­යක් පැනෙව්වා වස්සාන සම­යේදී ධර්ම චාරි­කාවේ හැසි­රෙන්නේ නැතුව එක් තැනක වැඩ හිඳිමින් කාලය ගත කරන්න කියලා. වස් කාල­යේදී වැඩ­හි­ඳිය යුතු තැන් ද; නැති තැන් ද බුදු­හා­මු­දු­රුවෝ දේශනා කළා. අමු­සො­හො­න්වල, ගස් බෙන­වල ආදි තැන්වල වස් නොවසා සුදුසු තැන්වල වස් වැසිය යුතු බව උන්ව­හන්සේ දේශනා කළා. ජන­තා­වගේ ගොඩ­නැ­ඟුණු විරෝ­ධ­තාව මත බුදු හාමු­දු­රුවෝ විනය ශික්ෂා­වක් පැන­වීමේ ප්‍රති­ඵ­ල­යක් තමයි කියලා ඒ අනුව වස් සමය කියන්නේ කියලා පැහැ­දි­ලියි.

චීවර පූජාව යනු­වෙන් හඳු­න්වන්නේ කුමක්ද?

චීවර පූජාව වස් වැසීමේ කර්ම­යෙන් බොහෝ කල­කට පසුව පැමි­ණියේ. ඔය විනය නීතිය පැන­වූයේ බුදු­හා­මු­දු­රුවෝ බුද්ධ­ත්ව­යට පත් වෙලා අවු­රුදු විස්ස­කට විතර පසු­වයි. කඨින කඳ­කය කියලා මහා වග්ග­පා­ලියේ තවත් පරි­ච්ඡේ­ද­යක් තියෙ­නවා. එහි කඨි­නය සම්බන්ධ විව­ර­ණ­යක් තියෙ­නවා. පාවා­යික භික්ෂුන් වහ­න්සේලා තිස් නමක් වස් සමා­දන් වෙලා බුදු­ර­ජා­ණන් වහ­න්සේ­ගෙන් කම­ට­හන් ගන්න වැඩියා. වර්ෂා සමය නිසා උන්ව­හ­න්සේලා බුදු­හා­මු­දු­රුවෝ බැහැ දකි­න්නට නොහැකි වුණා. සාකේත නුවර උන්ව­හ­න්සේ­ලාට වැඩ සිටියා. වර්ෂා සමය අව­සන් වුණාට පසු උන්ව­හ­න්සේලා බුදු­හා­මු­දු­රුවෝ බැහැ දකි­න්නට නැව­තත් වැඩියා. ඒ අව­ස්ථා­වේදී උන්ව­හ­න්සේ­ලාගේ සිවුරු තෙත බරිත වෙලා තිබුණේ. ඒ වෙලාවේ බුදු හාමු­දු­රුවෝ දේශනා කළා තිබෙන සිවු­රට අති­රේ­කව තවත් සිවු­රක් තිබුණා නම් තෙත නැති සිවුරු ඇඳ­ගන්න තිබුණා නේද කියන අද­හස උඩ අති­රේක චීව­ර­යක් ගැන කතා වුණා.

වස් පවා­ර­ණය කරන වප් පොහො­යත් ඉල් පොහො­යත් අතර මාස­යක කාලය තුළ කඨින පින්කම් පටන් ගන්නවා. කඨි­නය කියන්නේ කුමක්ද?

කඨින චීවර කියන්නේ තුන් සිවු­රෙන් එකක්. තනි­පට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර යන තුන් සිවු­රෙන් එකක් කඨි­නය වශ­යෙන් පූජා කරන්න පුළු­වන්.

ශ්‍රී ලංකාවේ කඨින පින්කම් ආරම්භ වෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ කඨින පින්කම් රජ­ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් ආරම්භ වුණු බවට ග්‍රන්ථ­වල සඳ­හන්. මහා වංශය ආදි ග්‍රන්ථ­වල මේ බව සඳ­හන්.

කඨින පින්කම සිදු කිරීම විශාල පරි­ව­ර්ත­න­ය­කට ලක් වෙලා නේද?

විනය කාලෙන් කාලෙට, සමා­ජ­යෙන් සමා­ජ­යට, සංස්ථා­වෙන් සංස්ථා­වට, ආය­ත­න­යෙන් ආය­ත­න­යට වෙනස් වෙනවා. කඨින පින්කමේ ස්වරූ­ප­යත් ඒ වගේ දැන් වෙනස් වෙලා තියෙ­නවා. ඒත් මූලික හර­යට හානි­යක් නොවන පරිදි වෙනස් වෙන්න ඕනෑ. නමුත් බුදු­හා­මු­දු­රුවෝ දේශනා කළ මූලික හර­යට සපුරා වෙනස් විදි­හට මහා පරි­ව­ර්ත­න­යක් වෙලා තියෙ­නවා. එය භයා­න­කයි.

එය පැහි­දිලි කළොත්?

ඇතැම් විට ඇතැම් හාමු­දු­රු­ව­රුන් වස් සමා­දන් වුණු දව­සේම චීව­ර­යක් දාය­ක­ය­කුගේ නිව­සක තැන්පත් කර­නවා. එතන පුද සත්කාර කිරී­මෙන් අන­තු­රුව තවත් නිව­සක තැන්පත් කර­නවා. මාස තුනේ ම ගෙයින් ගෙට මේ විදි­හට චීව­රය ගෙන යනවා; ඒක සම්පූ­ර්ණ­යෙන් ම වැරදි ක්‍රියා­වක්; එය විනය විරෝධී ක්‍රියා­වක්. ඒ සමඟ ජන­තා­වට බරක් පැට­වෙ­නවා. චීව­රය තියෙන නිවෙ­සට වන්ද­නා­මාන කරන්න ඥාතීන්, හිත මිත්‍රා­දීන් එනවා, ඒ අයට සංග්‍රහ කරන්න ඕන; ඒ ආදී වශ­යෙන් ආර්ථික වශ­යෙ­නුත් විශාල අප­හ­සු­තා­වට පත් වෙනවා. මාස තුන අව­සන් වුණාම අලි ඇතුන් සහිත පෙර­හ­ර­ව­ලින් වස් වැසීම අව­සන් කර­නවා. දළඳා මාලි­ගාවේ පෙර­හැර වාගේ තමයි දැන් කඨින පෙර­හැ­ර­වල් කරන්නේ; ලක්ෂ ගණන් විය­දම් කර­නවා. විනය වෙනස් වුණාට මේ විදි­හට පරි­ව­ර්ත­නය වීම නම් අති­ශය භයා­න­කයි. දැන් ඒ තත්ත්ව­යට පරි­ව­ර්ත­නය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රියා­ව­ලිය මුදල් උපයා ගැනීමේ ව්‍යාපා­ර­යක් කියන වච­නය මා පාවිච්චි කර­නවා.

භික්ෂුන් වහ­න්සේලා කඨින පින්කම සිදු කිරීම සම්බන්ධ ව අද­හස් පළ කළා මත­කයි

කඨින චීව­රය ගෙයින් ගෙට යන්න පටන් ගත්ත මුල් කාල­යේදී, ඒ කියන්නේ අවු­රුදු දොළ­හ­කට විතර උඩදී අපි ඉල්ලී­මක් කළා මේ වැඩේ කරන්න එපා කියලා. බැරිම තැන පුව­ත්පත් හරහා ඉල්ලා සිටියා; මේ විප­ර්යාස ඉතා භයා­න­කයි කියලා. ඒ ක්‍රියාව ලත් තැන ලොප් කරන්න කියලා අපි එදා කිව්වේ; නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා මේවා පිළි­බඳ ධර්ම පර්යේ­ෂ­ණා­ලයේ සිටින ස්වාමීන් වහ­න්සේලා වශ­යෙන් ඍජු ලෙස ම දැන් කිය­නවා; අද වන විට කඨින පින්කම් ක්‍රියා­ව­ලිය ජන­තා­වට ඉතා විශාල බරක් බවට පත්වෙලා. එහෙම වෙන්න බෑනේ. අද ගොඩක් අය ණය වෙලා, එක්කෝ පොලි­යට මුදල් අරන් පින්කම් කරන්නේ. ණය වෙලා, පොළි­යට මුදල් අරන් පින්කම් කරන්නේ කොහො­මද? සතු­ටින් යමක් දෙන එකනේ පින්කම. යහ­පත්ව ජීව­ත්වීම පින්ක­මක්නේ. අලි ඇතුන් සහිත කඨින පින්කම් කරන්න පුළු­වන් දාය­ක­යන් ඉන්න පුළු­වන්. ඒ වුණාට එසේ කිරී­මට නොහැකි දාය­ක­යොත් ඉන්න­වානේ. එත­කොට ඒ පන්ස­ල්වල ඉන්න හාමු­දු­රු­ව­රුන්ට හා දාය­ක­යන්ට ගැට­ලු­වක් මතු වෙනවා; අනේ අපේ පින්කම දුප්පත් පින්ක­මක් කියලා. මේ පින්කම අපට හොඳට කර­ගන්න බැරි වුණානේ කියලා හිත­නවා. ඒ වගේ සංකල්ප රාමු ගොඩ­න­ඟා­ගන්න ඉඩ දෙන්න හොඳ නෑ. මේ පිළි­බඳ ගරු­තර සංඝ­ර­ත්නයේ අව­ධා­න­යට ලක්විය යුතුයි. කඨින පින්කම පොදුයි. එය පොදු බව­කින් පැවැ­ත්විය යුතුයි. පෙර­හැ­රක් කර­නවා නම් වෙනම කරන්න ඕනෑ.

ඒ විදි­හට කඨින පින්ක­මක් කිරීමේ පොදු ක්‍රම­යට පැමි­ණිය යුතුයි කියලා නේද?

අපි සම්මු­ති­යක් එළ­ඹෙන්න ඕනෑ; අපට මොන තරම් බල­පු­ළු­ව­න්කාර දාය­ක­කා­ර­කා­දීන් හිටි­යත් අපි දැන් කරන විදි­හට නෙවෙයි කඨින පින්කම කරන්නේ කියලා. අපි කඨින පින්කම කරන්නේ පැරණි සම්ප්‍ර­දා­යට ගරු කර­මින් මිනි­සුන්ගේ කුස­ල­ත්වය වර්ධ­නය වන අයු­රින් සංවි­ධා­නය කරන්න ඕනෑ.

කඨින පින්ක­මින් පව් සමා­වෙන බව කියන එක සත්‍යක් ද?

කඨින පින්ක­ම­කින් මහත් ආනි­සංස ලැබෙ­නවා කියලා කිය­න­වානේ. මේ ආනි­සංස ලැබෙන්නේ කොහො­මද කියලා අපි විව­ර­ණය කරලා නෑ. ඇතැම් අය හිත­නවා මුළු ජීවිතේ පුරා­වට වැරදි දේවල් කරලා කඨින පින්ක­මක් කළාම පව් සමා වෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ, මේකත් සිවුරු පූජා­වක් විත­රයි.

මේ පින්කම කිරීමේ ප්‍රති­ඵ­ලය කුමක්ද?

හැබැයි මේ පින්ක­මේදී අපි මාන­සික වශ­යෙන් වෙන පින්ක­ම්ව­ලට වැඩි වාර ගණ­නක් පින්කම ගැන හිත­නවා. මාස තුනක් තිස්සේ මේ ගැන කල්පනා කර­නවා. ඒක තමයි මූලි­කම හේතුව. ආන­න්ත­රීය පාප කර්ම­යක් සිදු­වෙන්නේ කොහො­මද ආදී කියන සිද්ධා­න්ත­යන් මත ඉඳ­ගෙන මේ කාරණා විව­ර­ණය කරන්නේ. කඨින පින්ක­ම­කදී මිනි­සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. හැබැයි අමූ­ලික ශ්‍රද්ධාව ගැන නෙවෙයි මේ කියන්නේ. විම­ර්ශ­න­ශීලි ශ්‍රද්ධා­වක් ගැනයි මෙත­නදී කතා කරන්නේ. ශ්‍රද්ධා කියන්නේ බුදු­ර­ජා­ණන් වහන්සේ විශ්වාස කිරීම. ඒ නිසා බුදු­ද­හ­මට අනු­ග­තව ජීවත් වීමයි ශ්‍රද්ධාව කියන්නේ. නිවැ­රදි සංකල්ප මත ගොඩ­නැ­ඟුණු ජීවන රටා­ව­කට හුරු­වී­මයි ශ්‍රද්ධා­ව­න්ත­කම කියන්නේ; ශ්‍රද්ධාව වර්ධ­නය කිරීම ඉන්ද්‍රී­යයි. ඒ නිසා මේ කඨින පින්ක­මේදී වීර්ය වැඩි­වෙ­නවා. සිහිය වැඩි­වෙ­නවා. නමුත් බොහෝ විට හතර පේරුවේ දාය­කයෝ රණ්ඩු වෙනවා පින්කම් කරන්න ගිහින්. අස­වල් අය කඨින පින්කමේ මූලි­ක­ත්වය අර­ගෙන තියෙන්නේ, ඒ නිසා අපි ඒ අයට සහය දෙන්නේ නෑ කියන දාය­ක­යන් ඉන්නවා.

එසේ නොවී අපේ ප්‍රඥාව, බුදු දහම පිළි­බඳ ගැඹුරු අව­බෝ­ධය වැඩි කර­ගන්න ඕනෑ. ඒ නිසා ඉන්ද්‍රී­ය­යන්ගේ පරි­පා­ක­ත්වය නිසා අපට මේ පින්කම කරන වාර සංඛ්‍යා­වත් ඒ පිළි­බඳ මනසේ රැඳෙන වාර සංඛ්‍යා­වත් වැඩි නිසා සම­හර විට මර­ණා­සන්න මොහො­තේදී මේ පින්කම සිහි­පත් වීමේ ප්‍රව­ණ­තාව වැඩි වෙන්න පුළු­වන්. ඒක තමයි මූලි­කම හේතුව මේ පින්ක­මෙන් පින් ලැබී­මට.

ඒ වගේම කඨින පින්කම් කාල­යේදී විහා­ර­ස්ථා­නය වැඩි­දි­යුණු වීම, මිනි­සුන්ගේ සම­ඟිය වැඩි­වීම, ඔවුන්ගේ ප්‍රඥාව වැඩි­වීම, සිදු­වෙන කාල­යක්.

ඡායා­රූප - ගයාන් පුෂ්පික

Comments