ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් නම් කිරී­මත් සමඟ උතුරේ ඇති වන දේශ­පා­ලන විසං­වා­දය | සිළුමිණ

ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් නම් කිරී­මත් සමඟ උතුරේ ඇති වන දේශ­පා­ලන විසං­වා­දය

නා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා වශ­යෙන් පොදු­ජන පෙර­මුණ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාව නම් කිරී­මත් සම­ඟම උතුරේ දේශ­පා­ල­නය තුළ විවිධ මත­වාද පැති­රෙ­න්නට පට­න්ගෙන තිබේ.

උතුරේ එකම දේශ­පා­ලන බල­වතා යැයි ඔවුන් විසින්ම කියා­ගන්නා දෙමළ ජාතික සන්ධා­නය තුළද එකි­නෙ­කට පර­ස්පර වූ කතා මේ සති­යේදී පැතිර යන්නට විය.

දෙමළ ජාතික සන්ධා­නයේ ප්‍රධාන පෙළේ නාය­ක­යන් කියා සිටින්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන සිය­ලුම පක්ෂ­වල අපේ­ක්ෂ­ක­යන් නම් කොට අව­සන් වන තුරු තම පක්ෂය සහාය දක්වන්නේ කාහට දැයි ඔවුන් තීර­ණය නොක­රන බවයි.

අවශ්‍ය වුව­හොත් සහ එම අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් ආරා­ධනා ලබු­ණ­හොත් ඔවුන් සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධා­නය ස්ථිර තීර­ණ­ය­කට එළ­ඹෙන බවද පක්ෂයේ නාය­කයෝ කියා සිටිති.

මේ තීර­ණ­යේදී අනි­වා­ර්යෙන්ම උතුරු නැඟෙ­න­හිර දෙමළ අර්බු­ද­යට ඒ ඒ අය­ගෙන් ලැබෙන ප්‍රති­චාර වඩාත් සැල­කි­ල්ලට ගන්නා බවත් ඉන් වඩාත්ම වාසි­දා­යක හා විශ්වා­ස­වන්ත අපේ­ක්ෂ­ක­යාට සහාය දෙන බවත් දෙමළ ජාතික සන්ධා­නය අව­ධා­ර­ණය කොට සිටියි.

දැනට පැහැ­දිලි වශ­යෙන්ම ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යෙකු වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කොට සිටින්නේ ගෝඨා­භය රාජ­ප­ක්ෂය. ඔහුගේ නම නිර්දේශ වීමත් සම­ඟම දෙමළ ජාතික සන්ධා­නයේ හවු­ල්කාර පක්ෂ­යක් වන ප්ලොට් සංවි­ධා­නයේ නායක ධර්ම­ලිං­ගම් සිද්ධා­ර්ථන් ප්‍රකාශ කොට තිබුණේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට ඡන්ද වැඩි සංඛ්‍යා­වක් ලබා­ගත හැකි බවයි. ගෝඨා­භය රාජ­ප­ක්ෂට ජනා­ධි­ප­ති­ව­රයා වීමට ඇති හැකි­යාව වැඩි බවද ප්ලොට් නාය­කයා ප්‍රකාශ කොට තිබිණි.

සිද්ධා­ර්ථන්ගේ ඒ ප්‍රකා­ශ­යත් සම­ඟින් දෙමළ ජාතික සන්ධාන‍යේ ජ්‍යෙෂ්ඨයෝ ඔහුට දොස් පව­ර­න්නට පටන් ගෙන තිබේ.

ඊට හේතුව වශ­යෙන් පක්ෂ නාය­ක­යන් ප්‍රකාශ කොට ඇත්තේ එක් අපේ­ක්ෂ­ක­යෙකු පම­ණක් ප්‍රකා­ශ­යට පත් කොට සිටි­යදී ඔහු ගැන අනා­වැකි කීම පක්ෂ­යට විශාල හානි­යක් බවයි. සිද්ධා­ර්ථන් මෙහිදී නිහ­ඬව සිටිද්දී දෙමළ ජාතික සන්ධා­නයේ ප්‍රකා­ශක එම්.ඒ.සුම­න්ති­රන් මන්ත්‍රී­ව­රයා ගෝඨා­භය රාජ­පක්ෂ දැඩි ලෙස විවේ­ච­න­ට­යට ලක් කොට තිබිණි.

සිංහල බෞද්ධ ජාති­වාදී මෙන්ම යුද හමුදා නිල­ධා­රි­යෙකු වන ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා වශ­යෙන් ඉදි­රි­පත් වී සිටින නිසා ඉදි­රි­යේදී දෙමළ ජාතික සන්ධා­නය කොටි­යන් ලෙස හංවඩු ගැසීම අනි­වා­ර්යෙන්ම සිදු වන බව ඔහු සඳ­හන් කොට තිබේ.

ඒ නිසා දෙමළ ජන­තාව සඳහා කවර ආකා­ර­යක හෝ විසැ­ඳු­මක් ලබා­ගැ­නී­මට ඔහු­ගෙන් හෝ රාජ­පක්ෂ පවුලේ කිසිදු අයෙ­කු­ගෙන් හැකි නොවන බවද සුම­න්ති­රන්ගේ අද­හ­සයි.

දෙමළ ජාතික සන්ධා­න­යට අවශ්‍ය වී ඇත්තේ උතුරු නැඟෙ­න­හිර වෙසෙන දෙමළ ජන­තා­වට ඒකීය රාජ්‍ය­යක් යටතේ බලය බෙදා හැරෙන දේශ­පා­ලන ව්‍යුහ­යක් බව මෙහිදී සඳ­හන් කළ සුම­න්ති­රන් මන්ත්‍රී­ව­රයා මේ තත්ත්වය ඇති කර­ගැ­නී­මට ශ්‍රී ලංකා රජය සමඟ අවස්ථා ගණ­නා­වක්ද ඉන්දීය රජය සමඟ අවස්ථා දහ අටක්ද සාකච්ඡා කොට ඇති බවද ප්‍රකාශ කළේය.

සුම­න්ති­රන් මන්ත්‍රී­ව­රයා ගෝඨා­භය රාජ­පක්ෂ පිළි­බඳ එසේ අද­හස් දක්වද්දී දෙමළ ජාතික සන්ධා­නය අත­හැර දමා ගිය ඊ.පී.ආර්.එල්.එෆ් සංවි­ධා­නය නියෝ­ජ­නය කරන වන්නි දිස්ත්‍රි­ක්කයේ ශිව­සක්ති ආන­න්දන් මන්ත්‍රී­ව­ර­යාද ගෝඨා­භ­යට එරෙ­හිව අද­හස් පළ කොට තිබේ.

ඔහු පව­සන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ වැනි පුද්ග­ල­යෙකු ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් වූවත් දෙමළ ජන­තා­වගේ ප්‍රශ්න­ව­ලට කිසිම විසැ­ඳු­මක් නොලැ­බෙන බවයි.

දෙමළ ජන­තා­වගේ හා මුස්ලිම් ජන­තා­වගේ ඡන්ද­ය­කින් තොරව මේ රටේ කිසිම අයෙ­කුට ජනා­ධි­ප­ති­ව­රයා වීමට හැකි­යා­වක් නැති නිසා ගෝඨා­භය රාජ­ප­ක්ෂට කිසි දිනක මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා විය නොහැකි බවද ඔහු මෙහිදී සඳ­හන් කළේය. පසු­ගිය ආණ්ඩුව යටතේ රටේ පැවති තත්ත්වය සලකා බලන විට සිංහල ජන­තාව අත­රද ඔහුට එත­රම් ප්‍රසා­ද­යක් ඇතැයි සිතිය නොහැකි බව ශිව­ශක්ති ආන­න්දන් මන්ත්‍රී­ව­රයා පැව­සීය.

එහෙත් ගෝඨා­භය ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස තෝරා­ගැ­නී­මත් සමඟ යාප­නය හා කිලි­නො­චිච්යේ රතිඤ්ඤා පත්තු විය. මෙතෙක් යාප­නයේ ඇති නොවූ මේ තත්ත්වය ගැන විමසා සිටි අව­ස්ථා­වේදී දෙමළ ජාතික සන්ධා­නයේ යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මාවෙයි සේනා­ධි­රාජා මන්ත්‍රී­ව­රයා කියා සිටියේ පොහො­ට්ටුව පක්ෂයේ පක්ෂ කාර්යා­ල­යක් යාප­නයේ පිහි­ටුවා ඇති නිසා එහි සිටි තරු­ණ­යන් රතිඤ්ඤා දැල්වූ බවයි.

සුසිල් ප්‍රේම­ජ­යන්ත් මන්ත්‍රී­ව­ර­යාද පසු­ගිය සති­යක යාප­න­යට පැමිණ යාප­නයේ තරු­ණ­යන් හමුවූ බවත්, පක්ෂ­යක කාර්යා­ල­යක් පිහි­ටුවා එහි සිටින ජන­තා­වට කතා කළ පම­ණින් මැති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කළ නොහැකි බවත් මාවෙයි සේනා­ධි­රාජා මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කළේය.

උතුරේ මෙන්ම නැඟෙ­න­හිර පළා­තේද දෙමළ ජන­තාව තව­මත් සිටින්නේ දෙමළ ජාතික සන්ධා­නය සමඟ නිසා කොළ­ඹින් පොම්ප වී උතු­රට පැමි­ණෙන කවර දේශ­පා­ල­න­ඥ­යෙ­කුට වූවත් දෙමළ ජාතික සන්ධා­නය නැතිව පැවැ­ත්මක් නැති බව මාවෙයි මන්ත්‍රී­ව­ර­යාගේ අද­හ­සයි.

මෙවර දෙමළ ජාතික සන්ධා­නය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය දක්වන්නේ කාහ­ටද යන්න තීර­ණය කිරී­මට පෙර උතුරු නැඟෙ­න­හිර පළා­ත්වල සිටින සාමාන්‍ය දෙමළ ජන­තා­වගේ අද­හ­සද යම් ප්‍රමා­ණ­ය­කට විමසා බැලී­මට සූදා­න­මින් සිටින බවත් ඒ සඳහා උතුරු නැඟෙ­න­හිර ගම්ම­ට්ට­මින් පිහි­ටුවා ඇති ශාඛා සමි­ති­වල සොය ලබා ගැනී­මට තීර­ණය කොට ඇති බවත් ඔහු පැව­සීය.

“අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගන්නෙත් ඉතාම හොඳ තීර­ණ­යක්. ඒ තීර­ණය ගන්නේ පක්ෂ­යේ­වත් එහි සිටින දේශ­පා­ල­න­ඥ­යන්ගේ වාසි­ය­ට­වත් නෙමෙයි, උතුරු නැඟෙ­න­ගිර අර්බු­ද­යට විසැ­ඳු­මක් සොයා­ගැ­නීම කියන කාර­ණය අංක එකේ තබා ගෙනයි. ’’

ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ නම ප්‍රකාශ වීමත් සම­ගම කිලි­නො­ච්චියේ දෙමළ තරු­ණ­යන් ප්‍රීති වූයේ මන්දැයි දෙමළ ජාතික සන්ධා­නයේ කිලි­නො­ච්චිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධ­ර­න්ගෙන් විම­සීමු. ඔහු කියා සිටියේ නාමල් රාජ­ප­ක්ෂගේ තරු­ණ­යන් පිරිස එසේ ප්‍රීති වූ බවයි.

''නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා කිලි­නො­ච්චියේ පවු­ල­කට ගෙයක් හදලා දුන්නා. ඒ ගේ හදන කාලේ ඔහුත් එක්ක කිලි­නො­ච්චියේ තරු­ණ­යන් පිරි­සක් හිත­වත් වෙලා ඉන්නවා. ඒ තරු­ණ­යන්ට දේශ­පා­ල­න­යක් නැහැ. ඒ අයට කන්නයි බොන්නයි දෙනවා නම් කාට හරි අත්පුඩි ගහ­නවා . කාට හරි හූ කිය­නවා. ඒක හැම තැන­ක­ටම පොදු දෙයක්. කොහොම වුණත් කිලි­නො­ච්චියේ මුල­තිව් ජන­තාව මහින්ද රාජා­ප්ක්ෂගේ කට්ටි­යට කැමති නෑ. ඒක මහින්ද මහ­ත්ත­යත් දන්නවා.

මේ ළඟ­දිත් අපි සාක­ච්ඡා­ව­කදී තීර­ණය කළේ අපි පක්ෂ­යක් විදි­හට දෙමළ ජාතික සන්ධා­නය කට­යුතු කරද්දී එකම පුද්ගල චරි­ත­යක් මත විශ්වා­සය තබා­ගෙන කට­යුතු නොක­ර­න්නයි. අපි පක්ෂ­යක් වගේම අපි කට­යුතු කර­න්නත් ඕනේ පක්ෂ­යක් එක්කයි කියන මතයේ අපි දැන් ඉන්නවා.

ඒ වගේම සිවා­ජි­ලිං­ගම් හිටපු මන්ත්‍රී­ව­රයා කිය­නවා වගේ මීට පස්සේ අපි එක් එක් අයගේ කතා දෙන්නම් කියන ඒවා විශ්වාස කරන්නේ නෑ. හැම දේම ලිඛිත පොරොන්දු මත ලබා­ගත යුතුයි. මේ ගැනත් අපි සාකච්ඡා කර­ලයි තියෙන්නේ. මිනි­ස්සුන්ට වර­දින්න පුළු­වන් අවස්ථා තිය­නවා. ඒත් ඒවගේ සීමා­වක් තියෙන්න ඕනේ කියන මතයේ දැන් හැම කෙනාම ඉන්නවා.’’

දෙමළ ජාතික සන්ධා­නයේ පිරිස ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බඳ හා අපේ­ක්ෂ­ක­යන් පිළි­බඳ අද­හස් දක්වද්දී උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේ­ස්ව­රන් කියා සිටින්නේ දකුණේ සිංහල බෞද්ධ බල­වේ­ග­ව­ලට හසු වී සිටින කිසිම දේශ­පා­ල­න­ඥ­යෙකු පිළි­බඳ දෙමළ ජන­තාව විශ්වා­සය තැබිය යුතු නැති බවයි.

එසේ කිය­මින් ඔහු ඔහුගේ දේශ­පා­ලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධා­නය හෙවත් ටී.එක්.කේ පක්ෂයේ පක්ෂ කාර්යාල උතුරු පළාත් පුරා අලු­තෙන් පිහි­ටු­ව­මින් තවත් දේශ­පා­ලන ගම­නක් යෑමට උත්සාහ කරයි.

එය ලංකාවේ පොදු දේශ­පා­ල­නයේ ස්වරූ­ප­යය උතුරෙන්ද ප්‍රකට වෙමින් ඇත.

Comments