මිනි­පි­රි­යගේ අඟපස­ඟට ලොල් වූ සීයා මර­ණ­යෙන් පසු ප්‍රේත­යකු වී උපදී | Page 2 | සිළුමිණ

මිනි­පි­රි­යගේ අඟපස­ඟට ලොල් වූ සීයා මර­ණ­යෙන් පසු ප්‍රේත­යකු වී උපදී

ති” යනු මේ දීර්ඝ වූ සංසාර ගමනේ දී ඔබ මා ඇතුළු සියලු ලෝක සත්ත්වයා උප­දනා තැන් ය. ඒ ගති දුගති හා සුගති යැයි දෙවැ­දෑ­රුම් වේ. එය ද අපාය, තිරි­සන් ලෝකය, ප්‍රේත ලෝකය, මිනිස් ලෝකය හා ස්වර්ග ලෝකය යැයි “ගති” පහකි. ඒවායේ කර්මා­නු­රූ­පව සැරි­ස­රන සත්ත්වයා අපාය ගති, තිරි­සන් ගති, ප්‍රේත ගති, මිනිස් ගති, දේව ගති වශ­යෙන් “ගති පුරුදු” චිත්ත සන්තා­නයේ රැස් කැර­ගනී. ඒවා අපේ මනෝ­මය කාය තුළ තැන්පත්වී ඇත.

ඒ ගති චිත්ත සන්තා­නයේ ඇති වන ලෝභ, දෝස, මෝහ, අකු­සල සිත් සමඟ මෙන් ම අලෝභ අද්වේශ, අමෝහ යන කුසල් සිත් සමඟ (මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහ දාන, සීල, භාවනා) යන ක්‍රියා­ව­ලදී මතුවේ. කිසිදා නොගිය ප්‍රදේ­ශ­ය­කට ගිය විට එහි සිටින මිනිස් හා බල්ලන් වැනි සතුන් කුලු­ප­ග­වීම පෙර හැඳු­නු­ම්කම් වැනි ගති මතු වීම සිදු වීම උදා­හ­ර­ණ­යකි.

යම් යම් අය කෙරෙහි ආදර මිත්‍ර­කම් හා තරහ නුරුස්නා ගත ඇති වේ. මේ ගති පුරුදු ධර්ම ශ්‍රව­ණ­යෙන්, අව­වා­ද­යෙන්, දඬු­ව­මින්, ආද­ර්ශ­යෙන්, නුව­ණින් කල්පනා කිරී­මෙන්, කෙනෙ­කුට වෙනස් කැර ගත හැකිය. ගති පුරුදු ‍වෙනස් කැර ගත්තත් “හුරු පුරුදු” එසේ වෙනස් නොවේ. අරි­හ­තුන් වහ­න්සේ­ගෙන් ද එවන් හුරු­පු­රුදු මතුවූ අවස්ථා ඇත.

පොළො­න්න­රුවේ රාණි තිස් දෙහැ­වි­රිදි තරුණ කාන්තා­වකි. ඇය කොළ­ඹට නුදුරු වෙළඳ කලා­ප­යක රැකි­යාව කරයි. මේ වන විට ඇය පිරිමි පස් දෙනෙකු සමඟ විවාහ වී ඇත. එයින් දෙදෙ­නෙකු නිසා පුතුන් දෙදෙ­නෙකු ලබා ඇත. ඒ පුත්තු දෙදෙනා ඔවුන්ගේ තාත්තලා සමඟ ජීවත් වෙති. ඒ දරු­වන් සමඟ රාණිගේ කිසි ම සම්බ­න්ධ­යක් ද නැත. ඒ දරු­වන් කෙරෙහි ආද­ර­යක්, තමන්ගේ කමක් රාණි තුළ මතු­වන්නේ ද නැත. රාණි ගිය ගිය තැන අවුල් ය. ඇය මත්පැන් වලට දුම්පා­න­යට ද ඇබ්බැහි වී සිටී. ඇය ජීවත් වන්නේ වර්ත­මා­නයේ පම­ණ­කැයි කීවත් වැරදි නැත. තමන්ට තමන්ව පාල­නය කැර ගත නොහැකි මාන­සි­ක­ත්ව­යක් නිසා ඇසුරු කරන අය සමඟ නිතර රණ්ඩු සරු­වල් ඇති කැර ගන්නා අවස්ථා බොහෝය. මේ තත්ත්වය රාණි කෙරෙන් මතු වන්නට පටන් ගත්තේ ඇගේ වයස අවු­රුදු දහ තුනෙන් පසු­වය. වැඩි­වි­යට පත්වී­මත් සමඟ බව ඇගේ මව මල්කාන්ති කියයි.

දිය­ණි­යගේ මේ අමුතු ගති පැව­තුම් කිනම් අප­ල­යක් නිසා ද? කිනම් කරුම විපා­ක­යක් නිසාදැ’යි සොය­ගත නොහැකි වූ නිසා මල්කාන්ති සිය දිය­ණිය රාණි ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කරා කැඳ­වා­ගෙන ආවාය. එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසි රාණිගේ මේ අසා­මා­න්‍යතා පිළි­බඳ විස්තර කළාය. රැකි­යාවේ නිවාඩු දින­ව­ලට ගමට ගිය විට මේ ගති වැඩි­වන බව ද කීවාය.

ගවේ­ෂ­ක­ව­රයා රාණි සමඟ සාකච්ඡා කරන විට තමාගේ ඒ ක්‍රියා­ක­ලා­පය වැරදි බව වැට­හු­ණත් ඒවා නතර කැර ගත නොහැකි බවත්, කටින් පිට වන වචන වැරදි බව වැට­හු­ණත් ඒවා පාල­නය කැර ගත නොහැකි තත්ත්ව­යක් ඇති බවත් ඇය කීවාය. රෝග පරී­ක්ෂා­වේදී රාණි ගැහෙ­න්නට වූවාය. ඇයට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇති බව නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්ස­ලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය.

බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ රාණිගේ ශරී­ර­යෙන් භූතා­ත්ම­යක් ආවිෂ්ට වී කතා කර­න්නට විය. ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කර­න්නට වූයේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?” යි ඇසීය

“මම විල්බට්” යැයි භූතයා උත්තර දුන්නේය.

“කවුද විල්බට් කියන්නේ?”

“මේ රාණි දුවගේ සීයා. තාත්තාගේ තාත්තා.”

“මොනවා වෙලාද මැරුණේ?”

“වය­සට ගිහින්”

“ඇයි මේ මිනි­බි­රීට කර­දර කරන්නේ?”

“මම කර­දර කරන්නේ නෑ. මම මේ කෙල්ලට ආද­රෙයි.”

“ඔබට මොන­වාද වුව­මනා?”

“මට කිසි දෙයක් එපා. මට මෙයා ළඟ නිද­හසේ ඉන්නයි ඕනෑ.”

“ඔබට පින් දෙන්නද?”

“එපා මට පින් එපා.”

“ඇයි මේ ළම­යාගේ ඇඟට රිංගුවේ?”

“මේ දැරිවි ලස්ස­නයි. ඉස්ස‍ර මේ ළමයා මිදුලේ සෙල්ලම් කරන කොට කෙල්ලගේ කඩ­ව­සම් ගති­යට මගේ හිත ඇදිලා ගියා. මම මැරෙන වෙලාවේ මේ ළම­යාව මතක් වුණා. මැරිලා මේ ළමයා ළඟ ඉප­දිලා ඇඟට රිංගුවා.”

“ඇඟට රිංගලා මොන­වද කළේ?”

“ඇඟට රිංගලා මෙයාව රාග­යට පෙළ­ඹෙව්වා. කසාද බැඳලා මේ කෙල්ල සතුටු වෙනවා දැකලා මමත් සතුටු වුණා. ඒ සතුට මට ආහා­ර­යක් වුණා.”

“ඔය කියන ආහා­ර­ව­ලි­න්මද යැපුණේ?”

“නැහැ. ඝන ආහා­රත් ලැබුණා. මේ ළම­යගෙ ශරී­ර­යෙන් පිට වෙන අප­විත්‍ර ලේ ආහා­ර­යට ගත්තා.”

“ඊට අම­ත­රව මොන­වාද කළේ?”

“පිරිමි එක්ක රණ්ඩු ‍කැරෙව්වා. විවාහ කඩා­ක­ප්පල් කළා. එක මිනි­හෙක් පන්නලා තව මිනි­හෙක් යාළු කෙරෙව්වා.”

“ඔබ කර තියෙන්නේ වැරදි වැඩක්. විවාහ කඩා­ක­ප්පල් කරලා. දරු දෙන්නෙක් අනාථ කරලා. මහා පාප­යක්. කරු­ණා­කර මේ ශරී­රය අත­හැර ඉවත් වෙලා යන්න.”

“බැහැ.... බැහැ... මට යන්න බැහැ. මම මෙයාව දාලා යන්නේ නෑ” යි ප්‍රේතයා කීවේය.

ගවේ­ෂ­ක­ව­රයා රාණිගේ මව අම­ත­මින් වයස අවු­රුදු දහ තුනේ පටන් අවු­රුදු තිස් දෙක වන­තුරු මේ ගති පුරුදු දැකලා පිළි­වෙ­තක් ප්‍රති­කා­ර­යක් ක‍ෙළ් නැද්දැයි ප්‍රශ්න කළේය.

“සාස්තර අහන්න ගියා. දේවා­ල­වල ගියා. ඒ ගිය තැන්ව­ලින් කිව්වේ දුවට කළු­කු­මාර දිෂ්ටිය කියලා. ඒවාට තොවිල් කළා. ඒත් මාස­ය­කට වඩා ගුණ­යක් තිබුණේ නෑ. මෙයාගෙ රණ්ඩු කරන ගති මතු වුණා. ඒ වගේ තොවිල් ගණ­නා­වක් කළා.” මල්කාන්ත පැව­සු­වාය.

“හිඃ..... හිඃ..... කට්ට­ඩින්ට පුළු­වන්ද මාව පන්නන්න. මගේ මහ ගෙදර. මගේ ඉඩ­ක­ඩම. මුන් තොවිල් කරන්න ගොස් අතු කපන කොට, පොල් මල් පුවක් මල් හොයන කොට මම දන්නවා. මම පැනලා ගියා. කට්ටිය බොරු කරලා සල්ලි කඩා ගෙන ගියා. උන් පුංචි පුංචි ආර­ස්සා­වල් දාලා ගියා. මම ඉඩ­මෙන් පිට වෙලා ගිහින් ටික දව­ස­කින් ආයෙත් කෙල්ල හොයා ගෙන ආවා” යි මල්කා­න්තිගේ කතාව අසා සිටි භූතයා යළිත් මතු වී හිනා වෙන්නට වූයේය.

බෝධි පූජා පව­ත්වන විට පොළො­න්න­රුවේ ගෙදර රාත්‍රි­යට සද්ද බද්ද ඇහෙ­න්නට වූ බවත් ගෙදර බඩු­මුට්ටු පෙර­ළ­න්නට වූ බවත් මල්කාන්ති කීවාය.

“දැන් මේ අයට කර­දර කළා ඇති. ඔබ මේ ළම­යාගේ සීයා නොවෙයි. දැන් විල්බට් නොවෙයි, දැන් මළ ප්‍රේත­යෙක්. මේ අහිං­සක අයට ‍කරදර නොකර වහාම ඉව­ත්වෙලා යන්නැ” යි ගවේ­ෂ­ක­ව­රයා කීය.

“ඇයි බොල මගේ ගෙදර මගේ ඉඩමේ මට ඉන්න බැරිද? මාව නව­ත්තන්න කාට­වත් බෑ. මට ඕනෑ විදි­හට මම ඉන්නවා.” යි භූතයා පුර­සා­රම් කිය­න්නට විය.

“මේකා හොඳින් කියන දේ අහන පෙරේ­ත­යෙක් නොවෙයි” කී ගවේ­ෂ­ක­ව­රයා ශක්ති කිරණ එල්ල කොට භූතයා පුච්චා දුර්වල කොට රාණිගේ ශරී­ර­යෙන් එළි­යට ඇද දැම්මේය.

රාණි­ටත් මව­ටත් නිව­ස­ටත් ඉඩ­ම­ටත් ආරක්ෂා යොදා දින­පතා උදේ හවස ඉටු කළ බෞද්ධ පිළි­වෙත් ගණ­නා­වක් නියම කළේය.

Comments