විශු­ද්ධි­යට මඟ අහුරන විකෘ­තිය (1 කොටස) | Page 2 | සිළුමිණ

විශු­ද්ධි­යට මඟ අහුරන විකෘ­තිය (1 කොටස)

යථා­ර්ථය පිළි­බඳ කිසි­යම් සංක­ල්ප­නා­වක්හෝ මත­යක් හෝ කරු­ණක් හෝ සම්බ­න්ධ­යෙන් විරුද්ධ පාර්ශ්වය ගැනීම (හෝ දැරීම)

විප­ර්යා­සයි. අනිත්‍ය දෑ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහ­ගත දෑ සුඛ සහ­ගත ලෙසගැනීම, අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම හා අසුභ වූ දෙය සුභ ලෙස ගැනීම යනාදී ලෙසඑන

විප­ර්යාස ප්‍රත්‍ය­ක්ෂය (සංඥා) ද මනස හෙවත් සිති­විලි (චිත්ත) ද මත­වාද (දෘෂ්ටි) ද පද­නම් කර­ගෙන ක්‍රියා­ත්මක වේ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හාඅසුභ යනා­දිය අයත් වන්නේ ලෝක යථා­ර්ථය නිරූ­ප­ණය කරන ප්‍රඥා සම්ප­ත්තිය සඳහාදායක වන

ධනා­ත්මක අංශ­යට ය. එමෙන් ම එහි ප්‍රති­වි­රුද්ධ අංශය වන නිත්‍ය, සුඛ, ආත්ම හා සුභ යනා­දිය අයත් වන්නේ විප­ර්යාස සහ­ග­ත­භා­වය නිරූ­ප­ණය කරන ඍණා­ත්මක අංශයනියෝ­ජ­නය කරන පෘථ­ග්ජන පුද්ග­ලයා තුළ ඇති වන්නා වූ විශු­ද්ධි­යට

හෙවත්විශු­ද්ධි­යට බාධා පමු­ණු­ව­න්නකි.

විප­ල්ලාස යනු විකෘති ස්වභා­වය යි.

ආචාර්ය දිල්ශාන් මනෝජ්  රාජ­පක්ෂ,  කථි­කා­චාර්ය, බෞද්ධ දර්ශ­නය  අධ්‍ය­යන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා  පාලි විශ්ව­වි­ද්‍යා­ලය

විප­ල්ලාස සඳහා මුල් වන කරුණු දෙකකි.

1 අවි­ද්‍යාව 2 තණ්හාව

දිට්ඨි විප­ල්ලාස යනු දෘෂ්ටිය මුල් කර­ගත් විප­ල්ලාස යි. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීම හා අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම යි. තණ්හා විප­ල්ලාස යනු තණ්හාව මුල් කර­ගත් විප­ල්ලාස යි. අසු­භ­යෙහි සුභ­තාව දැකීම හා දුක්ඛ­යෙහි සුඛය ගැනීම නිසා තණ්හා විප­ල්ලාස ඇති වේ. තණ්හා­වෙන් තොර දෘෂ්ටි­යක් නැත. එබැ­වින් අවි­ද්‍යාව හා තණ්හාව අතර මූලික සබ­ඳතා පවතී. මෙහි ඇති විශේ­ෂ­ත්වය වන්නේ දිට්ඨි විප­ල්ලාස අතී­තය පද­නම් කර­ගෙන ඇති වන අතර අනා­ග­තය සම්බ­න්ධ­යෙන් තණ්හා විප­ල්ලාස ඇති වන බව නෙත්ති­ප්ප­ක­ර­ණට්ඨ කථාවේ දී පෙන්වා දීම යි.

ඒ අනුව බ්‍රහ්ම­ජාල සූත්‍රයේ අන්ත­ර්ගත දෙසැ­ටක් මිථ්‍යා දෘෂ්ටී­න්ගෙන් පුර්වාන්ත කල්පික මත­වාද අට­ළොස අවි­ද්‍යාව පද­නම් කර­ගත් විප­ල්ලාස වන අතර එහි ඇති අප­රාන්ත කල්පික මත­වාද සත­ළිස් සතර තණ්හා විප­ල්ලාස පද­නම් කර­ගත් විප­ල්ලාස ලෙස හුවා දැක්වා තිබීම යි. මේ අනුව සසර පැවැ­ත්මට හේතු වන්නේ අවිද්‍යා හා තණ්හා විප­ල්ලාස යි.

එක් අතෙ­කින් අවි­ද්‍යාව නිසා විප­ල්ලාස උප­දින බව ඉහත දී සාකච්ඡා කෙරිණ. එසේ ම අනෙත් අතින් විප­ල්ලාස නිසා අවි­ද්‍යාව උප­දින බව මහා­නි­ද්දේ­සට්ඨ කථාව පෙන්වා දෙයි. එලෙස අවි­ද්‍යාව උප­දින්නේ ඕඝ­යක් ලෙසිනි. මිථ්‍යා දෘෂ්ටිය යනු විප­රීත දැකුම් ඇත්තා ය. (මිච්ඡා දිට්ඨි­කොති විප­රිත දස්සනා)

සංසා­රය නැමැති සැඩ පහර තර­ණය කර­මින් නිර්වා­ණ­ගාමී මාර්ගයේ ගමන් කිරීම ‘තිත්ථං’ යනු­වෙන් සඳ­හන් වේ. මෙම මාර්ග­යට ප්‍රති­පක්ෂ මාර්ගය දෘෂ්ටි ගතික, දෘෂ්ටි තීර්ථය යි. තීර්ථක, නග්න, නිග­න්ඨ­ශ්‍ර­මණ පිරිස් ද කථ කලා­පාදි ශ්‍රම­ණ­යන්, පොක්ඛ­ර­සාති පරි­බ්‍රා­ජක පිරිස් ද ආත්මය හා ලෝකය ශාස්වත යැයි දක්ව­මින් විප­රී­තතා ගෙන­හැර දක්වන බව නානා­ති­ත්ථිය සූත්‍ර වර්ණ­නාවේ සඳ­හන් වේ.

විප­ල්ලාස විශ්ලේ­ෂ­ණය හා වර්ගී­ක­ර­ණය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යන සිව් වැදෑ­රුම් ධර්ම කරු­ණු­වල ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වය ගැනීම විප­ල්ලාස වන අතර එම සිව් වැදෑ­රුම් ධර්ම කෙරෙහි යොමු වීම විප­ල්ලා­ස­ග්‍රාහී වීමට හේතුව බව බුදු­ස­මයේ මූලික අව­ධා­ර­ණය යි. විප­ල්ලාස පහක් නැත. ඇත්තේ සත­රක් පමණි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යන සිව් වැදෑ­රුම් ධර්ම කරු­ණු­වල ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වය ගැනීම විප­ල්ලාස වන අයුරු අංගු­ත්තර නිකායේ විප­ල්ලාස සූත්‍රයේ සඳ­හන් වේ. සම­ස්ත­යක් ලෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යන සිව් වැදෑ­රුම් කරුණු පද­නම් කර­ගෙන දොළොස් වැදෑ­රුම් විප­ල්ලාස එම­ඟින් හඳු­නා­ගත හැකි ය.

1.අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා විප­ල්ලාස

I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

II. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

III. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

2. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා විප­ල්ලාස

I. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

III. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

3. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා විප­ල්ලාස

I. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

II. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

4. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා විප­ල්ලාස

I. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

II. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති ක­ගන්නා චිත්ත විප­ල්ලාස

III. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

විප­ල්ලාස ඇති නො වීම හෙවත් අවි­ප­ර්යා­ස්ත­යෙහි දී ද උක්ත කී විප­ල්ලාස ප්‍රභේ­ද­වල ප්‍රති­ප­ක්ෂය ද සිව් වැදෑ­රුම් ව සම­ස්ත­යක් ලෙස දොළොස් වැදෑ­රුම් ව දැක්වේ.

1.නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා අවි­ප­ල්ලත්ථ

I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

II. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

III. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

2.සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා අවි­ප­ල්ලත්ථ

I. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

III. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්

3. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා අවි­ප­ල්ලත්ථ

I. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

II. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

4. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන්

ඇති කර­ගන්නා අවි­ප­ල්ලත්ථ

I. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

II. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

III. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

අනිත්‍ය වස්තු­වෙහි නිත්‍ය සංඥා ඇති දුක්ඛ­යෙහි සුඛ සංඥා ඇති අනා­ත්ම­යෙහි ආත්මය යැයි සංඥා ඇති අශූ­භ­යෙහි ශූභ සංඥා ඇති ව දෘෂ්ටි විප­ර්යාස වශ­යෙන් මිථ්‍යා දෘෂ්ටි­යට වැටුණු වික්ෂිප්ත සිත් ඇති සත්ත්වයා යෝග­ක්ෂේ­මය නො ලද හෙයින් මාර­යාගේ යෝග­යෙහි යුක්ත වන බව බෞද්ධ අද­හස යි. එම සත්ත්වයෝ ජාති, ජරා, මරණ ආදිය කරා යන බවත් සංසා­ර­ගාමී වන බවත් දක්වා ඇත. (අංගු­ත්ත­ර­නි­කාය 2, චතු­ක්ක­නි­පා­ත­පාළි, විප­ල්ලාස සූත්‍රය, බුද්ධ ජයන්ති ත්‍රිපි­ටක ග්‍රන්ථ මාලා පුන­ර්මු­ද්‍ර­ණය, බෞද්ධ සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය, දෙහි­වල, 1962, පි. 100-102)

එබැ­වින් ලොව පහළ වන බුදු­වරු දුක් සන්සි­ඳ­වන සිව්සස් දහම් දෙසති. ඒ මඟින් නැණ එළිය කරන චතු­රාර්ය සත්‍ය පහළ වන අතර ප්‍රාඥයෝ එම බුදු­ව­රු­න්ගෙන් දහම් අසා ස්වකී­යීය චිත්තය පිරි­සුදු කර­ගෙන අනිත්‍ය අනිත්‍ය වශ­යෙන් දුක් දුක් වශ­යෙන් අනා­ත්මය අනා­ත්මය වශ­යෙන් අශූ­භය අශූ­භය වශ­යෙන් දැක සම්‍යග් දර්ශ­නය වෙත පැමිණ සියලු සසර දුක් ඉක්ම­වති. මේ අනුව සියලු දුක්ව­ලට මූල හේතුව විප­ර්යාස බවත් එය පුද්ග­ලයා දෘෂ්ටි­ගාමී කර­වී­ම­ටත් අව­සා­නයේ සංසා­ර­ගාමී වීම­ටත් බල­පායි. එසේ ම එම­ඟින් පැනෙන මූලික අද­හ­සක් වන්නේ බුදු­වරු ලොව පහළ වන්නේ විප­ර්යාස දුරු කොට ලොවට ඥානා­ලෝ­කය දායාද කිරී­මට යි.

විප­ල්ලාස සිදු වන ආකා­රය අනුව තවත් ආකා­ර­ය­කින් විප­ල්ලාස වර්ග දෙකක් හඳු­නා­ගත හැකි ය. එනම්,

I. ලෝකය දෙස බලා පුද්ග­ලයා තුළ ඇති වන විප­ල්ලාස

II. පුද්ග­ල­යා­ගෙන් තොර ව ස්වභා­වික ලෝකයේ ඇති වන විප­ල්ලාස

මෙහි දෙවැනි ව දැක්වූ විප­ල්ලාස ප්‍රභේ­දය සත්‍ය ලෝකය තුළ වස්තූන්ගේ ඇති වන විකෘ­ති­තාව අද­හස් කරන අතර එම විකෘ­ති­තාව ඍණා­ත්ම­ක­වත්, ධනා­ත්ම­ක­ව­ක­වත් සාකච්ඡා කළ හැකි ය. ඍණා­ත්මක ව සත්‍ය ලෝකය තුළ වස්තූන්ගේ ඇති වන විකෘ­ති­තා­ව­යට නිද­සුන් ලෙස ගසක ඵල­යක් නරක් වීම, සත්ත්ව මෘත දේහ­යක පණු­වන් හට­ගැ­නීම ආදිය යි. ධනා­ත්මක ව සත්‍ය ලෝකය තුළ වස්තූන්ගේ ඇති වන විකෘ­ති­තා­වට නිද­සුන් ලෙස එක්වර ම පොළො­වෙන් මැණික් පහළ වීම, මහ­මු­හුදේ විශාල ගොඩ බිම් පහළ වීම ආදිය දැක්විය හැකි ය.

කෙසේ­වෙ­තත් විප­ල්ලා­ස­වල එවැනි ඍණා­ත්ම­ක­වත්, ධනා­ත්ම­ක­ව­ක­වත් පද­නම් සාකච්ඡා කිරීම කොතෙක් දුරට සාර්ථක හා සාධා­රණ වන්නේ­දැයි යන්න දාර්ශ­නික ව ගැටලු සහ­ගත වන අතර මෙයට ප්‍රධාන හේතු­වක් වන්නේ පෞද්ග­ලික හැඟීම් මත ඍණා­ත්මක ව හා ධනා­ත්මක ව විප­ල්ලාස හඳු­නා­ගැ­නීම වාස්ත්වික වශ­යෙන් සාමා­න්‍ය­ක­ර­ණය කිරීමේ ගැට­ලුව මෙහි දී පැන­නැ­ඟෙන මූලික ගැට­ලුව යි. එසේ ම විප­ල්ලා­ස­වල එවැනි ඍණා­ත්ම­ක­වත්, ධනා­ත්ම­ක­වත් පද­නම් එකි­නෙ­කට සාපේ­ක්ෂක වීමත් මෙහි දී දාර්ශ­නික වශ­යෙන් ගැටලු උත්පා­ද­නය කරයි. කෙසේ­වෙ­තත් මෙහි දී අද­හස් කරන්නේ ස්වභා­වික වශ­යෙන් ඇති වන පාරි­ස­රික වෙනස් වීම් ය.

ලෝකය තුළ වාසය කරන පුද්ග­ලයා තුළ විප­ල්ලාස හට­ගන්නා අයුරු පිළි­බඳ බුදු­ස­මය තුළ වැඩි අව­ධා­න­යක් යොමු වී ඇත. එයට හේතුව වන්නේ විප­ල්ලාස ඇති වන්නා වූ පුද්ග­ල­යාට මෙලොව, පර­ලොව වශ­යෙන් බල­වත් ගැට­ලු­ව­ලට මුහු­ණ­පා­න්නට සිදු වීම යි. මෙම පද­නම අනුව බුදු­ස­මය විප­ල්ලාස පුද්ග­ල­යාට බල­පාන ආකා­රය ත්‍රිවි­ධා­කාර ව ගෙන විග්‍රහ කරයි.

I. පුද්ග­ලයා විෂය ලෝකය හඳු­නා­ගන්නා ආකා­රය අනුව විප­ල්ලාස හට­ගැ­නීම (සඤ්ඤා විප­ල්ලාස) - මෙය සංජා­න­නය ආශ්‍රිත විප­ල්ලාස යි.

II. පුද්ග­ලයා විෂය ලෝකය පිළ­බඳ සිතන ආකා­රය අනුව විප­ල්ලාස හට­ගැ­නීම (චිත්ත විප­ල්ලාස) - මෙය සංවේ­ද­නය ආශ්‍රිත විප­ල්ලාස.

III. පුද්ග­ල­යාගේ අද­හස්, මත­වාද පද­නම් කර­ගෙන විප­ල්ලාස හට­ගැ­නීම (දිට්ඨි විප­ල්ලාස) - මෙය චින්ත­නය ආශ්‍රිත විප­ල්ලාස

උක්ත කී ත්‍රිවි­ධා­කාර විප­ල්ලාස පුද්ග­ල­යාට බල­පෑම් කරන ආකා­රය හෙවත් විකෘ­තිතා පුද්ග­ලයා තුළ ඇති වන ආකාර සත­රකි.

1 අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීම

2 දුක් සහ­ගත දේ සුඛ ලෙස ගැනීම

3 අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම

4 අසුභ දෙය සුභ ලෙස ගැනීම

නිවන් සාක්ෂාත් කර­ගැ­නී­මෙන් සසර දුක් අව­සන් කළ හැකි වන්නේ ක්ලේෂ දුරු­කි­රී­මෙනි. ක්ලේෂ බාහිර ලෝකය තුළ ප්‍රද­ර්ශ­නය වන්නේ විප­ර්යාස මඟිනි.

Comments