ඩොලර් ආදා­යම් රටට ගෙනෙන ලංකාවේ ලොකුම අඹ වත්ත | සිළුමිණ

ඩොලර් ආදා­යම් රටට ගෙනෙන ලංකාවේ ලොකුම අඹ වත්ත

ටු පඳුරු මිස, උස්ව වැඩුණු ගහ­කොළ නැති මේ ශුෂ්ක භූමිය දාහ­යෙන් දවාලයි.

බැලූ බැලූ අත වියළි ගහ­කොළ පමණි. දුඹුරු පැහැ දුහු­විලි පමණි. එවැනි කඨෝර පරි­ස­ර­යක කොළ පැහැ­යෙන් දිදු­ලන අඹ යායකි.

වියළි හුළඟ හා මුසුව හඹා එන අඹ මල් සුවඳ මේ තුරු ගොමු යටදී, දාහය නිවා­ලන මහා ආස්වා­ද­යකි. ඒ එතෙ­කින් නොනැ­ව­තුණු, කිලෝ­ව­කට වැඩි ගෙඩි, ගස් පුරා ඵල දර­මින් අපේ රටට ඩොලර් රැගෙන එන මහා සම්ප­තකි.

මේ, TJC නව අඹ ප්‍රභේ­දය මෙරට වගා කරන දැවැ­න්තම ව්‍යාපෘ­ති­යයි. බුත්තල, වන්දම නම් අති­දු­ෂ්කර ප්‍රදේ­ශයේ අක්කර 500 ක් පුරා නැඟී හිඳින මේ අඹ­ගස් පේළි, ‘නෙල්නා’ සමා­ගමේ තවත් සාර්ථක ව්‍යාපෘ­ති­යක ප්‍රති­ඵ­ල­යයි. එනම්, ඔවුන්ගේ දැවැ­න්තම කෘෂි ව්‍යාපෘ­ති­යයි.

නෙල්නා සභා­පති, එඩී ගුණ­පාල නානා­ය­ක්කාර මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව සහ ඔහුගේ දිය­ණිය, අධ්‍ය­ක්ෂිකා පුණ්‍යා නානා­ය­ක්කාර මෙනෙ­වි­යගේ කැප­වීම මත ඇරැ­ඹුණු මේ TJC නෙල්නා අඹ වගාව, අද මුළු වන්දම ප්‍රදේ­ශ­ය­ටම ආර්ථික ප්‍රති­ලාභ රැසක් ගෙන එන, රැකියා උත්පා­ද­නය කරන දැවැන්ත ව්‍යාපෘ­ති­යක් බවට පත්ව තිබේ.

ලෝකයේ ප්‍රමි­ති­යෙන් උසස් හොඳම අඹ වර්ග 10 අතරේ සිටින, අපේ රටේ වගා කෙරෙන TJC, ටොම් එල්ලා­වල සහ ජුවාන් කාලෝස් යන මහ­ත්වරු විසින් මෙර­ටදී වර්ධ­නය කරන ලද අඹ ප්‍රභේ­ද­යකි. එහි අගය වටහා ගත් නානා­ය­ක්කාර මහතා, මෙම දැවැන්ත වගා ව්‍යාපෘ­ති­යට අත ගැසුවේ, මේ ශුෂ්ක බිම කොළ පැහැ­යෙන් දිදු­ලන පරි­ස­ර­යක් බවට පත් කර­මිනි.

ඒ අනුව, 2008 වසරේ දී ඇඹි­ලි­පි­ටියේ අක්කර 150 කින් නෙල්නා TJC පළමු ව්‍යාපෘ­තිය ඇරැ­ඹිණි.‍ අක්කර 500 ක බුත්තල මෙම ව්‍යාපෘ­තිය ආරම්භ වූයේ ඉන් අන­තු­රුව 2018 වස­රේ­දීය.

සභා­පති, ගුණ­පාල නානා­ය­ක්කාර (වමේ) සහ  සාමා­න්‍යා­ධි­කාරි කපිල රාජ­පක්ෂ මහ­ත්වරු.

“අපේ මේ අඹ වතු­වල වැඩ කරන බහු­ත­රය මේ අවට ගම්වල කාන්තාවෝ. පැළ සිටු­වීමේ පටන් ගස් නඩත්තු කිරීම, අඹ ඵල ආරක්ෂා කිරීම, නෙළීම ආදී සියලු කට­යුතු සිදු­වන්නේ ඔවුන් අතින්. එසේ රැක බලා ගන්නා මේ අඹ, සිංග­ප්පූ­රුව, ජර්ම­නිය, ඕමා­නය, ඩුබායි, මැලේ­සි­යාව, රුසි­යාව, ස්විට්ස­ර්ල­න්තය, ස්වීඩ­නය, ඇමෙ­රි­කාව සහ නෝ‍ර්වේ ඇතුළු මැද පෙර­දිග රට­වල් ගණ­නා­ව­ක­ටම යැවෙන්නේ ඔවුන් අතින් සැක­සී­මෙන්.

ඉතින් මේ අඹ ව්‍යාපෘ­තිය නිසා, දුෂ්කර ගමක ආර්ථි­කය හැදී තිබෙ­නවා. කාන්තා­ර­යක් වගේ රස්නෙ පරි­ස­ර­ය­කට අලුත් ගස් 75,000 ක් ලැබී තිබෙ­නවා. අපි ආදා­ය­මක් උප­ය­නවා තමයි, හැබැයි ඒ ගහක් කොළ­යක් වවලා පරි­ස­ර­යට උදව් කර­මින්.

වතුර තමයි අපිට තිබෙන ලොකුම ගැට­ලුව. මේ ගස් මේ තැනට ලොකු කරන්න විශාල ජල ප්‍රමා­ණ­යක් ‍ඕනෙ. රුපි­යල් මිලි­යන 150 ක් වැය කරල වැවක් හදන්න උත්සාහ ගත්තත් තවම එයට අව­සර ලැබී නැහැ. රජ­යෙන් අපට ඒ උදව්ව ලැබෙ­නවා නම් මේ ශුෂ්ක පළා­තට වැවක් ලැබෙ­නවා. අඹ ගස් ටිකට අඩු නැතිව වතු­රත් ලැබෙ­නවා.

අනෙක, අපේ රටේ මහ­පො­ළොවේ රසය හොඳින් උරා­ගත් මේ අඹ තව තවත් ලොව ප්‍රච­ලිත කරන්න අපිට හැකි­යාව තිබෙ­නවා. කෙනෙක් අක්කර ½ ක මේ අඹ හිටෙ­ව්වොත් එය, රු. 50000කට ආසන්න මාසික ආදා­ය­මක්. අපේ දිගු­කා­ලීන සැලැස්ම තමයි, බිලි­යන 7 ක වාර්ෂික අපනයන ආදා­ය­මක් ඉපැ­යීම. අඹ­ගස් ලක්ෂ­යක් දක්වා මේ ව්‍යාපෘ­තිය පුළුල් කිරීම, අපේ ඊළඟ ඉල­ක්කය.

ඒ වගේ ම, ජම්බෝ වර්ගයේ විශේ­ෂිත දූරි­යන් ගස් 10000 ක ව්‍යාපෘ­ති­ය­ටත් අපි ළඟ­දීම අත ගහ­නවා‍. එය, ලෝක වෙළෙ­ඳ­පොළේ ‍හොඳ ඉල්ලු­මක් තිබෙන දූරි­යන් විශේ­ෂ­යක්. නමුත් අපට තිබෙන ගැට­ලු තමයි ඉඩම් සොයාගැනීම, අවශ්‍ය ජලය නැතිකම. අමා­රු­වෙන් වගාකර ඵල නෙළා ගත්තත් ලෝක වෙළෙ­ඳ­පොළ දක්වා යන ගම­නේදී අදාළ රාජ්‍ය ආය­තන මඟින් සහය නොලැ­බීම. රජයේ නීති­මය ක්‍රියා පටි­පා­ටි­ව­ලදී මීට වඩා සහා­යක් ව්‍යව­සා­ය­ක­යන්ට අව­ශ්‍යයි.” සභාපතිවරයා පවසන්නේ සිය ප්‍රාෙයා්ගික ගැටලු පිළිබඳ.

සභාපති නානා­ය­ක්කාර මහතා සේම, සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරි කපිල රාජ­පක්ෂ මහතා ද මේ දුෂ්කර කට­යුත්තේ කොට­ස්ක­රු­වෙකි.

“ඇත්ත­ටම මේවා කාගෙ­වත් අව­ධා­න­යක් නොලැ­බෙන, ඉතා­මත් අමා­රු­වෙන් කර­ගෙන යන සැඟ­වුණු ව්‍යාපෘති. මේ තොර­තුරු සමා­ජ­යට යා යුතුයි. තේ, රබර්, පොල්ව­ලින් විත­රක් නෙවෙයි දැන් අඹවලි­නුත් රටට හොඳ ආදා­ය­මක් ගේන්න පුළු­වන්. ඒ වගේම තව තවත් රැකියා උත්පා­ද­නය කරන්න පුළු­වන්. අවශ්‍ය වන්නේ ‍මෙවැනි දුෂ්කර කාර්ය­යන්ට අත ගසා තිබෙන ව්‍යව­සා­ය­ක­යන් වෙනු­වෙන් නිසි රාජ්‍ය ප්‍රති­පත්ති සැක­සීම පම­ණයි.”

මෙවැනි ව්‍යව­සා­ය­ක­යන් දිරි­ග­න්වන්නේ නම්, කිසි­ව­කු­ගේත් ඇස නොගැ­ටුණු කටුක ගම්මා­න­වල දිවි ගෙවෙන මිනි­සුන්ගේ ආර්ථි­කය, ඔවුන් හරහා තව තවත් ගොඩ­නැ­ගෙනු ඇත. විශාල වශ­යෙන් අප­න­යන ආදා­යම් රටට ගලා එනු ඇත. අති දුෂ්කර වියළි කලා­පයේ මෙවැනි පළාත්, කොළ පැහැ අඹ රුක් ගොමු­ව­ලින් බබ­ළනු ඇත.

ඡායා­රූප - මංජුල පෙරේ‍රා

 

Comments