පාව­හන් කර්මා­න්තය පස් අවුරුදු සැලසුමකට ගෙන යමු | සිළුමිණ

පාව­හන් කර්මා­න්තය පස් අවුරුදු සැලසුමකට ගෙන යමු

 

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ සහ පාව­හන් කර්මා­න්ත­යට හිමි වන්නේ ප්‍රමු­ඛ­ස්ථා­න­යකි. ඒ දේශීය අව­ශ්‍යතාවලට අම­ත­රව විදේ­ශීය අව­ශ්‍යතා සපු­ර­න්න­ටද සම්භාණ්ඩ සහ පාව­හන්වලට විශේෂ ඉල්ලු­මක් පව­තින නිසාය. සු‍ළු පරි­මාණ, මධ්‍ය පරි­මාණ මෙන්ම මහා පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් තම තමන්ට අනන්‍ය වූ ක්‍රම­වේ­ද­යන් මූලික කර ගනි­මින් මේ වන විටත් දේශීය පාව­හන් කර්මාන්ත ක්ෂේත්‍රයේ අභි­වෘ­ද්ධිය සඳහා දාය­ක­ත්වය සප­යයි.

කාර්මික විප්ල­ව­යත් සමඟ ඇර­ඹුණු නව පාව­හන් කර්මා­න්තය යුරෝ­පය සහ ඇමෙ­රි­කා­වෙන් ආරම්භ වුවත් මුල් අව­ධියේ එහි පැවැ­ත්මට ඵල­දායී ශ්‍රමික හමු­දා­වක් අවශ්‍ය කර්මා­න්ත­යක් බවට පත්වූ නිසාම මෙම කර්මා­න්තය නිතැ­තින්ම ආසි­යා­ක­ර­යට සම්ප්‍රාප්ත විය.

එක් රටක ඉර බසින කර්මා­න්ත­යක් බවට පත්වන විටදී, එම ස්ථානය ලබා ගැනී­මට ඉර නැගෙන කර්මා­න්ත­යක් වශ­යෙන් ජපා­න­යට පළ­මු­වෙන් ද, ඉන්පසු තායි­වා­නය, කොරි­යාව, චීනය වෙත යොමු­විය. චීනය අද මෙම කර්මා­න්තයේ අධි­පති වී ඇත්තේ ලෝක නිෂ්පා­ද­න­යෙන් 57.5% හිමි­කර ගනි­මින්ය. ආසි­යාව, විය­ට්නා­මය සහ කාම්බෝ­ජය විශාල ලෙස පාව­හන් කර්මා­න්තය වෙත යොමු­වී­මත් සමඟ ඉන්දි­යාව, තායි­වා­නය, තායි­ල­න්තය සමඟ එක්ව ලෝක අප­න­ය­නය කෙරෙන සෑම කූට්ටම් 10 කින් 8 ක් ම ආසි­යානු රට­වල් වී ඇත.

පාව­හන් කර්මා­න්ත­යට ආදේ­ශ­ක­යක් අද­වන තෙක් එළි­දැක නැත. මේ නිසා ම ලෝක පාව­හන් නිෂ්පා­ද­නය වස­රක් පාසා වර්ධ­නය වෙමින් පවතී.

2017 ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 246.07 වූ වෙළෙඳපොළ 2023 වන විට ඇමෙ­රි­කානු ඩොලර් 320.44 බිලි­ය­න­යක් වෙත ළඟා­වන බවට දැන­ට­මත් අනු­මාන කර ඇත. එම­නිසා කර්මා­න්ත­යන් විනාශ කර නව භාණ්ඩ­යන් එළි දැක්වී­මක් මඟින් මෙම කර්මා­න්ත­යට තර්ජ­න­යක් නැත.

එම නිසා ශ්‍රී ලංකාවේ පාව­හන් කර්මා­න්තය ගැන කර්මා­න්ත­ක­රු­වන්, රජය, කර්මාන්ත වර්ධ­න­යට කැපවී සිටින කර්මාන්ත අමා­ත්‍යාං­ශය, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය, කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලය ස්ථිර­සාර සැල­සුම් සැක­සී­මක් කළ යුතු කාලය වේග­යෙන් පහව යන බව ප්‍රථ­ම­යෙන් ම සඳ­හන් කළ යුතුය.

පාව­හන් කර්මා­න්තයේ ඉදි­රි­යට ඒමට විය­ට්නා­ම­යට හැකි­වූයේ කෙසේ ද?

සිය­යට 59.9% තරුණ, වැඩ කළ හැකි වයසේ ජන සංයු­තිය,ස්ථාවර ප්‍රති­ප­ත්ති­යක දිගු­කල් පව­තින රජය, රටේ ශක්තිය හොඳින් හඳු­නා, මනා ඵල­දා­යී­තා­ව­ය­කින් ඉහ­ළට යා හැකි කර්මාන්ත පම­ණක් තෝරා ගැනීම, පාව­හන් හි තාක්ෂ­ණයේ නිය­මුවා සමග - ඉතා­ලිය ඒකා­බ­ද්ධව පාව­හන් තාක්ෂණ මධ්‍ය­ස්ථා­නය Bin Duong නග­රයේ පිහි­ටුවා ගැනීම,එහි නව නිෂ්පා­දන බිහි කිරීමේ කට­යු­ත්තට සුළු, මධ්‍යම සහ මහා පරි­මාණ නිෂ්පා­ද­ක­යින්ට පහ­සු­කම් සලසා, තාක්ෂ­ණය ලබා­දීම, රජයේ නිවාඩු සීමා කර ඇති අතර සති­යට පැය 48 සීමිත සේවා මුර­යකි.

විය­ට්නා­මය ජීවන විය­දම ඉතා පහළ මට්මක පව­ත්වා­ගෙන යන හෙයින් මුළු රට­ටම අනුව, අග­නු­වර ආශ්‍රිත කලා­පය අධී­කම මාසික වැටුප් සහිත කළා­පය වන අතර, නාග­රි­ක­ත්වය අනුව මාසික වැටුප අඩු­වන චක්‍ර­යක් පරිදි ක්‍රියා­ත්මක වැටුප් තල 4 ක් ඇත.

විය­ට්නා­මය ඉහත දැක්වූ කරුණ උප­යෝගී කර­ගෙන 2018 දී සම් පාව­හන් අප­න­ය­න­යෙන් පම­ණක් ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.4 ක් උප­යන විටදී ශ්‍රී ලංකාව ලොව සම් පාව­හන් නිෂ්පා­ද­න­යෙන් 79 වන ස්ථානය ගෙන ඇ. ඩො.4.7 මිලි­යන උප­යන ඉතා අඩු මට්ට­ම­කට දැනට පත්ව ඇත. එය ලෝක වෙළෙ­ඳ­පොළෙන් 0.03% කි. විය­ට්නා­මය 11.6% ලෝක වෙළෙ­ඳ­පොළෙන් අත්ක­ර­ගෙන ඇත. 2018 දී ක්‍රීඩා පාව­හන් පම­ණක් විය­ට්නා­මය මිලි­යන 883 ක් අප­න­ය­නය කරන ලදී.

ශ්‍රී ලංකාවේ පාව­හන් කර්මා­න්තය වර්ත­මා­නයේ කෙබ­දුද?

පාව­හන් කර්මා­න්ත­යේ පසුබෑමට දශක තුනක් තිස්සේ පැවති සිවිල් අර­ග­ලය මූලික හේතු­වක් විය. කටු­නා­යක ආයෝ­ජන කලා­පයේ පිහිටි ප්‍රධාන පාව­හන් කර්මා­න්ත­ශාලා වැසී­යා­මට මෙය හේතු­වක් විය. කොරි­යාවේ බූසාන් නුවර පාව­හන් අග­නු­වර තත්ත්ව­යෙන් ඉවත්ව යන විට ඔවුන් ලංකාව දෙස නොබලා ම විය­ට්නා­මය, තායි­ල­න්තය වැනි රට­වල් වෙත යොමු වූයේ ද මේ නිසා­මය.

යුරෝ­පීය සංග­මයේ රට­ව­ලින් GSP සහ­නය තුළින් තීර­බදු රහි­තව (17% නොගෙවා) සම් පාව­හන් අප­න­ය­නය කිරී­මට අපි නැව­තත් සහ­නය ලබා­ගෙන ඇතත් තව­මත් අපි ලොව රට­වල් 192 අතර 79 වන ස්ථානයේ - සම් පාව­හන් අප­න­ය­නයේ දර්ශ­කයේ පසු­වෙයි. යුරෝ­පීය සහ අනෙ­කුත් රට­වල බොහෝ කෘත්‍රීම අමු­ද්‍රව්‍ය සහ රීච් අනු­කූ­ල­තා­වය නොමැ­තිව පාව­හන් අප­න­ය­නය තහ­නම් වුවත්, ශ්‍රී ලංකාවේ පාව­හන් නිෂ්පා­ද­ක­යන් මේ ගැන තව­මත් උනන්දු නොවීම තේරු­ම්ගත නොහැ­කිය. ජල පද­නම් කර ගත් පාව­හන් අල­වන මැලි­යම් භාවි­තය ලොව පාව­හන් නිෂ්පා­ද­න­යේදී අත්‍ය­ව­ශ්‍යම අව­ශ්‍ය­තා­ව­යකි. මෙම කරුණු සල­කන විට පාව­හන් කර්මා­න්ත­ක­රුවා තව­මත් ප්‍රාථ­මික තත්ත්ව­යක පසු­වීම පුදු­ම­යකි.

විශේ­ෂ­යෙන් ම නිෂ්පා­දන විවි­ධ­ත්ව­යෙන් තොර වීමත්, විශේ­ෂ­යෙන් ම චීනයේ නව විලා­සිතා දැන­ට­මත් ගලා­ඒම නිසා ශ්‍රී ලාංකික නිෂ්පා­ද­කයා අද වෙළෙ­ඳ­පො­ලෙහි අත­ර­මංවී ඇත.පාසල් සහ රබර් සෙරෙප්පු නිෂ්පා­ද­ක­යන් ලබා ඇති ප්‍රග­තිය හැරෙ­න්නට අප­න­ය­න­යට සුදුසු පාව­හන් නිෂ්පා­ද­නය පව­තින්නේ ඉතා දුර්වල මට්ට­ම­කය. ඉහත නිෂ්පා­දන මඟින් විදේශ විනි­මය ඉතිරි කිරීම සත්‍ය­යකි. එහෙත් අදට අව­ශ්‍යව ඇත්තේ විදේශ විනි­මය උත්පා­ද­නය කරන කර්මාන්ත ය.

පාව­හන් කර්මා­න්තය ඉහළ තල­ය­කට ගත­හැක්කේ කෙසේ ද?

රජ­යත්, කර්මා­න්ත­ක­රු­ව­නුත් එකතු වී 05 අවු­රුදු සැලැ­ස්මක් සැක­සිය යුතුය.එහිදී රජයේ නිෂ්පා­ද­ක­යාගේ හා අනෙ­කුත් රාජ්‍ය ආය­ත­න­යන්හි වග­කීම් පිළි­බඳ ඉලක්ක ගත­කොට හඳු­නා­ගත යුතුය. සෑම කාර්තු­ව­කම කලින් ඉලක්ක කර­ගත් වැඩපිළි­වෙළ සමා­ලෝ­ච­නය කළ යුතු අතර. දැඩි­ලෙස කැප­වීම සියලු කොට­ස්ක­රු­වෙ­කුම ප්‍රද­ර්ශ­නය කළ යුතුය. විදේ­ශීය පාව­හන් වෙළෙ­ඳ­පො­ලෙහි විශේ­ෂ­යෙන් චීන - ඇමෙ­රිකා වෙළෙඳ යුද්ධය” තුළින් ස්වදේ­ශීය කර්මා­න්ත­ක­රුවා මෙම කර්මා­න්තය ඉදි­රි­යට ගෙන යා හැනි ව්‍යාපාර අවස්ථා පැහැ­දි­ලිව හඳු­නා­ගත යුතුය. චීන පාව­හන් අති­රි­ක්ත­යට ගන්නා ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව අප විම­සි­ල්ලෙන් සිටිය යුතුය. යුරෝ­පයේ, විශේ­ෂ­යෙන් පෘතු­ගා­ලය, ප්‍රංශය. ජර්ම­නිය වැනි රට­වල් නව තාක්ෂ­ණ­යෙන් හා රොබෝ තාක්ෂ­ණය තුළින් කෙරෙන නිෂ්පා­ද­න­යට ශ්‍රී ලංකා­වට සහ­භාගී විය හැකි අව­ශ්‍ය­තා­ව­යන් සැල­සුම් කිරී­මේදී මුල්තැන දිය යුතුය. එම රට­වල් ඉලක්ක කර­ගෙන එහි අව­ශ්‍යතා පූර්ණ කිරී­මට කට­යුතු කළ යුතුය. සැක­සෙන සෑම සැලැ­ස්මක් ම රජ­යේත්, නිෂ්පා­ද­ක­යා­ගේත්, අනෙ­කුත් රාජ්‍ය ආය­ත­න­ය­න්ගේත් සැක රහි­තව, තම කාර්යය කැප­වී­මෙන් කළ ­යුතු කාලය දැන් උදාවී ඇත.

පාව­හන් නිෂ්පා­ද­නයේ නව­තම ක්‍රම­වේද - උඩ කොටස පරි­ග­ණක ආධා­ර­යෙන් කැපීම් කෙරෙන තාක්ෂ­ණය පුළුල් කළ යුතුය. මේ මඟින් ඉතා කාර්ය­ක්ෂම ක්‍රම­ය­කින් විලා­සිතා වෙනස් කළ හැකි අතර කුඩා ප්‍රමා­ණ­වල විශේෂ ඇණ­වුම් භාර­ගන්නා රටක් බවට පත්විය හැකිය.මෑත කාලී­නව ඉදි­රි­යට ආ විය­ට්නා­මය සහ කාම්බෝ­ජය අනු­ග­ම­නය කළ ක්‍රියා­ව­ලිය තරයේ අධ්‍ය­ය­නය කළ යුතුය.

ඉහත සැල­සුම් සැක­සී­මට මත්තෙන් ශ්‍රී ලංකා පාව­හන් කර්මා­න්තයේ පැවැ­ත්මට මහත් බාධා­වක් විය හැකි කඩ­තො­ළු­වක් වහාම පිළි­යම් කිරී­මට ඇත.

මෙය විශේ­ෂ­යෙන්ම වැද­ගත් වන්නේ චීන අර්ථි­කයේ ප්‍රබල නිෂ්පා­ද­න­යක් වන පාව­හන් සඳහා තීරු­බදු පන­වන බව ඇමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙනි.

ශ්‍රී ලංකාවේ පාව­හන් නිෂ්පා­ද­ක­යාගේ ආර­ක්ෂ­ණය පව­තින්නේ බදු­ මත පමණි. “දේශ­සීමා බාධක බදු” වශ­යෙන් දැනට මෙම රක්ෂ­ණය හඳුන්වා විශේ­ෂ­යෙන් චීන ශ්‍රී ලංකා නිද­හස් වෙළෙඳ ගිවි­සුම මඟින් මෙම බදු සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරීමේ සූදා­න­මක් ඇත.

එහෙ­යින් එවැනි පිය­ව­රක් මතු රජ­යක් ක්‍රියා­ත්මක කර­නවා නම් දැනට වෙළෙ­ඳ­පො­ළෙහි පාව­හන් නිෂ්පා­ද­නය පම­ණක් නොවත වෙනත් භාණ්ඩ ස්වදේ­ශීය වෙළෙ­ඳ­පො­ළෙහි ස්ථාවර තත්ත්ව­යක් ඇති තීරු බදු රහිත භාණ්ඩ සිය­ල්ල­ටම තීරු බදු පැන­වීම අත්‍ය­වශ්‍ය වේ. දැනට පාව­හන් අප­න­ය­නයේ ප්‍රමු­ඛ­යන් වන චීනය, ඉන්දි­යාව, විය­ට්නා­මය. කාම්බෝ­ජය යන සෑම රටක් ම තීරු බදු පාව­හන් සඳහා පනවා අග­යෙන් අඩු පාව­හන් ආන­ය­න­යට සීමා පමු­ණුවා ඇත.

එම නිසා මෙම විශාල කඩ­තො­ලුව වසන චීන - ඇමෙ­රිකා ආර්ථික යුද්ධයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස අප කර්මා­න්ත­යට හිමි­විය හැකි මහා විනා­ශය මුලින්ම වළ­ක්වා­ලී­මෙන් පසුව කර්මා­න්තය ගැන තද­බල ලෙස ප්‍රති­ප­ත්ති­යන්හි අත්‍ය­වශ්‍ය වෙන­ස්කම් හා සැල­සුම් කිරී­මට කාලය මෙය වේ.

Comments