AURA වෙතින් අලි එළවන හඳුන්කූරක් | සිළුමිණ

AURA වෙතින් අලි එළවන හඳුන්කූරක්

කීර්ති­මත් HDDES සමූ­හ­යට පූර්ණ අනු­බ­ද්ධිත සමා­ග­මක් වන D'las Internationalසමා­ගම විසින් පසු­ගි­යදා අති විශේෂ නව්‍ය­ක­රණ නිෂ්පා­ද­න­යක් වන වන අලින් පළවා හැරිය හැකි සුවඳ දුම් කූරක් පර්යේ­ෂණ මට්ට­මින් අත්හදා බැලීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජන­ප්‍රි­ය­තම සුවඳ කූරු සන්නා­ම­යක් වන AURA නිෂ්පා­ද­නය කරන D'las Internationalසමා­ගම ඊට අම­ත­රව ජන­ප්‍රිය සහ උසස්ම තත්ත්වයේ සුවඳ විල­වුන් නිෂ්පා­ද­නයේ ලත් අත්දැ­කීම් සම්භා­රය උප­යෝගී කර­ගෙන මෙම නව නිෂ්පා­ද­නය නිර්මා­ණය කර ඇත්තේ සිය සමාජ සත්කාර වෑය­මක් වශ­යෙනි. මෙම නව සුවඳ දුම් කූර මේ වන විට නික­ර­වැ­ර­ටිය සහ ගල්ග­මුව යන වන අලි තර්ජ­නය බහුල ප්‍රදේ­ශ­වල වන ජීවී නිල­ධා­රීන් විසින් අත්හදා බල­මින් පවතී. මේ යටතේ නික­වැ­ර­ටිය නාවාන ප්‍රදේ­ශයේ ගම්වා­සීන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා දීමද පසු­ගි­යදා වන­ජීවී නිල­ධා­රීන් විසින් සිදු කෙරිණි.
 

Comments