ගෝඨාභයගේ නම ඇහුවම අපව එපා කියපු අයත් අපට ඡන්දෙ දෙනවා | සිළුමිණ

ගෝඨාභයගේ නම ඇහුවම අපව එපා කියපු අයත් අපට ඡන්දෙ දෙනවා

 

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය වැඩ­ව­ර්ජ­න­යක් කළා. එහි චෝද­නා­වක් තියෙ­නවා සීමා­වා­සික පත් වීම් ප්‍රමාද වුණා කියලා?

එහෙම ප්‍රමා­ද­යක් නෑ. ඒ අය මෙවර සටන් කළේ උතුරු නැඟෙ­න­හි­රට වෙනම ලිස්ට් එකක් තියෙන්න ඕනේ කියලා. මං එය දෙන්නේ නැති බව කිව්වා. යුද්ධය අව­සන් වෙලා අවු­රුදු 10ක් වෙනවා. දැන් වෙනම ලිස්ට් ඕනෑ නෑ. උතුරු නැඟෙ­න­හි­රත් ශ්‍රී ලංකාවේ එකම කොට­සක් විදි­හට සල­කලා අර්බු­ද­කාරී තත්ත්ව­යක ඉන්න අයට විත­රක් අවු­රුදු දෙකක් සඳහා අනු­යුක්ත කර­නවා. මේ අව­ස්ථාව ප්‍රයෝ­ජ­න­යට අර­ගෙන තමයි ඔවුන් පහළ කණ්ඩා­ය­ම්වල අය දේශ­පා­ල­නය සඳහා බඳවා ගත්තේ. මෙවර ඒ අව­ස්ථාව ගන්නට ඔවුන්ට බැරි වුණා. එයයි ඔවුන්ට තියෙන ලොකුම කන­ස්සල්ල.

සුදු­සු­කම් නැති අයට වෛද්‍ය පත්වීම් දුන් බවත් ඔවුන් කිය­නවා?

ඒවා මෙඩි­කල් කවු­න්සිල් එකට අයිති දෙයක්නේ. එහි ඉන්නේ GMOA එක මිසක් මම නෙවෙයි. ඒ අයට පුළු­වන් නව­ත්වන්න. උසා­වි­යත් එක්ක හැප්පෙන්න පුළු­වන් නම් ඒ අයට ඒක කරන්න බැරි ඇයි. GMOA එකෙත් ඒ ලෙවල් නැති අය ඉන්න­වානේ. ඒකනේ ඒ අයගේ ප්‍රති­ඵල ඒ අයට මතක නැත්තේ. ඒවා පැරණි තීන්දු. උසා­වි­යට ගිහින් නඩු ඇහුවේ ඒකයි. ඒ අයම තමයි නඩු කීවේ. පැර­දුණේ. අභි­යා­චනා කළේ. මිලි­යන ගානක් මෙඩි­කල් කවු­න්සිල් එකේ මුදල් විය­දම් කර­වලා විනාශ කළේ ඔවුන්. වෘත්තිය සමිති අර­ග­ල­ව­ලින් ඒවා විස­ඳන්න බෑ. ඒවා අධි­ක­රණ ක්‍රියා­මාර්ග.

රජයේ රෝහ­ල්වල ඖෂධ නෑ කියන එකත් විශාල චෝද­නා­වක්?

රජයේ රෝහ­ල්වල ඖෂධ තියෙ­න­වාද නැද්ද කියලා GMOA අය දන්නේ කොහො­මද? එසේ නම් ඒ ගැන හොඳින්ම දන්නේ AMS (Association Medical Specialists). ඔය කතා කරන එක්කෙ­නක් හරි පහු­ගිය අවු­රුදු පහ­කට හය­කට එක ලෙඩෙක් බලලා තියෙ­න­වාද කියලා අහන්න ඕනෑ. කිසිම කෙනෙක් ලෙඩෙක් බලලා නෑ. AMS එකේ අය වැඩ කර­මින් තමයි ඔවුන් වෘත්තිය සමිති පව­ත්වා­ගෙන යන්නේ. හෙද වෘත්තීය සමිති, පැරා මෙඩි­කල් වෘත්තිය සමිති, ඖෂ­ධ­වේ­දීන් මේ වගේ චෝදනා කරන්නේ නෑ. රෝහ­ල්වල බෙහෙත් ඖෂධ නෑ කියන කොට ඒ රෝහ­ල්වල අධ්‍ය­ක්ෂ­ව­රුන් කිය­නවා ඒ ඖෂධ තියෙ­නවා කියලා. MSG එකේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාත් කිය­නවා ඖෂධ වර්ග තියෙ­නවා කියලා. ඖෂධ කීප­යක ඇතැම් අව­ස්ථා­ව­ලදී නැති වෙන්න පුළු­වන්.

වැඩ­ව­ර්ජ­නය දිගින් දිගට ගියොත් ලෙඩුන්ට තමයි දුක් විඳින්න වෙන්නේ?

දිගින් දිගට යන්නේ කොහෙද? සංකේත වැඩ­ව­ර්ජ­න­යත් අත­ර­ම­ඟදී නැව­තු­ණානේ. වෙනදා ඒ අය ස්ට්‍රයික් කළාම ජාතික රෝහලේ එක් වෛද්‍ය­ව­ර­යෙ­කු­වත් වැඩ කළේ නෑනේ. වැඩ­ව­ර්ජ­නය දවසේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ­යෙත් වෛද්‍ය­ව­රුන් වැඩ කළානේ. කිසිම ක්ලිනික් එකක් නැවැ­ත්තුවේ නෑ. වැඩ වර්ජ­න­යෙන් කිසිම හානි­යක් නෑ. මේක GMOA එක කරපු අසා­ර්ථ­කම වැඩ­ව­ර්ජ­නය.

අපේක්ෂා රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා සහ FIGHT FOR CANCER අර­මු­දල අතර ගැටු­මක් ඇති වෙලා තියෙ­නවා?

FIGHT FOR CANCER අර­මු­දල කර­න්නෙත් අර­මු­දල් එකතු කිරීම. එයින් ලීනි­යර් ඇක්ස­ලේ­ටර් එකක් ගත්තා. මම ලීනි­යර් ඇක්ස­ලේ­ටර්ස් 13ක් මෙර­ටට ගෙන්වලා තියෙ­නවා. එයින් තුනක් අපේක්ෂා රෝහ­ලට දීලා තියෙ­නවා. එත­කොට අධ්‍ය­ක්ෂ­ව­රයා කියන කතාව හරි. තව ලීනි­යර් ඇක්ස­ලේ­ට­ර්යක් අවශ්‍ය නෑ. කොහේ දාන්නද? ලීනි­යර් ඇක්ස­ලේ­ට­ර­යක් සඳහා සම්පූ­ර්ණ­යෙන්ම ආව­ර­ණය කරන ලද බංක­ර­යක් හදන්න ඕනෑ.

2007 වසරේ විතර පරණ මොඩ්ල් එකක් ගත්තේ අද මුද­ලට ගණන් හදලා. මම 2018 නව­තම උප­ක­ර­ණ­යක් ගත්තා. ඒක නිසයි අධ්‍ය­ක්ෂ­ව­රයා අහන්නේ මොක­ටද තව අලුත් උප­ක­ර­ණ­යක් කියලා. නමුත් අර­මු­දල දෙන්නේ නොමි­ලෙනේ. හැම එක­ක­ටම විස­ඳු­මක් තියෙ­නවා. වෙනත් රෝහ­ල­කට හරි යවන්න පුළු­වන්. ඒත් ශ්‍රී ලංකාවේ හැම රෝහ­ල­ක­ටම මේ උප­ක­ර­ණය ගේන්න හැම තැන­කම ඊට සුදුසු බංකර් පොළොව යට හද­නවා.

වකු­ගඩු රෝගීන් සම්බ­න්ධව තවම විස­ඳු­ම­කට ඇවිත් නැති වගක් තමයි පේන්න තියෙන්නේ?

2017 වසරේ සිට උතුරු මැද පළාතේ වකු­ගඩු රෝගීන් සංඛ්‍යාව එක්ද­හස් ගණ­කින් අඩු වෙලා තියෙ­නවා. එසේ අඩු වෙන්න හේතු තියෙ­නවා. මේ රටේම තිබුණේ හිමෝ­ඩ­ය­ල­සිස් යන්ත්‍ර 223යි. ගිය වසර අව­සන් වන විට 500 දක්වා වැඩි වුණා. මේ වසර වන විට යන්ත්‍ර 1000 දක්වා වැඩි කර­නවා. අනෙක් පැත්තෙක් ආරෝ ප්ලාන්ට්ස් දෙමින් ජලය පිරි­සුදු කළා. ඒවා තමයි වකු­ගඩු රෝගීන් අඩු වෙන්න හේතුව.

ඒ වගේම අපි අලු­තින්ම හෝම්ඩ­ය­ල­සිස් උප­ක­රණ ගේනවා. රෝගීයා රාත්‍රියේ උප­ක­ර­ණයේ ස්විච් එක ඔන් කරලා නිදා­ගත් විට උදෑ­සන වන විට ඩය­ල­සිස් වෙනවා. උදේ සාමාන්‍ය විදි­හට රැකි­යා­වට යන්න පුළු­වන්. ගොවි­යාට වුණත් එසේ කරන්න පුළු­වන් වෙනවා.

රත්න­පු­රෙ­නුත් අලු­තින්ම වකු­ගඩු රෝගීන් වාර්තා වෙල තියෙ­නවා?

හැම තැනින්ම වාර්තා වෙනවා. හඳු­නා­නො­ගත් වකු­ගඩු රෝගීන් එසේ වාර්තා වෙන්නේ. අද හැම හද­වත් රෝගී­යෙ­කුම ස්ටෙන්ත් එක නිසා ජීවි­තය ගලවා ගන්නවා. පිළිකා රෝගීන් දැන් ජීවත් වෙනවා. ඇසේ සුද සහිත රෝගීන් හැම­ටම අද කාච ලැබිලා ඇස් පේනවා. ශ්‍රව­ණා­ධාර නොමි­ලයේ දෙන නිසා රෝගීන්ට ඇසෙ­නවා. උත්ප­ත්ති­යෙන්ම කන් නොඇ­සෙන දරු­වන් සඳහා අද ශල්‍ය­ක­ර්මය කර­නවා. ඒ නිසා ඔවුන්ට කන් ඇසෙ­නවා වගේම ඒ නිසා කතා කර­න්නත් පුළු­වන්. බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් කිරී­මෙන් ජීවි­ත­යක් බේරා ගැනීම අප­හ­සුයි අපේ වගේ සාමාන්‍ය රට­වල. යුරෝ­පීය රට­වල් වගේ නෙවෙයි, අපේ රට­වල ආසා­ද­න­ව­ලින් තොර පරි­ස­ර­යක් සකස් කිරීම අප­හ­සුයි. ඒ සඳහා වෙනම ස්ථාන හදන්න ඕනෑ. එයින් දෙකක් අද හදලා තියෙන්නේ. තව හයක් හදන්න නිය­මි­තයි. ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙන්නේ.

වෙන දා MRI වාර්තා­වක් ගන්න විනාඩි 57ක් ගියා අද විනඩි තුන­කින් ගන්න පුළු­වන්. ස්කෑන් රිපෝර්ට් එකක් එදා රුපි­යල් 12500යි. අද නොමි­ලයේ ගන්නේ.

අලුත් පෙර­මු­ණක් හැදුවා. නම විත­රක් වෙනස් කරලා පරණ තැටි­ය­මද දුව­වන්න හදන්නේ?

අලුත්ම දෙයක් මේක. නම වෙනස්; ලාංඡ­නය වෙනස්; කාර්යා­ලය වෙනස්; ලේක­ම්ව­රුන් වෙනස්; ඒකේ නාය­ක­යෙක් කියලා නෑ; සභා­ප­ති­ධු­රය විත­රක් යූඑන්පී එකට දීලා තියෙ­නවා. ඒක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී විදි­හට තීන්දු අර­ගෙන ඉදි­රි­යට යන දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් හදන්න සූදා­නම්. ඒකට පක්ෂ විත­රක් නෙවෙයි සිවිල් සංවි­ධාන රාශි­යක් එකතු වෙනවා.

අගෝස්තු 5 වැනි­දාට පෙර සියල් සංවි­ධාන විත­රක් එක­සිය ගාණක් මුණ­ගැ­හිලා තියෙ­නවා. බෝඩ් ලෑලි සංවි­ධාන නෙවෙයි ඒ. බෝඩ් ලෑලි පක්ෂත් මට කතා කළා මේකට සම්බන්ධ වෙන්න. මම බෑ කීවා. ඒවා දැන් පොහො­ට්ටුවේ තියෙ­නවා. කවු­රු­හරි එහෙම නෑ කීවොත් පසුව මම ඒ නම් කිය­න්නම්. තව පක්ෂ පහ­ළො­වක් විස්සක් එක්ක කතා කළා. ඒවා­යින් සම­හර ඒවා වාමා­ශික පක්ෂ. මෙවර තමයි වාමාං­ශික පක්ෂ ඉති­හා­සයේ පළමු වතා­වට යූඑන්පී එක සමඟ එක පෙර­මු­ණ­කට එන්නේ. උතුරු නැඟෙ­න­හිර පළා­ත්වල සංවි­ධාන අපිත් සමඟ එකට ඉන්නවා. අපි දේදුනු සංවි­ධා­න­යක් හදන්නේ. රාජ­ප­ක්ෂ­ලාගේ පවුල විත­රක් තනි කරලා මැති­ව­රණ ව්‍යාපා­රය ආරම්භ වෙන කොට අනෙක් ඔක්කොම මෙතැ­න­වට ගේනවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශක්ති­මත් අපේ­ක්ෂ­ක­යෙකු ගෙන එන බව ඔබ කිය­නවා?

ඉතා ශක්ති­මත් අපේ­ක්ෂ­ක­යෙක්. රාජ­පක්ෂ පාලන කාලයේ මිය­ගිය අයගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් එයි අපේ වේදි­කා­වට. හිංසා­වට ලක්වුණු පවු­ල්වල සාමා­ජි­ක­යන් එයි. ඔවුන්ට හිංසා කළේ කොහො­මද කියලා ඔවුන් කියයි. එවිට උත්තර දෙන්න වෙයිනේ.

ඒ කාලේ මිය­ගිය අයගේ සිරුරු උස්ස­ගෙන ආණ්ඩුව දැන් ඉස්ස­ර­හට යනවා කියලා චෝද­නා­වක් තියෙ­නවා?

මේ සැරේ උස්ස­ගෙන යන්නේ මිය­ගිය අයගේ පවුලේ සාමා­ජි­ක­ය­න්මයි.

මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­ර­යාත් කිය­නවා දෙවැනි මනා­පය ගණන් කිරීමේ සම්භා­වි­තා­වක් ගැන.

දෙවැනි මනා­පය ගණන් කළොත් අපිනේ දිනුම්. ගෝඨා­භ­යට දෙවැනි මනා­පය දෙන්න කෙනෙක් නෑ. තුන්වැනි අපේ­ක්ෂ­ය­ක­යාට මනා­පය දෙන කෙනෙක් අපට දෙවැ­නි­යට මනා­ප­යක් දෙයි. ඒ ඡන්ද­දා­ය­කයා කව­දා­වත් ගෝඨා­භ­යට මනා­පය දෙන්නේ නෑ.

තාමත් ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා යූඑන්පී අපේ­ක්ෂ­යෙක් ඉදි­රි­පත් කර නෑ?

අපි දෙන්නේ අන්ති­ම­ටනේ. ඉංග්‍රීසි කිය­ම­නක් තියෙ­න­වානේ අන්ති­මට හිනා වෙන පුද්ග­ලයා තමයි දිග­ටම හිනා වෙන්නේ කියලා. ඒ නිසා ඒ අය අඬ අඬ හිනා වෙන්න පුළු­වන්. අපි හිනා වෙන්න පටන් ගත්තාට පසුව දිග­ටම හිනා වෙලා ඡන්දය අව­සන් වුණු දව­සට හොඳ­ටම හිනා වෙනවා.

ජය­ග්‍ර­හ­ණය ඒකා­න්තයි කියලා විශ්වා­සද?

ඒකා­න්තයි. අපි වැඩ පටන් ගන්නේ සිය­යට 30කින්. ඒ අය බින්දුවේ ඉඳලා. ගෝඨා­භය තමයි ඒ අයට හොඳම කියලා ඒ අය හිත­නවා. නමුත් ගෝඨා­භය තමයි ඒ අයට නර­කම අපේ­ක්ෂ­කයා. ගෝඨා­භ­යගේ නම කියපු හැටියේ අපට බැණ බැණ හිටපු අයත් අපට ඡන්දය දෙන්න තීන්දු කරලා ඉව­රයි. ඔවුන් ගෝඨා­භය අපේ­ක්ෂකයා කිරීම ගැන කියන්න තියෙන්නේ ජය­වේවා කිය­ලයි.

ආණ්ඩු­වට ජය­ග්‍ර­හණ ගැන එත­රම් විශ්වා­ස­යක් තිබුණා නම් ඇයි මැති­ව­රණ කලින් නොතිබ්බේ?

අපි රට හද­න්නත් එපැයි. අපි ආවේ රට හදන්න. පොහො­ට්ටුව තමයි ඡන්ද ඉල්ලන්නේ. අපි දැන­ටත් ඡන්දය පැත්තක තියලා සංව­ර්ධන වැඩ. ඒ අතර තමයි අපි ඡන්ද­යට යන්නේ.

Comments