මෛත්‍රී ජන­පති කළේත් ඒබ්‍ර­හම් ලින්කන් කළ දේමය! | සිළුමිණ

මෛත්‍රී ජන­පති කළේත් ඒබ්‍ර­හම් ලින්කන් කළ දේමය!

 

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා විසින් රාජ්‍ය නාය­කයා මෙන්ම සේනා­ධි­නා­ය­කයා ලෙස තමන් සතු ව්‍යව­ස්ථා­නු­කූල බලය අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමු­දා­ප­ති­ව­රයා ලෙස මේජර් ජෙන­රල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කි­රීම කවර රට­කට, කවර සංවි­ධා­න­ය­කට, කවර ජන කොට්ඨා­ස­ය­කට හෝ අභි­යෝ­ග­යට ලක් කළ නොහැකි බව අපි සෘජුව ම ද, නිර්භය ව ද, පැහැ­දි­ලිව ද ප්‍රකාශ කර­න්නෙමු. ඒ වූ කලී ස්්‍ෛවරී, ස්වාධීන රාජ්‍ය­යක් ලෙස අපට තිබෙන පරම අයි­ති­යක් බව මේ රටට ආද­රය කරන නිද­හස, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, සාධා­ර­ණ­ත්වය ගරු කරන සියලු ජන­තා­වද එක­හෙළා පිළි­ගනු නිසැක ය. එහෙත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ පත්වීම අනු­මත කර, එයට අත්සන යෙදූ නිල ලිපි­යෙහි තීන්ත වේළී­ම­ටත් පෙර ඇමෙ­රි­කාව ඒ පිළි­බ­ඳව සිය නොස­තුට හා කන­ස්සල්ල ද පළ කළේය. ඇමෙ­රි­කාව සමඟ එක්වෙ­මින් කැන­ඩාව, යුරෝපා සංග­මය මෙන්ම දෙමළ සන්ධා­නය ද එයට සිය විරෝ­ධය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මානව හිමි­කම් කවු­න්සි­ලයේ ප්‍රධානි මිෂෙල් බැෂ්ලේගේ විරෝ­ධ­යත් එයට එක් වී ඇත. මේ හැර බට­හි­ර­ය­න්ගෙන් යැපෙන අධි­රාජ්‍ය ගැති ඇන්ජීඕ නඩ ද ඉතා ස්වාභා­වික ලෙස ඒ ඊනියා විරෝ­ධ­යට පක්ෂ ව සිටිති.

ශ්‍රී ලංකාවේ යුද හමු­දා­ප­ති­ව­රයා පත් කිරීම රාජ්‍ය නාය­ක­යාගේ ස්වෛරී තීර­ණ­යක් බවත්, ඒ පත්කි­රීම සම්බ­න්ධ­යෙන් විදේශ පාර්ශ්ව මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළි­බඳ තීරණ හා අභ්‍ය­න්ත­රික පරි­පා­ල­න­මය ක්‍රියා­ව­ලීන්ට බල­පෑම් කිරී­මට උත්සාහ දැරීම යුක්ති සහ­ගත නොවන්නා සේම, එය පිළි­ගත නොහැකි ක්‍රියා­වක් බව ද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය එයට ප්‍රති­චාර දක්ව­මින් නිවේ­ද­නය කර තිබිණි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අභීත තීර­ණය මෙන්ම විදේශ අමා­ත්‍යාං­ශයේ සෘජු ප්‍රති­චා­රය බොහෝ දෙනෙ­කුගේ ප්‍රශං­සා­වට ලක්ව තිබේ. අපේ ජනා­ධි­ප­ති­තු­මාට සේනා­ධි­නා­ය­කයා ලෙස හමු­දා­පති පත් කිරී­මට නොහැකි නම් ඒ සේනා­ධි­නා­ය­කම කුම­ක­ට­දැයි සමාජ මාධ්‍ය ජාලය ඔස්සේත් ප්‍රශ්න කර තිබුණි. සැබැ­වින් ම අපට තිබෙන ප්‍රශ්නය ද එයයි. ස්වාධීන රටක් ලෙස වසර හැත්තෑ­ව­ක­ටත් වැඩි කලක් ගෙවූ අපට රටේ අභ්‍ය­න්තර කට­යුතු සඳහා කිසි­ව­කුගේ අනු­මැ­ති­යත් අවශ්‍ය නැත. මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා යනු මෙරටේ බහු­තර ජන­තාව විසින් තෝරා පත්කර ගන්නා ලද රාජ්‍ය නාය­කයා ද වේ. ඒ ජනතා අභි­ම­තය පරිදි මේ රට මෙහෙ­ය­වීමේ වග­කීම ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමිව තිබෙන ව්‍යව­ස්ථා­නු­කූල බල­යකි. එසේ නම් ඇමෙ­රි­කා­වට හෝ ලෝකයේ ඕනෑම සුපිරි බල­ව‍ත­කුට හෝ අපගේ එකී ස්වාධීන අයි­ති­යට බාධා කිරී­මට හර­ස්වී­මට ඉඩක් තිබිය නොහැ­කිය. එහෙත් ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හිමි­කම් නොතකා, දේශ­පා­ලන හා සදා­චාර සීමා­ව­ලට ද උඩින් පැන නඟන මේ විරෝ­ධය කුමක්ද?

මේජර් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙ­හිව යුද අප­රාධ චෝදනා නැඟී ඇති හෙයින් මේ පත්වීම නොකළ යුතු බව මේ විරෝ­ධතා නඟන්නෝ කියති. මෙහිදී මූලික වශ­යෙන්ම මතු කළ හැකි සාධා­රණ ප්‍රශ්න කීප­යක් තිබේ. මේ කියන යුද අප­රාද චෝදනා තහ­වුරු කිරී­මට පිළි­ගත හැකි සාක්ෂි තිබේද? ශවේන්ද්‍ර සිල්වාගේ යුද මෙහෙ­යුම් නිසා නිශ්චි­ත­වම අග­ති­යට පත්වූවෝ සිටිත්ද? එහි වින්දි­තයෝ සිටිත්ද? අනෙක් අතට ඇමෙ­රි­කා­වට මෙබඳු චෝද­නා­වක් නැඟී­මට තිබෙන පාරි­ශු­ද්ධ­භා­වය කුමක්ද? අප දන්නා පරිදි මේ යුද අප­රාධ චෝදනා ලැයි­ස්තුවේ ඇමෙ­රි­කා­වට තිබෙන කුප්‍ර­කට ප්‍රසි­ද්ධිය අප්‍ර­මාණ ය. ඇමෙ­රි­කාවේ අත්ත­නෝ­ම­තික හා සාප­රාධී මැදි­හ­ත්වීම් වලට වන්දි ගෙවන රට­වල් අතර ඉරා­කය, සිරි­යාව, ලිබි­යාව මෙන්ම ඇෆ්ග­නි­ස්ථා­නය ද සිටියි. ඉරා­කයේ සදාම් හුසේන්ට අත් කළ ඉර­ණම ගැන ඇමෙ­රි­කා­වට කිව හැක්කේ කුමක්ද? මේ රට­වල ගැහැනු පිරිමි පම­ණක් නොව ලක්ෂ ගණන් දරුවෝ ද ඇමෙ­රි­කාවේ යුද කාමයේ ගොදුරු බවට පත් නොවූවෝ ද? ඇමෙ­රි­කානු ප්‍රහාර වලින් ඇෆ්ග­නි­ස්ථා­නයේ හා පකි­ස්ථා­නයේ සිවිල් වැසි­යන් මිය යෑම පිළි­බඳ ව ඇමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ දකුණු හා ආසි­යානු කලාප භාරව සිටි රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්ටද එදා යුද අප­රාද චෝදනා එල්ල විය. එසේ නම් අපට ඇඟිල්ල දිගු කරන ඇමෙ­රි­කා­වට රට­වල් කීයක ඇඟිලි ලක්ෂ කීයක් දිගු විය හැකිද? ඇමෙ­රි­කාවේ ප්‍රචණ්ඩ ඉති­හා­සය ගැන ලෝකය ම දනිති.

එදා සුප්‍ර­කට ඇමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යකු ව සිටි ඒබ්‍ර­හම් ලින්කන් සිය රටේ උද්ග­තවු බොදු­ම්වාදී සිවිල් යුද්ධයේ මෙහෙ­යුම් බාර කළේ ජන­රාල් ග්‍රාන්ට් නමැති සෙන්ප­ති­ය­කුට ය. ඔහු යුද ශක්ති­යෙන් සතු­රන් පරා­ජය කළේ ය. පසුව ඔහු ඇමෙ­රි­කානු යුද හමු­දා­පති ධුර­යට පත් කිරී­මේදී මානව හිමි­කම් වලින් බර­ප­තල විරෝ­ධ­තා­වක් එල්ල විය. එහෙත් එහිදි ලින්කන් කි‍වේ ජන­රාල් ග්‍රාන්ට්ට කෙබඳු යුද අප­රාද චෝදනා නැගු­නත් ඔහු සිය මව්බිමේ වීර­යකු බව ය. ලින්කන් යනු කුඩා දරු­වන්ට පවා සවන් දුන් නාය­ක­යෙකි. ග්‍රේසි බෙඩ්ල් නැමැති 11 හැවි­රිදි දැරි­යක් විසින් ලියන ලද ලිපි­යක් හා එයින් ජනා­ධි­ප­ති­ව­රයා වෙනස් වූ ආකා­රය පිළි­බඳ ව ද ලෝක ප්‍රකට පුව­තක් තිබේ. එසේම ජගත් කීර්ති­මත් සාහි­ත්‍ය­ධ­ර­යකු වූ ලියෝ තොල්ස්තෝයි ලින්කන් හැඳි­න්වූයේ ඔහු මිහි­ත­ලය මෙන් විශිෂ්ට ජනා­ධි­ප­ති­ව­ර­යකු බව ය. ලින්කන්ට ඇමෙ­රි­කාව පම­ණක් නොව ලෝකය ම ගෞරව කරන්නේ ඔහු තුළ වූ දේශා­භි­මා­න­යත් මානව ගුණ­යත් නිසා ය.

මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා ද ඒ කීර්ති­මත් රාජ්‍ය නාය­ක­යන්ගේ ඉති­හා­ස­යට අයත් නුතන රාජ්‍ය නාය­ක­යකු බව ඔහුගේ මේ ප්‍රති­චා­ර­යෙන් මනාව තහ­වුරු වේ. එදා ප්‍රභා­ක­රන්ගේ කුරිරු ත්‍රස්ත­වා­දීන්ට එරෙ­හිව සිදු කළ මානු­ෂික මෙහෙ­යු­ම්වල බිහි­සුණු ස්වරූ­පය කෙබ­ඳු­දැයි අමු­තු­වෙන් කිව­යුතු නැත. ශවේන්ද්‍ර සිල්වා බඳු සෙන්ප­ති­යන්ගේ කැප­වීම්, දිවි පිදීම් නොව­න්නට මේ රට ඊළාම් දේශ­යක් වනු නිර­නු­මාන ය. එයට ඉඩ නොදුන් රණ­වි­රු­වන් දංගෙ­ඩි­යට රැගෙන යෑමේ වෛරය බට­හිර ඇතැ­මුන්ගේ මෙන්ම පර­ගැති ඇන්ජීඕ නඩ­වල ද ලේ සමඟ මුසු වී තිබෙ­න්නකි. එදා ප්‍රභා­ක­රන් ගලවා ගැනී­මට අසි­හි­යෙන් මෙන් මේ රටට දිව ආ මිලී­බෑන්ඩ්ලා, බර්නාඩ් කුෂ්නර්ලා. (බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇම­ති­වරු) මෙහිදි අපට සිහි වේ. ඇමෙ­රි­කාව පම­ණක් නොව කොළඹ එක්සත් ජාතීන්ගේ නිල­වල සැක සහිත හැසී­රීම් කොප­මණ තිබු­ණිද? කොටි කඳ­වුරු නඩත්තු කළ මාරි අම්මලා කොටින්ට කිරි පොවද්දී අහක බලා ගෙන සිටි බට­හිර ඇතැම් අයට තිබෙන්නේ ද සිංහ­ල­යන් සමග වෛර­යක් බව සැඟ­විය නොහැ­කිය.

ශ්‍රී ලංකාවේ සිදු වූ මානු­ෂික මෙහෙ­යුම පිළි­බද ලෝක­යට මැවූ බොහෝ ව්‍යාජ හා විරූපී චිත්‍ර වල හිමි­කා­ර­ත්වය ඇත්තේ ද ඒ බට­හි­ර­යන්ට හා උන්ට ගැති­කම් කරන ඇන්ජීඕ කාර­යන්ට ය. චැනල් ෆෝ නාලි­කාවේ දුෂ්ට මෙහෙ­යුම් සමඟ ජිනීවා ගිය යුද අප­රාද මල්ල අස­ත්‍යය මත පද­නම් වූ බොරු චෝදනා බවද හෙළිවී තිබේ. එදා මෙරටේ යුද අප­රාධ සිදු වූ බවට චෝදනා පත්‍ර සකස් කළ ඇමෙ­රි­කාව ඒ ඉති­හා­සය වමාරා කන්නේ­දැයි අපි නොද­නිමු. මානව හිමි­කම් කවු­න්සි­ලයේ ප්‍රධානි මිෂෙල් බැෂ්ලේත් අද ශවේන්ද්‍ර සිල්වා විරෝ­ධ­යෙන් ආතුර වී සිටිනු පෙනේ. එහෙත් මේ මානව හිමි­කම් මණ්ඩ­ලය දූෂිත ආය­ත­න­යක් ලෙස චෝදනා නඟ­මින් ඉන් ඉවත් වූ ඇමෙ­රි­කාව යළිත් ඒ වලට ම පැනීම තර­මක් විස්මය දන­ව­න්නක් ද වේ. මෙහිදී තවත් කරු­ණක් මතු කළ යුතුය. එනම් 2010 සිට 2015 දක්වා ඇමෙ­රි­කාවේ රැදී සිටි­මින් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝ­ජිත (නියෝජ්‍ය ) ලෙස ශවේන්ද්‍ර සිල්වා දූත මෙහෙ­ව­රක් ඉටු කළ බව අපට මතක ය. එහෙත් එදා ප්‍රශ්න­යක් නොවූ ඇමෙ­රි­කාව අද සිය තානා­ප­තිනි අලිනා ට්‍රිප්ලිට්ස් උගු­ලක හිර කර තිබේද? කුමක් වුවත් මේ සියලු පිරිස් පසු පස දෙමළ ඊළා­ම්වා­දයේ සෙව­ණැලි වැටී තිබේ නම් අපි පුදුම නොවෙමු. එනිසා මේ යුද අප­රාධ චෝද­නා­වල සුජා­ත­භා­වය බර­ප­තල සැක­යට තුඩු දෙන්නක් නොවේද?

ඇමෙ­රි­කාවේ මේ ප්‍රති­චා­රය දේශ­පා­ලන අංශ­වල දැඩි අව­ධා­න­යට යොමු වුවත්, ඇමෙ­රි­කා­වෙන් ලැබෙන ප්‍රදාන නිසා ආණ්ඩු­වේම සම­හරු මේ පිළි­බඳ මුනි­වත රකි­තියි තවත් චෝද­නා­වක් ද තිබේ. ඇමෙ­රි­කා­වට අව­ශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකා­වට බල­පෑම් කර තම දේශ­පා­ලන හා ආර්ථික අර­මුණු සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීම බව ද සම­හරු කියති. ඇමෙ­රි­කාවේ එක් ප්‍රාන්ත­යක සිට තවත් ප්‍රාන්ත­ය­කට යන්නාක් මෙන් ඇමෙ­රි­කානු සොල්දා­දු­වන්ට අවි දර­මින් නිල ඇඳු­මින්ම මේ රටට ඇතුළු වීමට අවශ්‍ය වී තිබෙන බව ද සම­හරු කියති. මොන ක්‍රම­ය­කින් හෝ ගිවි­සුම් වලට එක­ඟව එබඳු ක්‍රියා­කා­ර­කම් සිදු­වීමේ අන­තු­රක් තිබේද යන්න දන්නේත් ආණ්ඩුව පමණි. රටක් වශ­යෙන් අපට ආර්ථික ප්‍රශ්න තිබෙන බව රහ­සක් නොවේ. එහෙත් ඒ වෙනු­වෙන් ඇමෙ­රි­කාවේ තෙර­පුම් වලට අප යටත් විය යුතු නැති බව පම­ණක් කිව යුතුය. ජගත් ප්‍රසා­ද­යට පාත්‍ර වූ ඉන්දීය ඇග­මැ­ති­ව­ර­යකු වූ ජව­හ­ර්ලාල් නේරු වරක් ප්‍රකාශ කළේ ආසි­යාවේ හෝ අප්‍රි­කාවේ හෝ ‘එහෙයි’ කිය­න්නන් මින්මතු නොසි­ටිනු ඇති බවත් අපි බල­වක් රට­වල මිත්‍ර­ත්වය අගය කළත් ඔවුන් හා අසුන් ගත හැක්කේ සහෝ­ද­ර­යන් ලෙස බවත් ය.

ඇමෙ­රි­කාව වේවා බ්‍රිතාන්‍ය වේවා වෙන ඕනෑම රටක් වේවා අප කුඩා රටක් ලෙස සලකා සිය අධි­ප­ති­වාදී බල­යෙන් මත්ව අපට බල­පෑම් කරන්නේ නම් එය අවි­නීත හා අශ්ලීල දේශ­පා­ලන මූග්ධ ක්‍රියා­වකි. එදා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහතා සඳ­හන් කළේත් ආසි­යාවේ පිහිටි රට­වල් වලින් වැඩි සංඛ්‍යා­වක් අධි­රා­ජ­ය­වා­දීන්ගේ යටත් විජිත බවට පත්වීම නිසා අලු­තින් නිද­හස ලද රට­වල් දෙස ඒ බල­ව­තුන් ඇස් හකු­ලුවා බලන බව ය. දේශ­පා­ලන අවුල්, ආර්ථික අර්බුද ජාතීන් අතර අස­ම­ගිය වැනි දුබ­ල­තා­ව­ලට උදව් කරන ලීලා­වෙන් මේ බල­වත්හූ අපට විවිධ බල­පෑම් කරති. නිද­හස හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඉගැ­න්වී­මට ද ඔවුහු ඉදි­රි­පත් වී සිටිති. ඒ සඳහා නිර­න්ත­ර­යෙන්ම තෝරා ගනු ලබන්නේ ද ඒ ඒ රට­වල් අභ්‍ය­න්ත­රයේ සංවි­ධාන, පුර­වැ­සි­යන් හා දේශ­පා­ලන ව්‍යාපාර ආදි­යයි. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය තුළ ගොනු වි සිටින ඇතැම් ආය­තන වුවද අප වැනි රට­වල් වලට හිස එස­වී­මට ඉඩ දෙන්නේ ඉතා අඩු­වෙනි.

ඇත්ත වශ­යෙන් ම දසක තුනක් ඉක්ම වූ යුද්ධ­යක අමි­හිරි මතක මෙන්ම සුව නොවූ තුවාල උතුරේ අහි­සංක ජන­ම­නස තුළ තිබිය හැකිය. එහෙත් ඒ තුවාල සුව කිරීම වෙනු­වට ඒවා පාර­මින් දේශ­පා­ලන ඵල නෙලා ගන්නා බොහෝ දෙමළ නාය­ක­යන් මෙන්ම දෙමළ ඊළා­ම්වා­දීන්ට රැක­ව­ර­ණය දෙන ඇමෙ­රි­කාව, කැන­ඩාව, ප්‍රමුඛ බට­හි­ර­යන්ගේ බල­පෑම්, කුහක මැදි­හ­ත්වීම් අප බුද්ධි­මත්ව වටහා ගත යුතුය. ඒ දේශ­පා­ලන විඥා­නය හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂට මෙන්ම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ද තිබේ. එනිසා මෛත්‍රී කිසි දිනක ඇමෙ­රි­කා­වට හෝ අන් කව­ර­කුට හෝ දේශ­පා­ලන කප්පම් දිමට ද සූදා­නම් නැත.

ඉන්දි­යාවේ ගාන්ධි පාලන සම­යේ­දීත් අපට යම් යම් බල­පෑම් හා මැදි­හ­ත්වීම් කළ බවද රහ­සක් නොවේ. ශ්‍රී ලංකාවේ අභ්‍ය­න්තර කට­යුතු වලට ඉන්දි­යාව මැදි­හත් වූ ආකා­රය පිළි­බ­ඳව සිය අත්දැ­කීම් විස්තර කර­මින් එදා (1985-89 ) ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ කොම­සා­රිස්ව සිටි ජේ.එන්.ඩික්සිත් විසින් ලියන ලද ‘කොළඹ භූමි­කාව’ කියවා බැලීම අප වැනි රට­වල දේශ­පා­ලන නාය­ක­යන්ට ප්‍රයෝ­ජ­න­වත් වනු නිසැ­කය. ඉන්දි­යාව ලංකා­වට ඇඟිලි ගැසුවේ තම රටේ ජාතික ආර­ක්ෂාව පිළි­බ­ඳව ඇති වූ බිය නිසා වුවද දෙමළ ජන­තාව වෙනු­වෙන් ඉන්දි­යාව මැදි­හත් විය යුතුය යන තමි­ල්නා­ඩුවේ තෙර­පී­මද එයට හේතු වී ඇත. එහෙත් විදේශ ප්‍රති­ප­ත්ති­යක හොඳ යහ­පත් ගුණය වන්නේ ආචා­ර­ධර්ම මත පද­නම්ව තම ජාතික නිද­හස සුරැ­කෙන කරුණු මිත්‍ර­ශී­ලිව විසඳා ගැනීම බව ඩික්ෂිත් යෝජනා කරයි. දේශ­පා­ලන හා තානා­පති මට්ට­මින් රට­කට බල­පෑම් කිරීම සදා­චා­රා­ත්මක නොවන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ වෙනම ඊළ­මක් ක්‍රියා­ත්මක කර­වීම සඳහා මුල් වූ බල­වේග අදත් අන්ත­ර්ජා­ති­කව ක්‍රියා­ත්මක වන බව අප තේරුම් ගත යුතුය. එහි අලුත් ප්‍රති­චා­රය ශවේන්ද්‍ර සිල්වා අභි­නව යුද හමු­දා­ප­ති­ව­ර­යාට එරෙ­හිව නැඟෙන විරෝ­ධය බව අප වටහා ගත යුතුය. හින්දු සාහි­ත්‍ය­යෙහි එන චීරා­භි­වා­ද­න­ය­කින් කියැ­වෙන්නේ ජන­නිය හෙවත් මව ද, ජන්ම භූමිය හෙවත් මව්බිම ද ස්වර්ග­යට වඩා උතුම් බව ය. ඉන්දීය ආධ්‍යා­ත්මය පුබුදු කළ මහා කවි­යකු වූ රවි­න්ද්‍ර­නාත් තාගෝර් එවන් නිද­හසේ ස්වර්ග රාජ්‍ය­යට මාගේ දේශය අවදි කළ මැන­වැයි ජාති­යට හඬගා කියද්දී අපේ රටේ ස්වදේ­ශි­ය­ත්ව­යට මෙන්ම දේශ­ප්‍රේ­ම­යට ද සර­දම් කරන්නෝ කොතෙ­කුත් සිටිති. එබදු පසු­බි­මක මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් ශවේන්ද්‍ර සිල්වා බඳු දේශ­ප්‍රේමී රණ­වි­රු­වකු මෙරටේ ජාතික ආර­ක්ෂාවේ ප්‍රබල වග­කී­මක් සඳහා පත් කිරීම ඵෙති­හා­සික සිදු වීමකි. ජන­ප­තිගේ ඒ ක්‍රියාව අලීනා ට්‍රිප්ලීට්ස් නෝනා මහ­ත්මි­යගේ කන­ස්ස­ල්ලට හේතු වුවත් එය මෙරටේ ස්වදේ­ශි­ක­ත්වය අග­යන මාතෘ­භූ­මියේ නිද­හ­සට ගරු කරන බහු ජන­තා­වගේ අස්වැ­සි­ල්ලට හේතු වන බව ලියා තැබිය යුතුය.

එසේම රාජ්‍ය දූත සේවය සඳහා මේ රටට පැමිණ අනිසි මැදි­හ­ත්වීම් කළ බ්‍රිතාන්‍ය මහ කොම­සා­රිස්ව සිටි ඩේවිඩ් ග්ලැස්ටන් මහතා කළ සුන්දර වර­දට රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා විසින් දක්වන ලද ප්‍රති­චා­රය ද මෙවේලේ සිහි­යට නැගෙයි. කුමක් වුවත් අපේ ජාතික අභි­මා­නය හෑල්ලු කරන කාහට වුවද අප හිස නැමිය යුතු නැත.

Comments