ශ්‍රීල­නි­ප­ය­ටත් අපේ­ක්ෂ­ක­යෙක් දාන්න හැකි­යාව තිබෙ­නවා | සිළුමිණ

ශ්‍රීල­නි­ප­ය­ටත් අපේ­ක්ෂ­ක­යෙක් දාන්න හැකි­යාව තිබෙ­නවා

 

රට තුළ තිබෙන්නේ කල­බැ­ගැනි තත්ව­යක් කියලා බොහෝ දෙනා කිය­නවා. ඇයි ඒ?

මම හිතන විදි­යට නම් එහෙම කල­බැ­ගැ­නි­යක් නැහැ. එක එක්කෙනා තමන්ගේ දේශ­පා­ලන පක්ෂ තුළ ඇති අස්ථා­ව­ර­භා­වය රැක ගැනී­මට උත්සහ කර­නවා. මේ තුළින් යම් යම් පාර්ශ්ව­යන් රට අස්ථා­වර බව මෙන් ම ප්‍රශ්න තිබෙන බව ඒත්තු කර­නවා. මේවා රටේ ප්‍රශ්න විදි­යට නොවෙයි දැකිය යුත්තේ ඒ ඒ පක්ෂයේ ප්‍රශ්න හැටි­ය­ටයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ජනා­ධි­පති අපේ­ක්ෂයා ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා නම් කරන බවට අද මාධ්‍ය වාර්තා­වල සඳ­හන් වෙනවා. මෙහි සත්‍ය­තා­ව­යක් තිබෙ­න­වාද?

මගේ පෞද්ග­ලික තොර­තු­රු­ව­ලි­නුත් පක්ෂයේ තොර­තු­රු­ව­ලි­නුත් මෙවැනි නම් කිරී­මක් පිළි­බ­ඳව තොර­තුරු නම් කොහෙත්ම නැහැ. අනික පක්ෂය මේ පිළි­බ­ඳව සාක­ච්ඡා­වක් සිදු කර­ලත් නැහැ මෙතෙක්.

හැබැයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මධ්‍යම කාරක සභා­වෙන් යෝජ­නා­වක් කර තිබෙ­නවා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් අපේ­ක්ෂ­ක­යෙක් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලන්න කියලා.

ඒ වගේ ම පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඉල්ලී­මක් කර තිබෙ­නවා නැවත ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලන්න කියලා. මේ ඇරෙන්න පක්ෂය ඇතුළේ වෙනත් යෝජනා පිළි­බ­ඳව සාකච්ඡා කර නැහැ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කෙ­යකු ඉදි­රි­පත් කරන්න බලා­පො­රොත්තු වන්නේ නැද්ද?

ඇත්තට ම අප එවැනි තීර­ණ­යක මෙතෙක් නැහැ. හැබැයි අවශ්‍ය වුව­හොත් ශ්‍රීල­නි­ප­ය­ටත් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙකු ඉදි­රි­පත් කර­න්නට හැකි­යාව තිබෙ­නවා. ඒ වෙන කිසි­වෙකු නොවෙයි වර්ත­මාන ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තායි. ඔහුට ඒ සඳහා සුදු­සු­කම් සියල්ල ම තිබෙන බව අපගේ මත­යයි.

පොදු­ජන පෙර­මුණ සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අතර සන්ධා­න­ගත වීම දිනෙන් දින කල් යනවා. ඇයි එහෙම වෙන්නේ?

මේ සාකච්ඡා කරන්නේ ඇත්තට ම එකට හිටපු පාර්ශ්ව­යන් දෙකක්. දේශ­පා­ලන මත ගැටුම් ඉවත ලා එක රාමු­ව­කට එකතු වීම තමයි සිදු විය යුත්තේ. ගම් මට්ට­මින් මත­යක් තිබෙ­නවා. මේ දෙපා­ර්ශ්වය එකතු වීම තුළ මැති­ව­රණ පහ­සු­වෙන් ජය­ග්‍ර­හ­ණය කළ හැකියි කියලා.

පොහො­ට්ටුව සාකච්ඡා අව­සන් වීමට පෙර ඔවුන්ගේ පක්ෂ­යෙන් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු නම් කර තිබෙ­නවා. ඒ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තායි. මේ සම­ඟම සාකච්ඡෘ ආප­ස්සට ගිය නමුත් බිම් මට්ට­මින් අපට ප්‍රකාශ කර­නවා. මේ සාකච්ඡා නැවත ආරම්භ කරන්න කියලා. ඒ අනුව ඉදි­රි­යේදි මෙම සාකච්ඡා නැවත ආරම්භ කරලා එහි ඵල­දා­යි­තා­වය මත අපි තීර­ණය කර­නවා ඉදිරි දේශ­පා­ලන ගමන පිළි­බ­ඳව.

කොහොම වුණත් දෙපා­ර්ශ්වයේ ම ගෞර­වය රැක ගන්න විදි­යට දෙපා­ර්ශ්වයේ ම බිම් මට්ටමේ දේශ­පා­ලන සහ­යෝ­ගය රැකෙන විදි­යට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගත හැකි අයු­රින් මෙම සාකච්ඡා අව­සන් කර­න්නට හැකි වනු ඇතැයි අප බලා­පො­රොත්තු වෙනවා.

පොදු­ජන පෙර­මුණ විසින් ඔවුන්ගේ ජනා­ධි­පති අපේ­ක්ෂයා ලෙස හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නම් කර තිබෙ­නවා. ඔහු ජය­ග්‍ර­හ­ණය කරයි කියලා ඔබ හිත­න­වාද?

ඇත්තට ම ඒ තීර­ණය හරිද වැර­දිද කියලා අපට කියන්න බැහැ. පොදු­ජන පෙර­මුණ ඔවුන්ගේ අපේ­ක්ෂ­කයා නම් කර තිබෙ­නවා.

අපිට කියන්න පුළු­වන් පක්ෂ දෙක එකතු වෙන­වාද නැද්ද යන්න පිළි­බ­ඳව විත­රයි. පක්ෂ දෙක එකතු වුණාම ඉදි­රි­පත් කරන නාය­කයා සුදුසු ද ඔවුන‍්ගේ ප්‍රති­පත්ති කව­රේද යන්න පිළි­බ­ඳ­වත් අපි සැල­කි­ලි­මත් වෙනවා.

අප සන්ධා­න­ගත වෙලා රටට යහ­පත් හොඳ වැඩක් කිරී­ම­ටයි කට­යුතු කළ යුත්තේ. කලින් ආණ්ඩුව සිය­යට අනූ­වක් හොඳ වැඩ කළා. සිය­යට දහ­යක් නරක වැඩ කර­න්නට ඇති. අන්න ඒ නරක වැඩ නිසා ජන­තාව ඒ ආණ්ඩුව ගෙදර ඇරියා.

වර්ත­මාන ආණ්ඩු­වට තිබෙන චෝද­නාව සිය­යට දහ­යක් ‍ෙහාඳයි සිය­යට අනූ­වක් වැර­දියි කියලා ජන­තාව කිය­නවා. ජන­තාව හිතන්නේ ඒ විදි­යට. ඒ නිසා අප රටට ඵල­දායි වැඩක් සිදු කරන සන්ධා­න­ය­කට අප එකතු වී ඒවා ක්‍රියා­ත්මක කළ යුතුයි.

සජිත් ප්‍රේම­දාස ඇම­ති­ව­රයා අග­මැ­ති­ව­රයා හැටි­යට පත්ක­රන බවට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කිහි­ප­යක ප්‍රචා­රය වෙනවා. මෙහෙම කළ හැකිද? මෙය සත්‍ය­යක්ද?

වර්ත­මාන අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට බහු­තර කැමැත්ත තිබෙන බව පවසා වර්ත­මාන රජය එක්සත් ජාතික පෙර­මුණ විසින් පිහි­ටුවා ගනු ලැබුවා.

මේ වන විට එම පක්ෂය තුළ අභ්‍ය­න්තර අර්බු­දය ඇති­වෙලා තිබෙ­නවා. එය මේ වන විට දැඩි ලෙස වර්ධ­නය වී තිබෙ­නවා.

මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩා­යම ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලු­ව­හොත් වෙනත් අයෙකු අග­මැ­ති­ව­ර­යකු ලෙස පත් කරන ලෙසට ජනා­ධි­ප­ති­ව­ර­යාට නව අග­මැ­ති­ව­ර­යකු පත් කිරී­මට සිදු වෙනවා. එය සජිත් ද වෙනත් අයෙකු ද යන්න කිය­න්නට බැහැ. ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ ගැන ක්‍රියා කිරී­මට සිදු­වන්නේ ආණ්ඩු­වක් ගෙන යාමට අග­මැ­ති­ව­ර­යකු අවශ්‍ය නිසයි. මෙය එක්සත් ජාතික පක්ෂයේ අර්බු­දය නිසා නොවෙයි රට ඉදි­රි­යට ගෙන යාමට ජනා­ධි­ප­ති­ව­ර­යාට අග­මැ­ති­ව­ර­යකු ප්‍රමුඛ රජ­යක් අවශ්‍ය වන නිසායි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ජනතා විමුක්ති පෙර­මුණ මේ වන විට අපේ­ක්ෂ­ක­යෙකු නම් කර තිබෙ­නවා. ඒ පක්ෂයේ නායක අනුර කුමාර දිසා­න­යක මහතා. ඔබ හිත­න­වාද මොහු ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරාවි කියා?

ජනතා විමුක්ති පෙර­මුණ අපේ­ක්ෂ­ක­යකු නම් කර ඉතා හොඳ රැලි­යක් පැවැ­ත්වුවා. එය ඉතා ශක්ති­මත් ජන­රැ­ලි­යක් ලෙසත් පෙන්වා දිය හැකියි. ඒ වගේම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තවත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නෙකු ම ඉදි­රි­පත් වෙනවා. මේක හොඳ තත්ත්ව­යක්. හොඳ ප්‍රණ­තා­වක්.

Comments