යට­ගම පෙර­හර මංග­ල්‍යය | සිළුමිණ

යට­ගම පෙර­හර මංග­ල්‍යය

යට­ගම ශ්‍රී නාග­ව­නා­රාම පුරාණ විහා­ර­ස්ථා­නයේ නේත්‍ර ප්‍රති­ස්ඨ‍ා­පන සැම­රුම නිමිති කොට වස­රක් පාසා පැවැ­ත්වෙන පෙර­හැර මංග­ල්‍යය ඊයේ ඇරැඹී සැප්තැ­ම්බර් 04 වැනි දා දක්වා උත්ක­ර්ෂ­වත් ලෙසින් පැවැ­ත්වී­මට සීනාදී සිවු කෝර­ලයේ ප්‍රධාන සංඝ නායක යට­ගම ශ්‍රී නාග­ව­නා­රා­ධි­පති රාජ­කීය පණ්ඩිත ශාස්ත්‍ර­පති, යට­ගම ධර්ම­කීර්ති ශ්‍රී ඉන්ද­වි­මල උද­ය­ධ­ම්මා­භි­ධාන නායක ස්වාමීන් වහන්සේ කට­යුතු සූදා­නම් කොට ඇත.

යට­ගම ශ්‍රී නාග­ව­නා­රාම පුරාණ විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­ප­තිව වැඩ සිටි අප­වත් වී වදාළ සීනාදී සිවු කෝර­ලයේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය නාල­පහ වින­යා­චාර්ය ධර්ම­කීර්ති ශ්‍රී රත­න­පාල ඉන්ද­වි­ම­ලා­භි­ධාන නායක හිමි­යන්ගේ සංක­ල්ප­යක් අනුව 1992 වසරේ ඇරඹි මෙම නේත්‍ර ප්‍රති­ස්ඨා­පන පෙර­හැර මංග­ල්‍යය මෙවර පැවැ­ත්වෙ­නුයේ 27 වැනි වර­ටය.

Comments