21000ක් කොළඹට එන බෝරා සමු­ළුව ලබන සතියේ | සිළුමිණ

21000ක් කොළඹට එන බෝරා සමු­ළුව ලබන සතියේ

ට­වල් 40ක ඉහළ පෙළේ බෝරා මුස්ලිම් ප්‍රජා­වගේ එක­තු­ව­කින් සැදුම් ලත් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ.

කොල්ලු­පි­ටියේ ප්‍රධාන බෝරා මුස්ලිම් පල්ලිය කේන්ද්‍ර කර­ග­නි­මින් මෙවර සමු­ළුව පැවැ­ත්වෙන අතර, ඊට ලොව පුරා සිටින බෝරා ජාති­ක­යන් 21,000කට වැඩි පිරි­සක් සහ­භාගි වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ බෝරා ගෝලීය සම්මේ­ල­නය මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට ඉතා වැද­ගත් එකක් වනු ඇති බවට විශ්වාස කෙරෙන අතර, දැන­ට­මත් එකී සමු­ළු­වට සහ­භාගි වීමට නිය­මිත බෝරා මුස්ලිම් ජාති­ක­යන් කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශ­වල ප්‍රමුඛ සංචා­රක හෝටල් රැසක් සිය නවා­තැන් සදහා මුදල් ගෙවා වෙන් කර ඇති බවද වාර්තා වේ.

සමු­ළුව නිමි­ත්තෙන් කොළඹ නග­රය හා එකී බෝරා මුස්ලිම් ප්‍රජාව නවා­තැන් වෙන් කර­ගෙන ඇති සියලු ප්‍රදේ­ශ­වල විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­ම­ටද තීර­ණය වී තිබේ.

Comments