අන් අයට අපහාස කරන තැනැත්තා ඒ පව සංසාරය පුරා අරගෙන යනවා | සිළුමිණ

අන් අයට අපහාස කරන තැනැත්තා ඒ පව සංසාරය පුරා අරගෙන යනවා

අද අප සාකච්ජා කරන්නේ ලකු­ණ්ටක භද්දිය සුත්‍ර දේශ­නා­වයි. ‍

බුද්ධ ශාස‍නයේ හිටියා රහතුන් වහන්සේ කෙනෙක්. බුදුන්වහන්සේ ඡේතවනාරාමයේ වැඩ සිටින කාලයේ මේ ඡේතවනාරාමය ට ඈත ඉදන් එනවා; මේ නකුණ්ඩක භද්ධිය කියන තෙරුන් වහන්සේ. බුදුන්වහන්සේ අනෙක් භික්ෂුන්ට කතා කරලා කියනවා; මහණෙනි ඔබලාට පේනවා ද දුර ඉදලා එන භික්ෂුව; බුදුන්වහන්සේ උන්වහන්සේ ව හඳුන්වා දෙනවා මේ අකාරයට. දුක්ඛන්නං: එන කෙනා දුර්වර්ණ කෙනෙක්.

ඉන් පසු ව කියනවා: දුක් ඛසිතං දකින්නත් අප්‍රියයි. ඔකොහෝතිමං ‍ගොඩක් මිටි කෙනෙක්: භික්ෂුන් විසින් පරිභව කරනවා ලක්කරනවා මේ භික්ෂුව. මේ භික්ෂුව අප්‍රිය දුර්වර්ණ සිරුරක් තියෙන කෙනෙක්. බුදුන්වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ අතීත කතාව දේශනා කරනවා.

අතීතයේ මේ රහතන් වහන‍්සේ රජ කෙනෙක් වෙලා හිටියා. මේ රජතුමා මහලු අයට, කළු අයටයි; තුවාල ආදිය තිබුණ අයටයි, පුදුමාකාර විදිහට අකමැතියි. ඒ අයව දැක්කාම නින්දා අපහාස කරනවා; ඒ අයට හිරිහැර කරනවා. ඒ අ‍යගේ දරුවන් ඉදිරියේ ම නොයෙක් දේ කියලා අපහාස උපහාස කරනවා; ලැජ්ජාවට පත් කරනවා.

ඉන්පසුව සක්දෙව් රජ කල්පනා කළා; මේ රජතුමා කරන්නේ මහ අපරාධයක්, රජ කෙනකුට සුදුසු දෙයක් නොවෙයි; රජ කෙනෙක් කියන්නේ මුළු රටක් නියෝජනය කරන කෙනෙක්; නොයෙක් ප්‍රදේශවලට යනවා.

ඒ විදිහ‍ට යනකොට ඒ රජතුමා නිසා මිනිසුන් නින්දාවට අපහාසයට පත් වෙනවා. ඒ නිසා හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා සක්දෙව් කල්පනා කළා. සක්දෙවියන් මහලු වේසයක් මවලා, ගොන් කරත්තයක් මවලා මේ කරත්තයේ කිරියි වෙඩරුයි තියාගෙන කරත්ත‍යේ යනවා. මහලු දුර්වර්ණ වේසයක් තමයි සක්දෙව්රජ මවා ගත්තේ. රජතුමා ඇතාගේ පිට නැඟලා එනවා; සක් දෙවි ඒ ඉදිරියට එනවා.

‍රජතුමා කියනවා මේ මහලු තැනැත්තා පාරෙන් එළියට ඇදලා දාන්න කියලා. සක් දෙව් අධිෂ්ඨානයක් කළා සාමාන්‍ය කිසිම මිනිසකුට කරත්තයක් දකින්න ලැ‍බෙන්න එපා කියලා. ඉන්පසු මේ මහලු වේසයෙන් ආව සක් දෙව් රජ මේ කිරියි, වෙඩරුයි සක්දෙවිදුගේ ආනුභවයෙන් මේ රජාගේ ඇතාගේ අැගේ කරත්තය හැප්පුවා. ඉන්පසුව රජතුමාගේ ශරිරයේ තැවරෙන ලෙස කිරියි වෙඩරුයි ඔළුවේ වැක් කෙ‍රෙන්න දැම්මා. රජ බොහෝ අපහාසුතාවට පත් වුණා.

රජ කෙනෙක් වෙලා මෙසේ වුණේ කොහොමද කියලා හිතුවා. රජතුමා කිව්‍වා‍ මේ මනුස්සයා ඉක්මනින් අල්ලන්න කියලා. ඒත් කාටවත් පෙනුනේ නැහැ. තව සැරයක් සක්දෙවි එදා ම තවත් වතාවක් මේ කාරණාව ඒ ආකාරයට ම කළා. ඉන්පසුව කිව්වා මම මහලු කෙනෙක් නෙමෙයි: මම සක්දෙවි; රජතුමනි, ඔබතුමා කරන වරද ගැන වටහා දීමටයි මෙහෙම කළේ කියලා කිව්වා. මිනිසුන්ට අපහාස කළ නිසා, නින්දා කළ නිසා, පහත්කොට සලකපු නිසා මේ තෙරුන් වහන්සේ අන්තිම ආත්ම භ‍වයෙත් දුර්වර්ණ ශරිර ඇතිව උපත ලැබුවා.

මුන් වහන්සේ විපස්සි බුදුන්වහන්සේගේ කාලයේ කොස්වා ලිහිණියකු වෙලා ඉපදිලා හිටියා. දිනක් මේ ලිහිණියා හිමාල පර්වර්තයට ගිහින් ඉදුණු අඹ ගෙඩියක් ගේනවා. එනකොට විපස්සි බුදුරජාණන් වහන්සේ ව දැකලා කල්පනා කරනවා, මට මුන්වහන්සේ නිතර දැක්ක නමුත් කිසිම දෙයක් පූජා කරගන්න ලැබෙන්නේ නැහැ, අද නම් ප්‍රණිත අඹ ගෙඩියක් උන්වහන්සේට පුජා කරන්න ඕන කියලා. පාත්‍රයට දාන්න ඕන කියලා හිතනකොට ම බුදුන්වහන්සේ මේ පක්ෂියාගේ සිතුවිල්ල දැනගෙන පාත්‍රය හිමින් ළං කළා. ඒ පින් බලයෙන් උන්වහන්සේ ඉතා ම මිහිරි මධුර ස්වරයක් තියෙන කෙනෙක් බවට පත් වුණා.

ගෞතම බුදුන්ට පෙර බුදු බවට පත් වෙලා හිටිය මේ කාශ්‍යප බුදුන්වහන්සේ දීර්ඝායුෂ වැළඳූ බුදු කෙනෙක්. උන්වහන්සේ වැඩ හිටියා අවුරුදු විසිදාහකට වඩා කාලයක්. අනතුරුව පිරිනිවන් පෑවට පසුව ආදාහන කළාම ධාතුන්වහන්සේ කුඩා කොටස්වලට වෙන් වෙන්නෙ නැහැ; එකම බුදුරුවක් ලෙසයි පෙනෙන්නේ. එ් ධාතු ඝණ වෙනවා; එකම පිළිමයක් ලෙසයි පෙනෙන්නේ.

ඒ නිසා චෛත්‍ය හදන්න පුළුවන්. එකයි මුන්වහන්සේ පිරිණිවන් පෑවාට පස්සේ මිනිස්සු එකතු වෙලා එකම චෛත්‍යයි හදන්න තියෙන්නේ; ඒ නිසා චෛත්‍ය හදන්න බාරගත්ත පෙදරේරුවා, මේනකුණ්ටක භද්ධිය තෙරුන් වහන්සේ සහ මිනිස්සු කිව්වා යොදුන් පනහක් උසට මේ චෛත්‍ය හදමු කළා. මේ පෙදරේරුවා මේ චෛත්‍ය පොඩිකරලා ‍යොදුනක් තරම් හදමු කියලා කිව්වා. මේක හදන්න විශාල සේවකයන් පිරිසක් දාලා අවුරුදු හතකුයි මාස ගාණක් ගිහිල්ලා තියනවා. මේ නිසා මේ නකුණ්ටක භද්ධිය මේ චෛත්‍ය යොදුණක් තරමට හදන්න තීරණය කළා.

ඒ නිසා කුඩා ශරිරයක් ඇති පුද්ගලයෙක් ලෙස ඉපදුණා. බුදුන් වහන්සේ මේ භික්ෂුව පෙන්නලා අහනවා මහණෙනි, ඔබලා දකිනවාද දුර්වර්ණ ශරිරයක් ඇති මිටි භික්ෂුවක් එනවා කියලා. ඒවගේම මේ භික්ෂුවට ඇතැම් භික්ෂුන් විසින් නින්දා අපහාස කරනවා. නකුණ්ටක භද්ධිය හිමිගේ ඇගෙන් කනෙන් අත්වලින් ඇද්දා. බුදුන් වහන්සේ කියනවා, මේ භික්ෂුව පිළිබඳ යළිත් වරක් මහණෙනි, මේ භික්ෂුව මහිද්ධිකෝ ඍද්ධිබල සම්පන්නයි මහනුභාව සම්පන්නයි සාමාන්‍ය කෙනෙක් නොවෙයි.

බුදු වන්වහන්සේ කියනවා, යම් බල‍ාපොරොත්තුවක් පිණිස යම් කෙනෙක් කෙස් රැවුල් බාලා කසාවත් හැඳගෙන සම්මා සම්බුද්ධ සාසනය තුළ පැවිදි බිමට පත්වෙනවා නම්; මේ භික්ෂුව බලාපොරොත්තු වන අනුත්තර වූ ශාසන බ්‍රහ්ම චරියාව එනම් ආර්යාෂ්ටාංගික මාර්ගයේ කෙළවර දැක එනම් නිර්වාණය තමන්ම අවබෝධ කරගෙන නිවනට පැමිණිලා වාසය කරනවා කියනවා. එයින් අදහස් කරන්නේ රහතන් වහන්සේ නමක් කියලායි.

උන්වහන්සේ කියනවා නකුණ්ටභද්ධිය අහවල් ධ්‍යානයට සමාධියට සමවැදිලා; කියන්න බැරි තරම් ඕනෑ කරන සමාධියකට සමාපත්තියකට සම වැදීමට හැකි දියුණු කරන ලද මනසක් මේ මහෝත්තමයන් වහන්සේ සතු ව තිබුණා කියලා බුදුන්වහන්සේ පැහැදිලි කරනවා. වනාන්තරයේ ඕනෑ තරම් සතුන් ඉන්නවා; මේ කොච්චර සතුන් සිටියත් මේ සතුන් සියල්ල සිංහයාට බයයි.

ශරීරය ගත්තාම අශ්වයා, ගවයා අලියාට වඩා පුංචියි; නමුත් සිංහයාට හැම ‍සතෙක් ම බයයි. සිංහයා නාදයක් කළත් බයයි. බුදුන් දේශනා කළා; ඒ වගේ බුද්ධිමත් නුවණ ඇති කෙනෙක් වයසින් අඩුවෙන්න පුළුවන්; ඒ වගේ ශරිරයෙන් පුංචි වෙන්න පුළුවන්; නමුත් තිරිසන් ගත සතුන් අතර සිංහයන් වගේ පූජණීය අග්‍ර වෙනවා. මේ ශරී‍රයේ ප්‍රමාණය මනුස්සයාගේ ගුණ ධර්ම වැඩීම්වලට බලපාන්නේ නැහැ කියලා සදහන් කළා.

මෙය පැහැදිලි කරලා‍ දෙන්නේ නකුණ්ටක භද්ධිය තෙරුන් වහන්සේගේ රූපයේ අඩුව වැදගත් නොවෙන බව පෙන්වා දිමටයි.

මේ සුත්‍රයේ වඩා වැදගත් වන වචනයක් පිළිබදව බෞද්ධාගමිකයකු ලෙස අපි ඉතා හොඳින් වටහා ගත යුතුයි. එනම් 'බ්‍රහ්ම චරිය පරියෝ සානං' කියන වචනය බුද්ධ සාසනයේ බ්‍රහ්ම චරිය කියලා කියන්නේ කුමක්ද කියලා, අපි මෙහිදී යම් ප්‍රමාණයකට පැහැදිලි කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ බ්‍රහ්ම චරියාවත්; බ්‍රහ්මචරියාව කියන වචනෙයෙන් හඳුන්වනු ලබනවා. එයත් ශාසනයේ ආර්ය ආශ්ඨාංගික මාර්ගය බ්‍රහ්ම චරියාව කියන වචනයෙන් හඳුන්වනු ලබනවා. නිවන හඳුන්වනු ලබන්නේ බ්‍රහ්ම පරියෝසානං කියලා. ආර්යය මාර්ගයේ කෙළවර කියලා මේ බ්‍රහ්ම චරියාව එනම් සාසන බ්‍රහ්ම චරියාව ගැන මම කතා කරන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනයි මා මෙහිදි කතා කරන්නේ. මෙය දියුණු කරගත යුතු කෙනෙක් මුලින් ම ප්‍රගුණ කළ යුතු දෙයක් තියනවා.

එයට පාලියෙන් කියනවා 'සිල විසුද්ධි' කියලා. ඒ කියන්නේ සීලය පිරිසිදු කරගන්නට ඕන, එකම ශික්ෂා පදයක් කැඩිලා තියෙන කෙනකුට ඒ ශික්ෂාවන් ඒ විදිහටම කැඩිලා තියෙද්දි භාවනා කර ප්‍රතිඵල ලබන්න බැහැ; හිත තැන්පත් වෙන්නේ නැහැ; සමාධිගත වෙන්නේ නැහැ. ඔබෙ සීලයේ අඩු කරපාඩු සකස් කරගෙන සමාදන් කරගෙනයි භාවනා කිරීම ආරම්භ කළයුතු. සීලය පිරිසිදු වන වන විට ආර්ය අශ්ටාංගික මාර්ගය වැඩෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත (යහපත් කායික ක්‍රියා) සම්මා ආජිව කියලා කියන්නේ ධාර්මිකව ජීවත් වීමයි. සීල විසුද්ධිය පස්සේ චිත්ත එනම් සිත විසුද්ධිය වර්ධනය කළ යුතුයි.

අනෙක් කාරණාව චිත්ත විසුද්ධියයි. හිත අපිරිසිදු වන්නේ නීවරණ ලෙස හදුන්වන කාමච්ඡන්දය, ව්‍යාපාදය ථීනමිද්ද, උද්දච්ච, කුක්කු‍ච්ඡාය කියන නිවරණ පහකින් තමයි සිත අපිරිසිදුවෙලා තියෙන්නේ. ආර්ය අෂ්ඨාගික මාර්ගයේ යන කෙනෙක් නම් පළමුව සීලය පිරිසිදු කරගෙන චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕන. එයිනුත් සමථ භාවනාවක් කරලා නීවරණ යටපත් කර ශාන්ත මනසක් ඇති කරගන්න ඕන. එයට තමන් කැමැති සමථ භාවනාවක් භාවිත කරන්නට ඕන. ගැඹුරු දේවල් අමාරු නම් අපි දන්නවා; අරහං බුදු ගුණයෙ බුදු ගුණ පහක් තියෙනවා.

චිත්ත විසුද්ධියට එයත් ප්‍රමාණවත් ප්‍රබල භාවනාවක් නොකළත්, එය ම නැවත නැවත සිතුවොත් විනාඩි හතළිහක් විතර එය එක ඉරියව්වෙන් කළ යුතුයි.

හිත තැන්පත් කරල පංච නිවරණය යටපත් කරගැනිම සිදු වෙනවා. චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ ආර්යය ආශ්ඨාංගික මාර්ගයේ අංග තව තුනක් පරිපූර්ණ වෙනවා. මේ උත්සාහය සම්මා ව්‍යායාමයයි.‍

මේ උත්සාහය තුළ අකුසල් ප්‍රහාණය වෙනවා; කුසල් උපදිනවා; නූපන් උපදින්නේ නැහැ; උපන් අකුසල් යටපත් වෙනවා. උපන් කුසල් වැඩිවෙනවා; එක අරමුණක හිත පිහිටුවා අරමුණ සිහි කිරීමෙන් සතිය ඇතිවෙනවා; එහි අවසන් ප්‍රතිඵලය සිත සමාධිගත වීමයි. එතකොට කියන්නේ සම්මා සමාධි කියන අංගය පරිපුර්ණ වෙනවා. හිත තැන්පත් වෙනකොට චිත්ත විසුද්ධිය ඇතිවෙනවා. චිත්ත විසුද්ධිය කිව්වාම හිත ධාන්‍යයක් ඇති වෙනවා නම් ගොඩක් හොඳයි.

විනාඩි ගානක් හිත එකඟ කරගන්න; එක අරමුණක තබා ගන්න; හිත දියුණු කරගත යුතුයි. මේ බ්‍රහ්ම චරියාව පුර්ණ කෙනා ඉන්පසුව කළ යුතු දේ තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. එම දිට්ඨි දෙකයි; එනම් සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨියයි. දිට්ඨිය කියන්නේ දෘෂ්ටිය කියලා කියන එකයි. සම්මා අපි තුළ මිච්ඡා දිට්ඨිය නැහැ; ශ්‍රවකයා තුළ තියෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාවටයි. විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු කරනවා, පිවිතුරු කරනවා කියන එකයි. ශ්‍රාවකයා ‍කොහොමද පිරිසිදු වෙන්නේ? එයට ධර්මයේ පෙන්වා දෙනවා විදර්ශනා කියලා භාවනාවක්. විදර්ශනා භාවනාවෙන් මුලින් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නෙමෙයි.

එය තෙරුම් ගැනීමයි මුලින් බලාපෙ‍ාරොත්තු වෙන්නේ. මුලින් අපේක්ෂා කරන්නේ නාමරූප, පරිච්ඡේද ඥානය කියලා. සත්ත්ව රූප යනු නාම රූපදෙකක්. නාමය කියලා කියන්නේ වේදනා, සඤ්ඤා, සංකාර, විඤ්ඤාාන කියල කියන ස්කන්ධ හතරට . නාම කියන නමින් හඳුන්වනු ලබනවා පංච උපාදානස්කන්ධයේදී. නමුත් පටිච්ඡ සමුප්පාදයේදී නාම කිව්වාම වේදනා, සඤ්ඤා, සංකාර කියන තුන විතරයි. නමුත් පංච උපාදානස්කන්ධය බෙදීමේදී වේදනා, සඤ්ඤා. සංකාර, විඤ්ඤාන කියන හතරම නාම ලෙස හඳුන්වනු ලබනවා. රූප කියලා ඉන්පසු හඳුන්වනු ලබන‍්නේ සතර මහාධාතුන්ගේන් හට ගත්ත දෙයයි.

විදර්ශනා වඩන කෙනෙක් මුලින් කළ යුතු දේ තමයි නාම රූප දෙක වෙන් කර මැනවින් හඳුනා ගැනීම. තමන්‍ට ඇහෙන් දකිනවා වගේ මේ දේවල් ප්‍රත්‍යක්ෂව වෙන්කර කර දකින්න බලන්න පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් හටගත් ධාතුන් වෙන් කරන්න පුළුවන්. මේ දැකීම පිණිස උත්සාහවත් විය යුතුයි. තීක්ෂණ බුද්ධිමතුන්ට ආනාපාන භාවනාව වැනි ක්‍රමවලින් මේ නාමරූප ටික දකින්න පුළුවන්.

ඒ නිසා හැමකෙනෙකුට ම එය සාර්ථක නැහැ. ධාතුමනසිකාරයෙන් ධාතුවෙන් කරලා බලන‍ එකයි වඩා පහසුවෙන්නේ. එය මුලින්්‍ ම කෙස්, ලොම්, නිය, දත්... කියලා පඨවි ධාතුන් විස්සක් තියනවා පිත ලේ සෙම් ලේ යනුවෙන් ජලය වැනි අපෝ ධාතු කොටස් දොළහක් ද උෂ්ණත්වයේ තේජෝ ධාතු හතරක් ද තියෙනවා. සුළඟ නැතිනම් වායෝ ධාතු හයක් තියෙනවා.

එතකොට හතළිස් දෙකක් වෙනවා. මේ හතළිස් දෙක වෙන් කරලා බලනවා. එහි එකක් වෙන් කරන හැටි මම උදාහරණ ලෙස කියන්නම්: ඒ අනුව අනෙක් කෙ‍ාටස් ඔබට වෙන් කරන්න පුළුවන්; ‍එනම් මුලින් ම සැහැල්ලු වෙන් වාඩිවෙලා තෙරුවන්ට ජිවිතයෙ පුජා කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත යොමු කරනවා. උඩ ඉදලා තමන්ගේ සිරුර දිහා බලනවා වගේ හිඳිමි හිඳිමි කියලා හිතනවා. නොයෙක් අරමුණ වලට ගිය හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත තැන්පත් වෙනකොට තමන්ගේ කේස කලාපයන්ට හිත යොමු කරනවා.

ඉන්පසු හිතනවා මේ කෙස් ගසෙහි ඇති තද ගතිය පඨවි ධාතුවයි; කෙස් ගසක් යනු රූප කලාප සමුහයක්; මේ කෙස්ගස එකට බැඳතබා තියන ස්වභාවය අපෝ ධාතුවයි. කාලයක් මෙනෙහි කරන කොට රූප කලාප‍ තෙරුම් ගන්නට පුළුවන් වෙනවා. එකට බැඳිලා තියෙන හැටි වැටහෙන්න පුළුවන්. රූප කලාපයේ කුඩා අංඥාවල උෂ්ණත්වය තේජෝ ධාතුවයි.

කලක් යනකොට නුවනට හසු වෙනවා මෙහි පිම්බෙන හැකිළෙන ස්වභාව. වයෝ ධාතුවයි ඉන්පසු කේසයන් හි වර්ණය; වර්ණ රූපයයි, කෙස් ගසේ ඇති ගන්ධ රූපයි. කෙස් ගස්වල ඇති රසය රස ධාතුවයි. එහි තියනවා ඕජාවක්; කායික සාරයක් තියනවා; ඒ ඔජා රූපයයි. ස්ත්‍රියක් මෙහි ඇති ස්ත්‍රි භාව රූපයයි. මෙහි තියෙන ජීවත් වෙන ස්වභාවය ජීවිතේන්ද්‍රීය ස්වභාවයයි. ‍මේ පඨවි, අාපෝ, තේජො, වායෝ හතරයි වර්ණ, ගන්ධ, රස, ඕජා මේවාට කියන්නේ ශුද්ධාෂ්ටක කියලයි. මේවා පිරිසිදුයි. මේවා කඩන්න බිඳින්න බැහැ. භාව රූප කියන ස්ත්‍රි පුරුෂ ස්වභාවය, පණ තියන ස්වභාවය යන මේවා බෙදමින් බලනවා.

ඉන්පසුව අනිත්‍ය වශයෙන් බලන්නේ නැහැ, බෙදනවා විතරයි. කාලයක් බෙදන්න බෙදන්න රූප ටික වෙන් කරලා හඳුනාගන්න පුළුවන් වෙනවා. ඒ හඳුනා ගැනීමෙන් පසු ව මෙහි නාම ධර්ම වැ‍ටහෙන හැටි දන්නා කෙනෙකුගෙන් අසා දිට්ඨි විසුද්ධිය සම්පාදනය මැනවැයි.

Comments